ජනපතිතුමණි මේ පිස්සු බල්ලා බැඳ දමනු
මෙරට යටි බිමි රාජ්‍යයේ සාහසික කල්ලිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් අයියා හරහාය.දැන් ඔවුන්ගේ වීරයා ටිරාන් අයියාය.ආණ්ඩුවට ඒ ගැන බුද්ධි තොරතුරු ලැබී තිබේදැයි අපි නොදනිමු.
ටිරාන් අලස් යනු ද්විත්ව ක්‍රියාකාරකම් වලින් යුතු පාදඩ තක්කඩියෙකි.
අපට
මේ වන විට ලැබී ඇති තොරතුරු වලට අනුව ජාජබ ආණ්ඩුව කැඩීම සඳහා මුදල් පොම්ප
කරන්නේ එල්ටීටී එමිල් කාන්තන්ය.එමිල් කාන්තන් හා ටිරාන් අයියා බඩ බැඳ ගත්
අඹ යාළුවන්ය.ඒ යාළු කමේ ඉතිහාසය ගැන අමුතු වෙන් අටුවා ටිකා ටිප්පණී ලියන්නට
අවශ්‍ය නැත.මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරණයට තරග කරද්දී සිය ජයග්‍රහණය
සඳහා එල්ටීටියට කප්පම් මුදල් දීම සම්බන්ධීකරණය කෙරුවේ එමිල් කාන්තන්ය.ඒ
ටිරාන් අලස් හරහාය.ඒ බව ටිරාන් අලස් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.එහෙම බලද්දී ටිරාන් අලස් යනු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ රාජද්‍රෝහියෙකි.
ජනපති
රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය ඇමති කම ටිරාන් අලස් හට දුන්නේ යටිබිම්ගත
රාජ්‍යයේ සැඟවුන නිල සාහසිකයන් හා ඔහු අතර පවතින ගජ මිතුරු සම්බන්ධතාව ගැන
දැනුවත්වමය.වික්‍රමසිංහ ජනපතිවරයා සිය බලය ආරක්ෂා කර ගැනීම
සඳහා ටිරාන් ඇතුළු සාහසික කණ්ඩායම කළමණාකරණය කර ගත්තේ දේශබන්දු තෙන්නකෝන්
හට අනීතික ආකාරයට පොලිස්පති ධුරය ලබා දෙමිනි.
මේ
වන විටත් යටි බිම් ගත රාජ්‍යයේ සාහසික අපරාධකරුවන් ටිරාන් අලස් හා කල්ලි
ගසමින් සිටී.මේ කල්ලිය ඉතා බරපතල කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බවට අපට
දිගින් දිගටම ආරක්ෂක අංශ වලින් අප හට තොරතුරු ලැබෙමින් පවතී. එම අපරාධකරුවන්ගේ සැබෑ ස්වරූපය ජාජබ ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් බොහෝ දෙනා පවා දනී.ඒ බව නොදන්නේ ජාජබ ආණ්ඩුවේ නායකයන් පමණය.
ටිරාන්
අලස් අමාත්‍යවරයාගේ ජීවිතයට බාහිර පාර්ශවයකින් තර්ජනයක් ඇතැයි යන ආරක්ෂක
තක්සේරුව මත ඔහුට සපයා ඇති ආරක්ෂාව ප්‍රශ්ණකාරීය.එහිදී මේ අපරාධකාරයාට විශේෂ
කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහකාර පොලිස් අධිකාරීවරයකු
ඇතුළු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 18 දෙනෙකුගේ ආරක්ෂාව සපයා තිබෙි. එම
විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට ටිරාන් අලස් ගේ අනියම් පෙමිවතියන් දෙදෙනාටද
ආරක්ෂාව ලබා දීමටද සිදූ වී ඇතැයි අපට ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ.
