මේ ගැනත් හිතන්න විජිත හේරත් සහෝදරයා
ජාජබ ආණ්ඩුවේ ජනපති අනුර කුමාර දිසානායක සාහා්දරයා හොරු අල්ලනු ඇතැයි විශ්වාසය මෙරට ජනතාව තුළ තවමත් තිබෙි.එහෙත් හොරු තව ටික දවසකදී ආණ්ඩුව අල්ලාගනු ඇතැයි බියක් අපට පවතී.අපි ජනපති සහෝදරයාට බොක්කෙන්ම ආදරේය. බිය ඇති වන්නේ ඒ ආදරය නිසාමය.දැන් දේශපාලන හොරුන් හැසිරෙමින් ඉන්නේ ගැරඬින්ට බූමිතෙල් වදින ගානටය.අප මෙහිදී හොරුන් යනුවෙන් සඳහන් කෙරුවාට ඒ කුලකය අස්සේ සාහසික මිනිස් ඝාතකයන්
ජාවාරම්කාරයන් ආදී විවිධ පෝරිසාද ක්‍රියාකාරකම් සහිත කාඩයන් සිටී.අපි ලියන කියන විදියට ආණ්ඩු කරන්නත් බැරි බව අපට හොඳ වැටහීමක්ද තිබේ.අනුර සහෝදරයා ජනපති වී ගෙවී ගොස් ඇත්තේ පෝය දෙකකි.මේ පෝය දෙක තුළ සිදු කරන ලද පින්කම් හොඳටම සෑහෙන බව තක්සේරු කළ හැක්කේ අවුරුදු හැත්තෑ හයක් මේ රට පාලනය කළ හාමු කළ කී දෑ සිහියට හා පෙනෙන්ට තියෙන බැවිනි.ඇමතිවරු ,නියෝජ්‍ය ඇමතිවරු ,රාජ්‍ය ඇමතිවරු ,අධීක්ෂණ මන්ත්‍රීවරු කූට්ටම් දෙක තුනක් පාලනය කළ රට දැන් පාලනය වන්නේ තුන්දෙනෙකුගෙනි.ලයිට් තොරන් ගසා ගෙන හු කියාගෙනට්රැෆික් අස්සේ එහෙන් මෙහෙන් දමාගෙන රෙන්න බර හැදුනාම කක්කුස්සියට හදිසියේ දුවන විදියට මහ පාරේ එහෙ මෙහෙ ගිය ප්‍රභූ වාහන දැන් පාරේ දකින්නට නැත.ජනපති අනුර සහෝදරයාටත් ,අගමැති හරිණි සහෝදරියටත් නීතිය හා සාමය ඇමති විජිත සහෝදරයාටත් ඒ වාහන උණ වැළඳී නැත.ඒත් ආණ්ඩුව පත් කරන ඇතැම් පත් කිරීම් වල පරණ ආණ්ඩුවල සිටි විෂබීජවාහෙලා සිටීම ගැන අපට ඇතිවන්නේ කෝපයකි.අපි කිව්වාට ජාජබයට ආදරය කරන වුන්ය.මේ විෂබීජ වාහෙලා ජාජබ හැඩයට හැඩ ගැසී හොඳ නිලමක්කාර උපාසකයන් වෙන බවට සිතා ගෙන මෙවැනි පත් කිරීම් කරනවා වෙන්ටත් පුළුවන.නුමුත් මුන්ගේ ඇට මිඳුළු අස්සේ පත්තියන් වී ඇත්තේම වංචාව දූෂණය හා තක්කඩිකම බව අමතක කරන්නට හොඳ නැත.ජාජබයට එරෙහි විපක්ෂය කල්ලි ගැසී සිදු කරන ප්‍රහාරයන් තවමත් ජනතාව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත.ඒත් ජාජබ ආණ්ඩුව අස්සට වැදෙන තක්කඩි නිලමක්කාරයන්ට ජාජබ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්නට ඕනෑ තරම් හයිය හත්තිය තිබෙන බව ජනපති අනුර සහෝදරයා වටහා ගත යුතුය.අපට ලැබෙන අළුත්ම ආරංචිය වී ඇත්තේ බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති පත් කිරීමපිළිබඳවය.එසේ පත් කරන්නට යන්නේ මාර බඩුවකි.