මාකඳුරේ මදූෂ් ගේ අබිරහස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ නැවත ඇරඹේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේ සිටියදී එළියට රැගෙන ගොස් ඝාතනය කරන ලද මාකඳුරේ මදූෂ් ගේ මිනීමරුම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.2019 වර්ෂයේදී මාකඳුරේ මදූෂ් ඩුබායි සිටියදී අත් අඩංගුවට ගෙන මෙරටට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රඳවා ගෙන ප්‍රශ්ණ කරමින් තිබුණි.එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ මේ වන විට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න වන අතර එහි අධ්යක්ෂ වරයා වූයේ හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වේ.එහෙත් එම කාලයේදී පැවැති ජනපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජක්පක්ෂ බලයට පත් වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රවි සෙනෙවිරත්න විශ්‍රාම ගිය අතර ශානි අබේසේකර ස්ථාන මාරු කර යවන ලදී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ වන විටත් රඳවා ගෙන සිටි මාකඳුරේ මදූෂ් මෙරට මත් ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙලේ දේශපාලඥයන් කිහිප දෙනෙකු හා පොලිස් නිළධාරීන් පිළිබඳවත් තොරතුරු අනාවරණය කර තිබූ බව පැවසේ.
එහෙත් ඒ තොරතුරු පිළිබඳව පරීක්ෂණ කිරීම් නවතා දමා මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් එළියට ගෙන ගොස් ඝාතනය කරන ලදී.මෙම ඝාතන සැළසුම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙහෙයවන ලද බවත් මදූෂ් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංඟජීව බවත් ඒ දිනවල ලංකා දවසට තොරතුරු වාර්තා විය.තමන් විසින් මදූෂ් දිව්‍යලෝකයට යැවූ බවට ප්‍රකාශ වන පෝස්ටුවක් ඔහු ඝාතනය කළ දිනයේ නියෝමාල් රංඟජීව විසින් තමන්ගෙ මුහුණු පොත් ගිණුමේ පල කර තිබුණි.පොලිස් පරීක්ෂක රංඟජීව හා මදූෂ් අතර විරසකයක් ඇරඹී තිබුණේ පාතාල ක්‍රියාකාරිකයෙකුගේ මංඟල උත්සවයකදීය.මදූෂ්ට එරෙහි පාතාල කණ්ඩායමකට නියෝමාල් රංඟජීව හොරෙයින් ජාවාරමට උදව් උපකාර කරමින් තිබීම ඒ සිද්ධියට හේතුවී තිබුණි.නියෝමාල් රංඟජීව වෙඩි තැබීමකට ලක් වන්නේද හෙරොයින් ජාවාරමකට සම්බන්ධ මුදල් ගනුදෙනුවකට බව පවසා පිලියන්දලට ගෙන්වා ගැනීමෙන් අනතුරුවය.මෙරට හෙරොයින් ජාවාරමට තිත තබන පොලිස්කාරයා බවට තමන් විසින්ම හඳුන්වා ගන්නා නියෝමාල් රංඟජීව මෙරට යටි බිම් ගත මත් ද්‍රව්‍ය ජාවාරමේ සැඟවුන කොටස් කරුවෙකි.ඔහු හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ ඇතැම් ජාවාරම් කරුවන් අතර දැඩි සම්බන්ධතාවක් පැවතුන අතර ඔහු විසින් සිදු කරන ඝාතන දාමයට බිලි වූයේ සිය හිතවත් හෙරොයින් ජාවාරම් කරුවන්ට එරෙහිවූවන්ය.ඔහු විසින් ඝාතනය කරන ලද මදූෂ් නියෝජනය කරන ලද්දේද එම විරුද්ධ වාදී කණ්ඩායමයි.මේ වන විට නියෝමාල් රංඟජීව විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර ඔහුගේ මෙහෙයවීම යටතේ කොන්ත්‍රාතු ක්‍රමයට රහස් මනුෂ්‍ය ඝාතනයන් සිදු කරන ඝාතක කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.තමන්ට මානසික ආබාධයක් ඇතැයි වෛද්‍ය වාර්තා අධිකරණයට පවා ඉදිරිපත් කර ඇති නියෝමාල් රංඟජීව වැනි මානසික ආබාධිතයකු නිල නොවන මිනිස් ඝාතක කණ්ඩායමක් මෙහෙයවීම ඉතා බරපතල කාරණයක් බව නීතිය හා සාමය අමාත්‍යංශයේ බලධරයන්ට සිහිපත් කරන්නට අප කැමතිය.
Comments
Post a Comment