පාර්ලිමේන්තු මැතිවරණයට ජාජබය උපාධිකාරයන් පමනක් ඉදිරිපත් කිරීමේ සැළසුම නම් අනතුරුදායකය

 


  • ජාතික ජන බලවේගයේ ජයග්‍රණයත් සමගම මෙරට ප්‍රභූ දේශපාලනයේ අණසක පතුරවාගෙන සිටි බොහෝ දේශපාලඥයන්ට යන මං නැතුව සිටී.මධ්‍යම පලාත නියෝජනය කරම්න් සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ විට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි ලක්ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී ඔහුගේ දියණිය ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

    දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පලාත් සභාව පස් වතාවක් නියෝජනය කළ ශාන් විජයලාල් මෙවර ජනපතිවරණයේදී සමගි ජන බලවේගයට එක් විය.එහෙත් ඔහු නියෝජනය කළ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කෙරුවේ සියයට හැටක චන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.ජයග්‍රහණයට බොහෝ පියවරු සිටිය හැකි නමුත් පරාජය අවජාතක බව පැවසේ.බොහෝ මැතිවරණ කොට්ඨාශවල ජාතික ජන බලවේගයේ සංවිධායක වරුන්ට එම කියමනට මුහුණ පෑමට සිදු වී ඇති බව වාර්තා වේ.මේ වන විටත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයට උපාධිදාරීන් හා ඉහල අධ්‍යාපන මට්ටමක් ඇති වෘත්තිකයන් ඉදිරිපත් කිරීමට සැලසුමි කර ඇතැයි ලංකා දවසට වාර්තා වී තිබේ.

     උපාධිධාරීන් හා ඉහළ අධ්‍යාපනික මට්ටමේ වෘත්තිකයන් පාර්ලිමේන්තු නියෝජනය⁣ කිරීම සාර්ථක අත්හදා බැලීමක් නම් මහචාර්ය ජීඇල් පීරිස් මහචාර්ය චන්න ජයසුමන ,නීතිඥ අලි සබ්‍රි ,මහාචාර්ය රන්ජිත් වැන්නන් නිසා මේ රට කිරි පැණියෙන් ඉතිරෙන්නට තිබුණි.

    තවමත් මේ රටේ බොහෝ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නේ ගෝත්‍රික මානසිකත්වයෙනි.මෙවර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පවතින්නේ දේශපාලනික ඡන්ද වලිනි.ඡන්දය නොදී නිහඬව සිටි ඡන්ද ප්‍රතිශතය තුළ බොහෝ ඇත්තේ දේශපාලනිකව නොසිතන ආගම කුලය ජාතිය පිළිබඳව සිතන ඡන්ද දායකයන් කුලකය බව ගනන් හදා සිතා ගන්නට පුළුවන.එසේ නම් මෙවර ජාතික ජන බලවේගය පරේලිමේන්තු මැතිවරණයට කුලය ආගම ජාතිය ආදිය නොසලකා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අදහස් කර ඇත්තේ නම් එය අපේක්ෂා කරන ජයග්‍රහණය  ගැන බරපතල අවදානමකට හේතු විය කාරණයක් බව අප අවදාරණයෙන් සඳහන් කරමු.

    සැබැවින්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව ඉතා කාලෝචිතය.එහෙත් ඒ කාලෝචිත බව තහවුරු කර ගත හැක්කේ මෙවැනි සම්ප්‍රදායික මත දරන ගෝත්‍රික සමාජයක නොවන බව අප ජාතික ජන බලවේගයට සිහිපත් කරන්නට කැමැතිය.අප මේ ලියන අවධාරනයේ සත්‍ය හා නිවැරිදි බව ජාතික ජන බලවේගයට තහවුරු කර ගත හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඇරඹීමෙන් පසුවය.මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග යම් මැතිවරණ කොට්ඨාශයකට පිටතින් ආනයනය කර ඉදිරිපත් කරන ජාතික ජනබලවේග අපේක්ෂකයාට එරෙහිව එහිම තරග වදින ප්‍රතිවාදී  අපේක්ෂකයා ඒ තරගය තුළ කුලය පිටස්තරකම, ආගම ආදී ගෝත්‍රික තුරුම්බු පි⁣ටියට දමන බව නිසැකය.එය මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ යාවත්කාලීන වෙමින් පවතින යටි බිම්ගත මෙහෙයුමකි.


