අරුගම්බේ සැළසුම ජාජබ ආණ්ඩුව කම්බස් කිරීමේ මෙහෙයුමක්ද

 


අරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව ඇමරිකාව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු වී තිබේ.ඇමරිකාව එවැනි බරපතල ප්‍රකාශයක් නිකුත් කරන්නේ ⁣ජාජබ ආණ්ඩුව ආරුගම්බේ ප්‍රදේශයට එල්ලවන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු වලට අනුව  සියළු ආරක්ෂක විධි විධානයන් ලැබී තිබියදීය.මෙය අපගේ වි⁣ශේෂ අවධානයට ගත යුතු කාරණයකි.

ආරුගම්බේ ප්‍රහාරය සිදුවන බවට බුද්ධි තොරතුරු ඇමරිකාවට ලැබුණේ නම් එම තොරතුරු ගැන මෙරට ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමකින් තොරව කඩි කුලප්පු නිවේදනයක් නිකුත් කිරීම හෙළා දැකිය යුතුය.එහිදී ඇමරිකාව භූ දේශපාලන සූදුවේ පළමු තුරුම්බුව පිටියට විසි කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.රට ⁣බංකොලොත් භාවය තුළිිින් මිදීමේ අපේක්ෂාවන් සමග සංවර්ධනයේ අරුනළු වැටීමේ  ඇරඹුමත් සමගම සංචාරක ව්‍යාපාරයද හිස ඔසවමින් තිබුණ වටපිටාව තූළ  ඇමරිකාව සිදු කළ මේ ක්ෂණික මැදිහත්වීම අතිශය නරක භූ දේශපාලනික අත පෙවීමකි.ඇමරිකාව නිකුත් කරන ලද නිවේදනයේ යටි පෙළ තුළ සඳහන්ව ඇත්තේ ජාජබ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සැකය හා අවිශ්වාසයයි.ජාජබ ආණ්ඩුව චීන හා රුසියන් පාක්ෂිකත්වයක් දක්වනු ඇතැයි ඇමරිකාව දැඩි කම්පනයකින් පසුවන බව පැහැදිලිය.එහිදී ඇමරිකාව අයියා පාට් එක දමා අනියම් ආකාරයට ජාජබ ආණ්ඩුවට කළ මේ තර්ජනයෙන් ඇඟවෙන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම ඇත්තේ තමන් ගේ හිමිකාරිත්වය යටතේ බවය.ඒ අරුගම්බේ සිදුවීම ගැන විග්‍රහ කළ හැකි එක දෘෂ්ඨි කෝනයකි.

අරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයකු දමිළ ජාතිකයකු බව පැවසේ.එම ප්‍රහාරය සඳහා ඔවුන් වෙත සපයා ඇති මුදල රුපියල් කෝටියකි.මේ දමිළ ජාතකයා එල්ටීටීයට සම්බන්ධ බවද තොරතුරු වාර්තා වේ.⁣මේ තොරතුරු පිළිවෙලට ලිහා ගැනීමෙන් එහි අන්තර්ගතය තුළ පවතින සැක සහිත ප්‍රශ්ණ කිරීම් අවධාරණය කර ගත හැකිය.

ඉන් පළමුවැන්න වන්නේ ප්‍රහාරය සඳහා එල්ටීටී හා සම්බන්ධ දමිළ ජාතිකයකු යොදා ගෙන ඇත්තේ මන්ද යන්නය. මුසල්මානුවන් ⁣විශාල පිරිසක් ජීවත්වන ප්‍රදේශයක ඒ සඳහා මුසල්මානුවකු එම සැළසුමට යොදා නොගැනීම බරපතල ලෙස අවධානය⁣⁣ට ගත යුතු කාරණයකි.
මුසල්මානුවන් විසින් සැළසුම් කරන ලද ප්‍රහාරයකට ⁣දමිළ ජාතිකයකු යොදා ගැනීමද සැක සහිතය.එම දමිල ජාතිකයාද යාපනය පදිංචි කරුවෙකි.

