අනතුරු සහිතයි -ජාජබ ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු

 


මෙරට හමුදා⁣ සේවයේ සිට විශ්‍රාම ගිය ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු ලංකා දවස ඇමතීය.ඔහු තුළ පසුගිය කාලයේ ජාතික ජන බලවේගය පිළිබඳව හෝ මෙරට දේශපාලනය ගැන සුබවාදී හැගීමක් නොතිබුණි.ඔහු සිටියේ මෙරට දේශපාලනය පිළබඳව දැඩි කළකිරීමකිනි.

එහෙත් ඔහු අද ලංකා දවස ඇමතුවේ එක්තරා ආකාරයකට සතුටෙන් බව අපට සිතේ.

අනුර කුමාර දිසානායක ගැන ඇත්තටම මට පැහැදීමක් තිබුණෙ නෑ.ඔහු ගැන ඔහුගේ කණ්ඩායම ගැන විපක්ෂය සමාජය පතුරවපු දුර්මත ඒකට හේතු වෙන්නැති.මොකද මම දේශපාලනය තුළ අන් අදහස් වලින් යැපෙන්නෙක් මිසක් ඒ ගැන උනන්දු වුන කෙනෙක් නොවෙයි.ඒත් මේ නව ජනපතිවරයාගේ වැඩ පිළිවෙළ ගැන මට යම් ශුභවාදී අපේක්ෂාවක් ඇති වෙලා තියෙනවා

මා මෑතකදි ජනපතිවරයාගේ දුර්වලතාවන් දෙකක් ගැන සදහන් කරල ඔහුගේ කණ්ඩායමට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙක් අත ලිපියක් ඔහුට යොමු කෙරුවා.මම දකිනවා ඔහු ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අවධානය අඩු බව.ඒත් ඒ ආරක්ෂාව ඔහුට පැවතිය යුතුයි.වෙනත් ජනපතිවරයෙකුට වඩා ඔහුගේ වැඩපිළිවෙල තුළ ඔහුගේ සතුරන්ගේ බලපෑම ඉදිරියේදී වැඩි වර්ධනයක් සිදු විමේ ප්‍රවනතාවක් පවතින බව දකින්නට තියෙනවා.එතැනදි ජනපතිවරයා තමන්ගේ සතුරු ප්‍රතිවාදීන් ගැන සැහැල්ලු වෙන් සිතීම ඉතා බරපතල කාරණයක්. ජාත්‍යන්තරවත් දේශීයවත් ඵෙතිහාසික දේශපාලන ඝාතන සිද්ධ වෙලා තියෙන්නෙ ආරකෂාව බිඳ වැටීම නිසා.
ඒ නිසා ජනපතිවරයා ආරක්ෂාව ගැන සැළසුම් සහගත හා ශක්තිමත් වැඩපිළිවෙලකට අවධානය යොමු කළ යුතු බවටයි මා යෝජනා කෙරුවෙ.

අනික් කාරණය තමයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියන්නෙ කිසිසේත්ම විශ්වාස කළ හැකි දේශපාලඥයෙක් නොවෙයි.ඔහු අනුර කුමාර දිසානායක ජනපතිවරයාට එරෙහිව පාර්ශව ගණනාවක් මෙහෙයවමින් සිටින බව මට හැගී ගොස් තිබෙනවා.එහිදී රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඉන්නෙ එකම අභිලාෂයක බව අමතක කළ යුතු නැහැ.මේ වන විටත් ⁣යුද හමුදාවේ ගජබා වරුන් ඉන්නෙ ජනපතිවරයා ගැන පැහැදීමකින් නොවෙයි.ඒ පිටුපස කමල් ගුණරත්න ශවේන්ද්‍ර සිල්වා වගේ අයවළුන් සිටිනවා.ප්‍ර⁣වේ⁣ශම් විය යුතුයි.