    අප ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ දහය මෙතෙක් පැවැති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵළ විමසුමකට ලක් කරන්නේ නම් අප මේ ලියන කාරණය ඉතා පැහැදිලිව තහවුරු කර ගත හැකිය.මේ සියළු මැතිවරණ කොට්ඨාශ වල අපේක්ෂකයන් හට මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කර ඇත්තේ කුල සාධකය මතය.එහිදී මේ අවස්ථාවේ අම්බලන්ගොඩ බලපිටිය කරන්දෙණිය රත්ගම ආදී මැතිවරණ කොට්ඨාශවලට ජාතික ජන බලවේගයේ ජනපතිවරණයට ⁣ඇප කැපවූ සංවිධායක ක්‍රියාකාරීන් නොසලකා පිටතින් අපේක්ෂකයන් ආනයනය කර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරවීම ඉතා අවදානම් සහගත තීරණයක් විය හැකිය.අප මේවා ලියන්නේ ජාතික ජන බලවේගයේ සැලසුම් කඩා කප්පල් කිරීමට නොවේ.ජාතික ජන ⁣බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නියෝජනය එකසිය විස්සක් වත් විය යුතුය.එහිදී ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන්  හතක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමය.

     ජාතික ජන බලවේගය ජනපතිවරණයේදී ඉහත සදහන් කළ මැතිවරණ කොට්ඨාශ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය තක්සේරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය පිලිබඳ අපේක්ෂාවන් තබා ගැනීම බරපතල වරද්දා ගැනීමකි.එම මැතිවරණ කොට්ඨාශ මෙතෙක් කාලයක් සංවිධානය කළ ජාතික ජන බලවේගයේ සංවිදායක තරුණයන් හට පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂත්වය ලබා දීම ඉතා වැදගත් කාරණයකි.මේ අවස්ථාව අත් හදා බැලීමේ අවස්ථාවක් නොවන බව ජාතික ජන බලවේගයට අප පවසමු.අප මේ ලියන්නේ සිතළුවක් නම් බලපිටිය මැතිවරණ කොට්ටාශයේ බේරතුඩුව අම්පෙ රත්ගම මැතිවරණ කොට්ඨාශයේ වේනමුල්ල කටුදම්පෙ ආදී ප්‍රදේශවල පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථාන වලින් ජාතික ජන බලවේගයට ලැබුණ ඡන්ද සංඛ්‍යාව කොපමනද යන්න සොය බලන ලෙස ඉල්ලමු.

     
    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අමිබලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් තරග වදින්නේ සජින් වාස් ගූණවර්දන බව අනාවරණය වේ.එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශාන් විජය ලාල් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තරග නොකිරීමට තීරණය කර ඇතැයිද දැන ගැන්මට තිබේ.

    අප මේ ලියන ලද සියළු කාරණා කෑම දිරවා ගැනීමට ලියන ලද ඒවා නොවේ.ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයන් හිදී ඡන්ද දායකයන්ගේ හැසිරීම අධ්‍යයනය කර ලියන ලද හේතු කාරණා වේ.

    මේ තත්වය ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් නොවෙ වෙනත් වෙනත් දිස්ත්‍රික්ක තුළද මතු වෙමින් පවතින බව අපට වාර්තා වෙමින් පවතී.ජාතික ජන බලවේගයේ නායකයන්ට අප සඳහන් කරන්නේ දහදිය ලේ කඳුළු වලින් ගොඩ නගන ලද ජයග්‍රණයේ තව දුරටත් ඉදිරියට ගෙන යාමට විශ්වාස දායක ⁣සිමෙන්ති ගල් මිස සක්ක ගල් කෑලි වැඩකට නැති විය හැකි බවය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්