ඊශ්‍රායල් ජාතිකයන් අරුගම්බේ වෙරළ තීරය ආශ්‍රිතව පදිංචිව සිටින බව පවා මෙරට ජනතාව දැනගත්තේ මේ සිද්ධියෙන් පසුවය.ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ආරම්භයත් සමගම ඒ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයන් ගැන ඇමරිකාව හා ඊශ්‍රාලය අවධානයෙන් නොසිටියා වන්නට බැරි නැත.මෙහිදී සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් මෙරට නිත්‍ය පදිංචි කරුවන් වන්නේ කෙසේද යන්න බරපතල ප්‍රශ්ණයකි.මෙම ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් දේවස්ථානයක් පවා ඉඳි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.එම ඉඳිකිරීම සඳහා අනුමැතිය දුන් පලාත් පාලන ආයතනය ඒ සදහා අවසර දුන්නේ කවර පදනමකින් යන්න පවා පැහැදිලි නැත.එය එසේ වන්නේ නම් අරුගම්බේ කුමන්ත්‍රණයද පාස්කු ප්‍රහාරයේම වෙනස හැඩයේ මෙහෙයුමක් ලෙස සිතන්නට පුළුවන.එහි වෙනස ඇත්තේ මේ කුමන්ත්‍රණය තුළ ජාත්‍යන්තර බළල් අතක්  යටි බිම් ගතව තිබෙන නිසාය.අද අප රට තිබෙන්නේ තීරණාත්මක මං සන්ධියකය.ජාත්‍යන්තර බලවතුන්ගේ උපාය මාර්ග ඉතා තියුණු හා කපටි ස්වරූපයක් ගනිමින් තිබෙන වටපිටාවකය.එම ස්වරූපය තර්ජනාත්මක හැඩයක් ගන්නේ අරුගම්බේ වැනි හදිසි නාඩගම් කරළිය⁣ට ගෙන ඒමෙනි.මතුපිටින් තර්ජන⁣යක්  පෙනෙන්නට නැති වුවද ඇමරිකාව නිකුත් කළ නිවේදනය අප ගලපා ගත යුත්තේ අපගේ සංචාරක ව්‍යාපාරය සමගය.එම නිවේදනය මගින්  මෙරට ආරක්ෂක අංශවල හැකියාව බිංදුවට දමා තිබේ.ඇමරිකාව බබා පාට් එකෙන් අඟවන්නේ සංචාරකයන්ට මෙරට සංචාරය අනතුරුදායක විය හැකිය යන්නය.

ඇමරිකාවේ මේ කපටි මැදිහත්වීමට එරෙහිව මෙරට ජනතාව ඇමරිකානු තානාපති කර්යාලය වෙත විරෝධය හා පිළිකුළ ප්‍රකාශ කළ යුතුය.මෙහිදී දේශපාලනික බෙදිිමක් අවශ්‍ය නැත.
ජාජබ ආණ්ඩුවද මෙහිදී නිවැරිදි උපාය උපක්‍රම භාවිතය⁣⁣ට ගත යුතුය.එසේ නැතිවුන හොත් සිදු වන දේ ගැන ජාත්‍යන්තර දේශපාලනය තුළ අත්දැකීම් ලෙස ගත හැකි උදාහරණ ඕනෑවටත් වඩා තිබේ.ජාජබ ආණ්ඩුවේ ප්‍රධානීන්ට එම උදාහරණ අමුතුවෙන් කියා දෙන්නට ඕනෑ ඒවාද නොවේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අද ඊයේ ඇරඹුන යුද්ධයක් නොවේ.එහිදී පලස්තීනය ඊශ්‍රායල් ජාතිිකයන් හට පිටත රාජ්‍ය වලදී සන්නද්ධ ප්‍රහාර එල්ල කර ඇති බවක් වාර්තා නොවේ.එහිදී ඊශ්‍රායල් ජාතිකයන්ට එරෙහිව සැළසුම් කර ඇතැයි පැවසෙන මෙම අරුගම්බේ ප්‍රහාරය ගැන සැකයක් මතුවේ. ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඊශ්‍රායල් ජාතිකයන්ගේ කොලනි පවා පිහිටා තිබේ.ඊශ්‍රායල් ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන එවැනි භූමි ප්‍රදේශයක් මග හැර ලංකාවේ අරුගම්බේ ඉලක්ක පථයක් ලෙස තෝරා ගැනීම පවා ප්‍රශ්ණ සහගතය.අනෙක් කාරණය වන්නේ ආගමික අන්තවාදී ගරිල්ලන් මුදල් කොන්ත්‍රාතු මත ප්‍රහාරයන් එල්ල කිරීමක් පිළිබඳව ප්‍රථම වරට වාර්තා වන්නේද මේ අරුගම්බේ ප්‍රහාර සැළසුමේදීය.