මගේ ලිපියේ මා විසින් ජනපතිවරයාට යෝජනා කෙරුණ තවත් කාරණයක් වූයේ ජනතාවට ⁣දරා ගත නොහැකි තරමට මේ සංක්‍රාන්ති ⁣කාලය තුළ දේශපාලන පොරොන්දු දීමෙන් වැලකී සිටින ⁣ලෙසයි.නව පාර්ලිමේන්තුවක් පිහිටු වීමෙන් පසුව ආන්ඩුවේ ඉදිරි සැළසුම් ජනතාවට පැහැදිලි කර දිය යුතු බවයි මා සඳහන් කෙරුවෙ.

මේ හමුදා ඡ්‍යෙෂ්ඨයා අප වෙත ප්‍රකාශ කළ ආකාරයට ජනපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව සැපයීම පිළිබඳව ප්‍රශ්ණයක් හා සැකයක් අපටද තිබේ.මෑතකදී මෙරට විපක්ෂයේ දේශපාලඥයකු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගැන කළ සඳහන ඒ සැකය තවදුරටත් තහවුරු වේ.විපක්ෂයේ ඒ ප්‍රබලයා අපට පැවසුවේ ඊළඟ වසරේ පෙබරවාරි වන විට ජාජබයේ කෙරුවාව අවසන් වෙන බවය.ඔහු තවදුරටත් පැවසුවේ ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා ජනපති අනුර කුමාරගේ සිත් දිනාගෙන සිටීම තම පාර්ශවය⁣ට වාසියක් අත් කර දෙන්නක් වී ඇති බවය.ඔහු ඉන් හැඟ වූයේ ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා තම පාර්ශවයේ ට්‍රෝජන් අශ්වයා ලෙස යොදා ගෙන ඇති බව මිස වෙන අදහසක් නොවේ.මෙය බරපතල ලෙස අවධානයට ගත යුතු කාරණයකි.

මේජර් ජනරල් සලේ ඉවත් කිරීමත් සමග ජාතික බුද්ධි සේවාවේ නිළධාරීන් අතර යම් පසුතැවිල්ලක් මතුවී ඇති බවද වාර්තා වේ.ඒ මේජර් ජනරාල් සලේ බුද්ධි අධ්‍යක්ෂ වරයා ලෙස ජාතික බුද්ධි සේවාවේ නිළධාරීන්ගේ සුබ සාධනය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ සිත් දිනාගෙන සිටින නිසාය.යුද හමුදා බුද්ධි සේවාවෙි ප්‍රධානීන් සිටින්නේද තිගැස්මෙනි.⁣ඒ එහි ඉහළ ඇවරියේ හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂගේ අතවැසියන් ලෙස මෙරට සිදු වූ මිනිස් ඝාතනයන් ගණනාවකට සම්බන්ධ වූවන් නිසාය. 

මේ සියළු පාර්ශවයන් ජාතික ජන බලවේගය ආණ්ඩුව කෙරෙහි ප්‍රසාදයක් හෝ එය ආරක්ෂා කිරීමට කැප වීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීම ගැන ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය.

මේ අතරතුර අපට වාර්තා වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ පිළිබඳව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද ජයකි අල්විස් කොමිෂන් වාර්තාව හා නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් පවත්වන ලද විමර්ෂන වාර්තාව හිටපු නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් විසින් සොරකම් කර ගෙන ගොස් හිටපු අමාත්‍ය ගම්මන්පිළ⁣ වෙත ගෙන ගොස් දී ඇති බවය.ඒ තොරතුර අපට දුන්නේද මෙරට ප්‍රබල දේශපාලඥ⁣යෙකි.මේ පාර්ශවයන් රහසිගත මෙහෙයුමක නිරත වන්නේ ⁣නීතිය හා සාමය බාර අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර හට අළුත් වටයකින් ප්‍රහාරයක් එල්ල කිරීම බව පැහැදිලිය.

ජාතික ජන බලවේගයට එරෙහිව බොහෝ පාර්ශවයන් වෙන් වෙන්ව විවිධ උපාය උපක්‍රමයන් යොදා ගනිමින් ප්‍රහාරයන් හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.මේ පාර්ශවයන් වෙන් වෙන්ව ක්‍රියාත්මක වුවද මේ සියල්ලන්ගේ අවසාන අපේක්ෂාව ජාතික ජන බලවේග ආණ්ඩුව කඩා බිඳ දැමීමය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්