ගාල්ලේ ලෙකෝ විදුලිය සමාගමට කිරිපණු ගාය වැළඳිලා

 


ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව  වෙත විදුලිය සැපයීම සිඳු කරන ලෙකෝ විදුලිය සමාගම එම දිස්ත්‍රික්කයේ තම සමාගමේ විදුලිය පාරිභෝගික ජනතාව දැඩි හිංසනය⁣ට ලක් කරමින් සිටින බව වාර්තා වේ.විදුලිය බිල් ගෙවීමට වාර දෙකක් පමණ අතපසු වී ඇති විදුලි පාරිභෝගිකයන්ගේ නිවාස වලට ලුම්පන්  මදාවිකාරයන් කණ්ඩායම් එවා එම නිවෙස්වල විදුලිය විසන්ධි කරන බවට තර්ජනය කිරීමට ලෙකෝ සමාගම කටයුතු කරමින් සිටී.මෙම ලුම්පන් මදාවිකාරයන් ලෙකෝ සමාගම විසින් කුලිය⁣ට ⁣ගත් කොන්ත්‍රාත්  සමාගමකට අයත් අයවළුන් බවද අනාවරණය වේ.

මේ වන විට ලෙකෝ පෞද්ගලික විදුලි සමාගම සිය විදුලිය පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ලබා දීමක් සිදු නොකරන අතර මාසික බිල්පත එවනු  ලබන්නේ පාරිභෝගිකයාගේ දුරකථනයටය.⁣
මෙහිදී ඇතැම් පාරිභෝගිකයන් තමන්ගේ දුරකථනයට එන පණිවිඩයක් පවා කියවා ගැනීමට සාක්ෂරතාවක් නැති අයවළුන් වේ.මෙවැනි පාරිභෝගිකයන් තමන්ට විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය ලැබී ති⁣බෙිද යන්න පවා නොදනී.ලෙකෝ විදුලි සමාගම පාරිභෝගිකයන් ගේ දුරකථනය වෙත එවන විදුලි බිලද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සඳහන් කර එවීමද  විදුලිය පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට කාරණයක් වී තිබේ.

විදුලි බල පනත අනුව ගෘහාශ්‍රිත විදුලි සම්බන්ධතාවක් පරීක්ෂා කිරීමට ලෙකෝ විදුලි සමාගමේ නිළධාරීන්ට හැර බාහිර වගකීමක් නැති අයවළුන්ට නෛතික හිමිකමක් නැත.⁣එහෙත් ලොකෝ සමාගම විසින් බලය පවරා ඇතැයි පැවසෙන කොන්ත්‍රාත් සමාගමේ ලුම්පන් මදාවිකාරයන්ට ගෘහාශ්‍රිත විදුලිය මීටර් පරීක්ෂාවට හා එම විදුලි පාරිභෝගිකයන් ගේ දේපොල වලට ඇතුළුවීමට අවසර ලබා දීමද විදුලි පාරිභෝගිකයන් තැති ගන්වන ආකාරයෙන් තර්ජනාත්මකව හැසිරීමට ඉඩ දී තිබීමද බරපතල කාරණයකි.

එසේම මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ලෙකෝ විදුලිය සමාගම ලුම්පන් මදාවි කණ්ඩායම් යොදා ගනිමින් විදුලිය පාරිභෝගිකයන් බිය වද්දමින් කටයුතු කරමින් සිටින්නේ ⁣ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ අප්‍රසන්නතාවක් ඇති කිරීමට දැයි සැකයක් මතුවේ. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්