කෙ⁣සේ වෙතත් මේ සිද්ධිය පිටුපස මෙරට මේ වන විටත් ක්‍රියාත්මක වන යටි බිම් ගත නොනිල රාජ්‍ය අපරාධ කරුවන්ගේ සාහසික මෙහෙයුම්  ක්‍රියාත්මක වෙමින් පැවතිය හැකි බවටද අපට සැකයක් මතුවේ.අප දිගින් දිගටම ජාජබ ආණ්ඩුවේ ප්‍රධානීන්⁣ට මේ පිළිබඳව අනතුරු අඟවා තිබේ.පාස්කු ප්‍රහාර⁣ය ගැන පරීක්ෂණ අරඹන බවට ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කිරීමත් සමගම ඒ හා සම්බන්ධ බවට මේ වන විටත් සැක කරන බොහෝ අයවළුන් තිගැස්මට පත් වී සිටින බව අපට තොරතුරු ලැබී තිබුණි.පාස්කු  ප්‍රහාරය පිළිබඳව ඉතා බරපතල ලෙස චෝදනාවට ලක් වී සිටින මේජර් ජනරාල් ස⁣ලේ යනු ඉන්දියානු රෝ ඔත්තු සේවාව හා සමීපතම සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙකි.අරුගම්බේ පිළිබඳව බුද්ධි තොරතුර මෙරට ආරක්ෂක අංශ වෙත ලැබු⁣ණේ ඉන්දිියා⁣වෙන් බවද පැවසේ.⁣අපට මෙහිදී සිහිපත් වන තවත් සිද්ධියක් තිබේ.ඒ පසුගිය ඉන්දීය මැතිවරණ කාලසීමවේදී මුදල් කොන්ත්‍රාතුවකට පාකිස්ථානු සන්නද්ධ කණ්ඩායමක වුවමනාව මත ඉන්දියාවේ පාලක දේශපාලඥයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියාවට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවට කරන ලද විශාල ප්‍රචාරයයි.මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයැයි පැවසෙන එම අත් අඩංගුවට පත් වූවන් ගැන දැන් කිසිවක් වාර්තා නොවේ.පාස්කු ප්‍රහාරය සිදු වූ දිනවල ඉන්දීය බුද්ධි අංශ සමග කටයුතු කළ මෙරට බුද්ධි අංශ සාමාජිකයන්ද තවමත් රාජකාරියේ නිරතව සිටී.කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශ තුළ පවතින මේ අඳුරු සහ අවදානම්කාරී පසුබිම දැඩි ලෙස අවධානයට ගැනීම හා හඳුනා ගැනීම ආරක්ෂක අංශ ප්‍රධානීන් සතු කාර්යයකි. විශේෂයෙන් තවදුරටත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට දැනට තොරතුරු ලැබී ඇති සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ඉක්මන් නොකළ හොත් ප්‍රශ්ණය තව තව බරපතල විය හැකිය.

එහෙත් ජාජබ ආණ්ඩුව තවමත් සිටින්නේද යටි බිම්ගත නොනිල රාජ්‍යයේ අපරාධ කරුවන් ඔඩොක්කුවේ දමාගෙනය.මේ අපරාධ කරුවන් පිළිබඳව විශ්වාසය තබා ගෙන තව දුරටත් ජාජබ ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් අවසානයේදී කෙලවන කෙලවිල්ලේ ප්‍රමාණය හිතා ගන්නටත් නොහැකි වනු ඇත.එය අරුග⁣ම්බේ වලින් නවතින්නේ නැති විය හැකි බවටද අනතුරු අඟවමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්