ජාජබ ආණ්ඩුව අවදානමේ

 


  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තබා අනාවරණය කරන ලද ජනපති කමිටු වාර්තා දෙක ඔහු අතට පත් කරන ලද්දේ හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ⁣ගේ සම්බන්ධීකරණයෙන් බව බුද්ධි අංශ නිළධාරියෙක් ලංකා දවසට පැවසීය.මේ බුද්ධි තොරතුර සත්‍ය බවට විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක්ද ලංකා දවසට තහවුරු කර සි⁣ටියේය.

    මෙි කමිටු වාර්තා ලබා ගැනීමෙන් පසුව අමාත්‍යය ටිරාන් අලස් ,උදය ගම්මන්පිල හා සාගල රත්නායක අතර මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක්දපැවැති බව අනාවරණය වේ.එහිදී අදාල පාර්ශවයන් උදය ගම්මන්පිලට එම වාර්තා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් සපයා ඇති අතර ඒ කමිටු වාර්තා ගණුදෙනුව හි⁣ටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ දැනුවත් බව තුළ සිඳු කරන කාර්යයක් බවටද පවසා තිබේ.

    ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව පෙනී සිටින්නන් බොහොමයක් ඉන්නේ ජාජබයේ මිතුරන් වේශයෙනි.සතුරා හෝ මිතුරා කවුද නිසි විනිශ්චයකින් තොරව ජාජබ ආණ්ඩුවට ඉදිරියට යන්නට සිදු විය හැක්කේ සතුරාගේ විවිධ කූඨ කුමන්ත්‍රණ වලට මුහුණ දෙමිනි.

    ඇමරිකාව හා ඉන්දියාව ජාජබ ආණ්ඩුව පිළිබඳව සිටින්නේ සැකයෙනි.ඒ ජාජබය මාක්ස්වාදී දේශපාලන භාවිතයට අනුගතව චීන හා රුසියන් පිලට සම්බන්ධ වේද යන්න  ගැන පවතින අවදානම නිසාය.ඒ නිසාම  අරුගම්බේ ප්‍රහාරය හුදු ප්‍රහාරයකට වඩා භූ දේශපාලනයේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් විය හැකි බවට සැක කළ හැකිය.මේ සිඳුවීම නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට අවදානමක් පැන නගින බවට කිසිම සැකයක් නැත.
    මේ පසුබිම කළමනාකරණය කර ගැනීම ජාජබ ආණ්ඩුව වගකීම වේ.

    කෙසේ වෙතත් උදය ගම්මන්පිල වැන්නන් දිගින් දිගටම ජාජබ ආණ්ඩුවට එරෙහිව මනෝ මූලික ප්‍රහාරයන් සමාජ ගත කරන බව පැහැදිලිය.පාස්කු ප්‍රහාරය සඳහා බිම සකසා දුන්නේද ගම්මන්පිල ඇතුළු ජාතිකවාදී කණ්ඩායම බව අප අමතක කළ යුතු නැත.එහෙත් මේ කුමන්ත්‍රණකාරී සැළසුමේ ප්‍රධානීන් ඉන්නේ රහසිගතවය.පාස්කු ප්‍රහාරයට හා මෙරට සිඳුවූ විවිධ දේශපාලන ඝාතනයන්ට සම්බන්ධ හමුදා හා පොලිස් ඝාතකයන් මෙහෙයවමින් මේ ප්‍රධානීන් සිය සැඟවුන න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට වෑයම් කරන බව පැහැදිලිව අවධාරණය කර ගත හැකිය.ඒ මේ වන විට මෙරට සිදු වෙමින් පවතින සිදුවීම් නිරීක්ෂණය කරන විටය.

    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හා හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය  චෝදනා සමාජගත කිරීමට මුලික වී සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනය. එහෙත් මොහු විසින් ඉ⁣ටු කරමින් සිටින පාදඩ කාර්ය භාරයේ කර්තෘ වරයා ටිරාන් අලස් බව අපි හොඳ හැටි දනිමු.ටිරාන් අලස්ගේ තක්කඩි ද්විත්ව ක්‍රියාකාරකම් ගැන අප බොහෝ සතුව සාක්ෂි තිබේ.ජනපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු ගේ අනුදැනුම යටතේ විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ මැර ඝාතන කණ්ඩායම් සිදු කරන ලද අනීතික කෙරුවාවන් බොහොමයකි.ඔහු ඉතා පහත් මට්ටමේ දේශපාලනික කාඩයෙක් බව නොදන්නේ ජාජබයේ නායකයන් පමනක් යැයි ⁣අපට මේ වන විට හැඟී ගොස් තිබේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්