යක්ෂයාගේ හෝරාව එළඹෙමින් තිබෙි
- Get link
- X
- Other Apps
- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කටයුතු ඇරඹීමත් පිළිබඳව එම පොලිස් පරීක්ෂණයේ වගකීම හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර හට බාර දීමත් එම ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සැක කරන අයවළුන්ගේ තැති ගැන්මට හා කම්පනයට හේතු වෙමින් පවතින බව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.සහරාන්ලා සිය ආගමික මති මතාන්තර වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සැළසුම් සකස් කරන විට ඔවුන් සිය දේශපාලනික අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා බිලි බෝයිස්ලා කර ගත් යටිබිම් ගත රාජ්‍ය අපරාධ කල්ලියකරහසිගත ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵළය වූයේ පාස්කු ප්‍රහාරයයි.ජාතික ජන බලවේගය බලයට පත් වීමත් සමගම යටිබිමි ගත රාජ්‍ය අපරාධ කල්ලිය විවිධාකාර හැඩයෙන් සමාජය බිය වැද්දීම සදහා සාහසික උපාය උපක්‍රම මුදා හැරීමට ඉඩ ඇති බව අප අනාවරණය කෙරුවේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පත් වීමත් සමගය.රාජ්‍ය බුද්ධි සේවාව පොලීසිය හා හමුදා බුද්ධි සේවාව ආදී මර්මස්ථාන නියෝජනය කරන ඉහල ඇවරියේ ඇතැම් නිළධාරීන් වහා වෙනස් කළ යුතු බව අප සඳහන් කෙරුවෙමු.මෙරට සිඳුවූ බොහෝ දේශපාලන අපරාධ වලට සෘජුවම වගකිව යුතු අයවළුන් තවමත් මේ ඒකකයන් තුළ රාජකාරි කරමින් සිටින බවට අපට වාර්තා වී තිබේ.ඔවුන් සැම විටම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින්නේ ජාජබ ආණ්ඩුවේ බලය අහිමි කිරීම ගැන මිස අන් යමක් නොවේ.මේ කණ්ඩායම මෙලේච්ඡය.ඔවුන්ගේ මෙහෙයුම්වල අනුකම්පාව හා මානුෂිකත්වයට ඉඩක් නැත.පාස්කු ප්‍රහාරයට පෙර මේ සාහසික කණ්ඩායම සිංහල බෞද්ධ සමාජය වෙත මුදා හරින ලද මනෝමූලික ආකල්පමය ප්‍රචන්ඩත්වය නැවත අත්හදා බැලීමට මේ සමාජය තුළ ඉඩක් නැත.දැන් ඔවුන් හට ඒ සදහා නව හැඩයේ සාහසික තුරුම්බුවක් පිටියට විසි කිරීමට සිදුව තිබෙි.මේ වන විටත් එහි ආරම්භය ගෙන ඇති බව නම් පැහැදිලිය.ඒ සාහසිකයන්ගේ මාර්ග සිතියම ජාජබ ආණ්ඩුව නිවැරිදිව හඳුනා නොගත හොත් එහි අවසානය සටහන් කරනු ඇත්තේද බරපතල දේශපාලනික ඛේදවාචකයකිනි.ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන්නේද යටි බිමිගත රාජ්‍ය අපරාධකරුවන්ගේ සැලැස්මට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.ඉන් අනතුරුව උදය ගම්මන්පිල කරළියට එන්නේද එම ක්‍රියාවලියේ තවත් එක් ඉසව්වක් ලෙසය.ජාජබ ආණ්ඩුවට වට කර පහර දෙන දේශපාලන කණ්ඩායම් බොහොමයකි.යටි බිමි ගත රාජ්‍ය අපරාධකරුවන් එම දේශපාලන කණ්ඩායම් සියල්ලමද ඉතා සියුම් ආකාරයෙන් මෙහෙයවන බවට කිසිම සැකයක් නැත.එම දේශපාලන කණ්ඩායම් හරහා ජාජබ ආණ්ඩුව දුර්වල කිරීම එම රාජ්‍ය අපරාධකරුවන්ගේ අවශ්‍යතාවයි.යක්ෂයාගේ හෝරාව එන තුරු ජාජබ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත්වීම ප්‍රශ්ණ කරමින් හා විවේචනය කරමින් මේ සාහසික කණ්ඩායම තවදුරටත් සැඟවී සිටින්නට ඉඩ තිබේ.ජාජබ ආණ්ඩුවට සැබෑ සතුරා හඳුනා ගැනීමට නොහැකි වුව හොත් එහි අවසානය ගැන අමුතුවෙන් ගණන් හදා ලියන්නට අවශ්‍ය නැත.අරුගම්බේ ප්‍රහාරයක් පිළිබඳව සමාජය හරහා හදිසියේ කම්පන තරංගයක් විසිර යාමද කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතු වෙමින් තිබේ.මේ ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් ලෙස ස්ථාන ගත කර මෙරට නැවත ජාතිවාදී ආරවුලක් ඇවිලවීමේ ප්‍රවනතාවක්ද මේ සැළසුම තුළ පවතින්නට ඉඩ තිබේ. ඇතැම් මාධ්‍ය මේ වන විටත් ඒ සඳහා මුල පිරමින් සිටී.අරුගම්බේ ප්‍රහාරය ගැන ප්‍රචාරය වන්නේ ජනපති අනුර කුමාර සහෝදරයා ත්‍රිකුණාමලය පැවැති මහජන රැළියේදී ඉදිරියේදී මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කරන බවට ප්‍රකාශයක් කර විනාඩි ගණනක් ගෙවී යන්ටත් පෙරය.යටිබිමි ගත රාජ්‍ය සාහාසික අපරාධකරුවන්ට එය මහත් සතුටක් ගෙන දෙන ප්‍රවෘත්තියක් වූවාට කිසිම සැකයක් නැත.දැන් මෙතැන් සිට මෙි සාහසිකයන් ගේ සැළසුමේ න්‍යෂ්ඨිය මේ තොරතුර වන්නටද ඉඩ තිබේ.රාජ්‍ය හා හමුදා බුද්ධි සේවාව හා එහි ක්‍රියාකාරිත්වය ගැන ඇතුළට කා වැදුන විමසීමක් යුතුව ඉහළට එන බුද්ධි තොරතුරු අවධානයට හා සැළකිල්ලට ගැනීම ජාජබ ආණ්ඩුවට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානීන් ගේ වගකීම විය යුතුය.එසේ නැති වුන හොත් යටිබිම්ගත රාජ්‍ය සාහසික කල්ලිය සිය සැළසුම් සාර්ථකව ක්‍රියාත්මක කරනු ඇති බව නිසැකය.එය එසේ වන්නා සේමජාජබ ආණ්ඩුව තව දුරටත් මේ සාහසික කුමන්ත්‍රණකාරයන් සම්මුඛයේ නිවටව සිටිනවාද නැතිනම් ශක්තිමත්ව මුහුණ දෙනවාද යන්න මේ හෝරාවේ තෝරාගත යුතු කඩඉම් ප්‍රශ්ණ දෙකය.ඒ අතුරෙන් පිළිතුර නිවටව සිටිනවා යන්න නම් තවදුරටත් ජාජාබය පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය පාවා දීම මිස අන් යමක් නොවේ.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment