මහනුවර පොලිස් ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්
ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.පදිංචිව සිටියේ හතරලියැද්ද පොලිස් බල ප්රදේශයේය.පහුගිය සති දෙක තුනක කාලයක සිට ඇයගේ දුර කථනයට යම් මානසික අසහනකාරයකු විසින් දිගින් දිගටම අසභ්‍ය පනිවුඩ වීඩියෝ දර්ශන හා ඡායාරූප එවන්නට පටන් ගෙන තිබේ.
ඇතැම්
අවස්ථාවල ඇයට ලැබුණේ තර්ජනාත්මක පණිවුඩය.මේ ශිෂ්‍යාව ගේ මානසික බිඳවැටීම
ඇයගේ අධ්‍යාපන කටයුතු අඩාල කරන තරමේ විය.මේ පිළිබඳව ඇය දෙමවුපියන් දැනුවත්
කිරීමෙන් පසුව සිය මව සමග හතරලියැද්ද පොලීසියට ගියේ තමන් මුහුණ පා සිටින
බරපතල තත්වය ගැන පැමිණිලි කිරීමටය.එහිදී හතරලියැද්ද පොලීසියේ කාන්තා හා ළමා
කාර්යංශය වෙත ගිය ඇයට හා මවට සිදු වූයේ පැය ගණනක් එහි බංකුවකට වී
කල්මරන්ටය.ඇයගේ පැමිණිල්ල ලියා ගන්නටවත් එහි සිටි නිළධාරිණියන් උනන්දුවක්
නොදැක්වූහ.දින දෙකක් එලෙස පොලීසියේ රස්තියාදු ගසන්නට ඇයට සිදුවිය.
ඇයත් පවුලේ අයත් පත් වූයේ අන්ත අසරණ බවටය.උදව් කරන්නටද කිසිවෙක් නැත.දුරකථනයට ලැබෙමින් පවතින අසභ්‍ය රූප අඩුවක්ද නොවීය.
කෙසේ හෝ මේ සිද්ධිය මහනුවර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකට දැනගැන්මට ලැබුණි.
ඒ
සමගම ඔහු ක්‍රියාත්මක විය.ඒ වන විටත් ඔහුට එම ශිෂ්‍යාවගේ දුරකථන අංකය ලැබී
තිබුණි.ඔහු එම ශිෂ්‍යාව හා දුරකථනයෙන් සම්බන්ධ විය.සියල්ල අසා දැන ගත්තේය.
හෙට ඇවිල්ල පුතේ මං හම්බවෙන්න.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ශිෂ්‍යාවට පැවසුවේය.
සර් හෙට පෝය දවසනේ ඒ ශිෂ්‍යාව ප්‍රශ්ණ කෙරුවේය.
ඔව්
පුතා,ඒත් මම ඔය ප්‍රශ්ණය නිසාම ඔෆිස් එනවා.ඔයා හෙට උදේට හතරලියැද්ද
පොලීසියට එන්න. එතැනින් පුතා මගේ ලඟට එක්ක ඒවි.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා
ඒ ශිෂ්‍යාවට උපදෙස් දුන්නේය.
ඉන් විනාඩි ගණනාවකින් හතරලියැද්ද පොලීසියේ මහත්වරු නෝනලා ගේ බඩ පපුව පත්තු වෙන්නට අරගෙන තිබුණි.
ඒ තමන් අතින් සිඳු වූ නොසැලකිල්ල ඉහළට වාර්තා වීම නිසාය.
පෝය
දවසේ තමන්ට හිමි නිවාඩුව පවා අමතක කරමින් අසරණ දරුවකු වෙනුවෙන් මැදහත් වූ
පොලිස් ලොක්කා ගැන අපට ඇතිවන්නේ ආඩම්බරකාර සතුටකි.අද පොලීසියට අවශ්‍ය
වන්නේ එවැනි පොලිස් නිළධාරීන්ය.
ස්තූතිවේවා ඉන්දික බණඩාරනායක ඡේ.පො.අධිකාරී තුමණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මැතිතුමන් පගාවට හෝ වෙනත් සන්තෝසම් වලට යට නොවූ කාර්යක්ෂමව රාජකාරිය ඉටුකරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු බවනම් කිවයුතුය
ReplyDelete