ඒ හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ගේ අඹුවගේ මල්ලීය.අනුර සේනානායක උන්දෑගේ කෙරුවාව ගැන අමුතුවෙන් මෙතැන ලියන්නට ඕනෑ නැත.ජාජබ ආණ්ඩුව තාජුඩීන් ඝාතනය ,ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ අරඹන්නට උපදෙස් දී තිබේ.ඒ ඝාතන කරුමයට සිද්ධ වූ මිනිස් ඝාතන බවට පොලිස් පොත් වල සටහන් දමා රාජපක්ෂවරුන් ගේ රෙදි සේදූ අනුර සේනානායක ගේ වහල් ඇබ්බැහි පුරුද්ද මස්සිනාට නැති වේ නම් එය පුදුම හතෙන් එකක් වෙන්නට ඕනෑය.අනුර සේනානායකගේ මස්සිනා බස්නාහිර පලාත තුළ සිද්ධ වූ තාජුඩීන් හා ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ කරගෙන යද්දී එම පලාතේ පොලිස් ලොක්කා ලෙස අනුර සේනානායකගේ මස්සිනා පත් කිරීම නම් මාරම මාර සීන් එකකි.ළිඳට බහින විට කඹය දෙන්න ඕනෑ මස්සිනාට යැයි අපේ ගම්වල හරුපයක් තිබේ.ඒ මස්සිනා තමන්ගේ අක්කා අනාථ වන නිසා කඹය අතාරින්නේ නැති වගකීම නිසාය.අනුර සේනානායකගේ අඹුවගේ මල්ලීටද ඒ මස්සිනා ජාන ඇති බවට කිසිම සැකයක් නැත.ඒ නිසාම විජිත හේරත් සහෝදරයා මේ පත් කිරීම ගැන එක වරක් නොව දෙවරක් තුන් වරක් හිතන්නට ඕනෑ බව අපි සිහිපත් කරමු.
මේ උන්දෑ රෙකමදාරු කෙරුවේ ජාජබය අස්සට රිංඟා පොලිස් අමාත්‍යංශයට අරක් ගෙන සිටින රාජපක්ෂලාගේ හා ටිරාන් අලස් ගේ පිල්ලියක් බවද අපට තොරතුරු ලැබී තිබේ.අමු පිලී ගඳ ගහන මේ දුෂ්චරිත වහන්තරා වලින් පොලිස් අමාත්‍යංශයේ කෙරුවාව බල්ලා මාක් වෙන බව නම් සහතිකය.එය එසේ වුව හොත් ෂර්ලොක් හෝම්ස්ලා යැයි සිතන රවි හා ශානිට ගෙදර යන්නට වෙන්නේ කොස්තාපල් පුඤ්ඤසෝම ගෙදර යනවා වාගේය.පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පොලීසිය සුද්ධ කරන්නේ කෙසේද යන්න ගැන මාර්ග සිතියමක් දැනටම සකස් කර ගෙන සිටින්නේ නම් හොඳය.එසේ නොමැතිව පිස්සු ගෑණියෙක් ඔළුවට හුජ්ජ කළ විට සිද්ධ වෙන හැසිරීමෙන් අරහෙන් මෙහෙන් පත් වීම් කරන්නට ගිය හොත් බඩු බනිස් වෙන එක ෂුවර්ය.එක එකා ගේ රෙකමදාරු වලට පොලිස් ලොක්කන් පත් කරන්නට ගිය හොත් ජාජබ ආණ්ඩුවට සිරි සඟබෝ වෙන්නට වැඩි කලක් නොයන එක නම් ස්ථිරය.අනුර සේනානායකගේ මස්සිනාට බස්නාහිර පළාත බාර දෙනවා කියන්නේද ඒ සන්තෑසියේ ආසන්නම උදාහරණය වෙන්නට පුළුවන.අපි ජාජබ ආණ්ඩුවේ කණෙන් අල්ලා ඉඳහිට මෙවැනි ආදර ටොකු අනින්නේ මේ වැරදි පෙන්වා දෙන්ට මිස ආණ්ඩුව මකබෑ කරන්නට නම් නොවේ.
Comments
Post a Comment