තමන්
සමග පැවැති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් වැලිගම සංචාරක නිකේතනයක හෙරොයින්
ජාවාරමක් සිදු කෙරෙන බවට අඟවා එම පරිශ්‍රයෙන් හෙරොයින් තොගයක් අත් අඩංගුවට
ගැනීම සඳහා වූ කුමන්ත්‍රණකාරී සැළසුමක් ක්‍රියාත්මක කිරීම සදහා ටිරාන්
අලස් විසින් යොදවන ලද අනීතික පොලිස් කණ්ඩායමට සිය අපරාධකාරී මෙහෙයුම නවතා
දැමීමට සිදු වූයේ වැලිගම පොලීසියෙන් එම කණ්ඩායමට වෙඩි තැබීම නිසාය.එහිදී
එම පොලිස් මැර කණ්ඩායමේ සැරයන් වරයෙක් වෙඩි වැදී මරණයට පත් විය.එම සංචාරක
නිකේතනය තුළ එදින විදේශිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න ගැන ටිරාන්
අලස්ට තොරතුරු සපයන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාය.මොහු කොස්ගොඩ
සුජීවගේ සමීපතම ඥාතියෙකි.ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීමට මේ සාහසික අපරාධය
වුවද හොඳටම සෑහේ.එහෙත් ජාජබ ආණ්ඩුව එම අපරාධය ගැන කට පුක වසා ගෙන සිටීම
ගැන අපට ඇතිවන්නේ දැඩි කණගාටුවකි.
ටිරාන් අලස්ට
එරෙහිව අළුත්කඩේ අධිකරණය තුළ විභාග වන නඩු ගණනාවකි.ඒ මොහුගේ සමාගම් වල
සේවයේ නිරතව සිට සේවක අර්ථ සාධක මුදල් නොගෙවීම සමිබන්ධයෙන් සේවකයන් විසින්
මොහුට එරෙහිව පවරා ඇති නඩුකර වේ.අවස්ථා ගණනාවකදී මේ නඩුකර වලට අදාලව
ටිරාන් අලස්ට එරෙහිව වරෙන්තු පවා නිකුත් කර තිබේ.
සැබැවින්ම
ජාජබ ආණ්ඩුව ටිරාන් අලස්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා දී ඇත්තේ ඔහුගේ
මේ අපරාධකාරී ඉතිහාසය සැළකිල්ලට ගැනීමෙන් විය හැකිය.එය එසේ වන්නේ නම්
ටිරාන් අලස්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන තරමට කොස්ගොඩ සුජීවටද ආරක්ෂාව ලබා දීම
ඉතා මානුෂිකය.ඒ මන්ද යත් මේ සාහසිකයන් දෙදෙනාම එක වල්ලේ මරු බඩු දෙකක්
නිසාය.
ටිරාන් අයියා මේ තරම් තවමත් රඟන්නේද ජාජබයේ මල්ලිලා ගේ ආදරණීය රැකවරණය නිසා වන්ටද පුළුවන.
අපි
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති කිරීම සදහා කොන්දේසි විරහිත පෙනී
සිටියෙමු.අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට
නොහැකි වූවා නම් ටිරාන් අලස් ඇතුළු සාහසික අපරාධකරුවන් අපගේ පවුල් වලින්
පලි ගන්නා බවට සහතිකය.ඒ දිනවල අපගේ තොරතුරු සෙවීමට මේ සාහසිකයාගේ උපදෙස් මත
පොලිස් බුද්ධි කණ්ඩායමි අපගේ නිවෙස්වලට පවා ගොස් තිබුණි.අපට ඒ ගැන තොරතුරු
වාර්තා වූයේද අපට හිතවත් බුද්ධි අංශ ඡ්‍යෙෂ්ඨයන්ගෙනි.
අපට
ජාජබ ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානීන් ගෙන් අසන්නට ප්‍රශ්ණයක් තිබේ.ඒ ටිරාන්
අයියා තවදුරටත් හුරතල් කිරීම අපගේ ජීවිත වල ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්
අප දැන් කුමක් කළ යුතුද යන්නය.එසේ නැතිනම් අපට ලියන්නට ඇත්තේ මේ සාහසික පිස්සු බල්ලා බැඳ දමනු කියාය
Comments
Post a Comment