සිරිකොතේ පොඩි අලි කුලප්පු වෙලා රනිල්ගේ හුරතලාට බැණ වැදිලා
පසුගිය බදාදා (02)සිරිකොත කාර්යාලයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වරුන්ගේ රැස්වීමේදී සාගල රත්නායකට හා වජිර අබේවර්ධනට බලවත් විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ.
මෙහිදී
බියගම මැතිවරණ කොට්ඨාශයේ එජාප සංවිධායක වරයා එජාපය විනාශ කිරීමට සාගල
රත්නායක හා වජිර අබේවර්ධන මූලික වූ බවට චෝදනා කරමින් අදහස් ප්‍රකාශ කර
තිබේ.ඉන් අනතුරුව එහි සිටි අනෙකුත් මැතිවරණ කොට්ඨාශ සංවිධායකවරුන්ද කෑ
ගසමින් සාගල රත්නායකට හා වජිර අබේවර්ධනට එරෙහිව බැණ වදින්නට ආරම්භ කළ බව
අනාවරණය වේ. රැස්වීමේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීමට එජාප නායක රනිල්
වික්‍රමසිංහට පවා නොහැකි වූ දැන ගැන්මට ලැබී ඇත.මේ රැස්වීම අවසානයේ සාගල
රත්නායක සිය වාහනයෙන් සිරිකොත කාර්යාලයෙන් පිටව යන විට විරෝධතා කරුවන් වතුර
බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පැවසේ.
එක්සත්
ජාතික පක්ෂය තුළ මතුවී ඇති මේ දේශපාලන අර්බුදය ඉතා බරපතල වී ඇති බවද එහි
ප්‍රකාශයකු ලංකා දවසට හෙළි කර සිටියේය.එහිදී රුවන් විජේවර්ධන පවා එක්සත්
ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වීමේ සූදානමක් ඇති බවට වාර්තා වන
බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment