ඕයි ටිරාන් අලස් මේ අහනවා අයිසේ
මේ වන විටත් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා ගනිමින් සිටින හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ලංකා දවස යාවත්කාලීන වන්නේ ශ්‍රී ලංකාවේ බවට තොරතුරු ලැබී බවත්
ඒ සඳහා මැදිහත් වන මාධ්‍යවේදීන් අනාවරණය කර ගන්නට
හැකි වුවහොත් ඔවුන් මරා දමන බවටත් පසුගියදා වහසි බස් දොඩා ඇතැයි අපට දැන
ගැන්මට ලැබේ .
ටිරාන් අලස්ට අපි මෙසේ ලියමු
සිය
බඩ ජාරී පැවැත්ම සදහා පාදඩ නොසන්ඩාල දේශපාලඥයන් ගේ සට්ටැඹිරාළ ලෙස කටයුතු
කළ උන්නැහේගේ වාචාල කයිවාරු අපි තඹ දොයිතුවකට ගනන් නොගන්නා බව උන්නැහේට
දන්වා සිටීමට කැමතිය.
ලංකා දවසට සම්බන්ධ අයෙකු ගේ මයිලකට හෝ අත
තියා පෙන්වන ලෙසටද අපි මේ වාචාලයාට අභියෝග කරමු.ඒවා වච්චයි ලොකු උන්නැහේ
යැයිද අපි ලියමු.ඔය උන්නැහේ
නීතිය හා සාමය ඇමති ලෙස කටයුතු කරන
අවදියේ විශේෂ කාර්ය බලකායේ මිනීමරු දඩ බල්ලන් මුදා හැර තැබියදී පවා බය
නොවූ අප දැන් බය වෙනවායැයි සිතනවා නම් අපට ලියන්නට ඇත්තේ අනේ පව් බං උඹ
කියා විතරමයි.
කඳ බඩ තිබුනාට එල්ටීටියේ
මිනීමරුවන් හා ගණුදෙනු කෙරුවාට මෙරට පාතලය සමග එක පතේ කෑවාට උන්නැහේ
චණ්ඩියක් ලෙස සිතා සිටින්නේ ඒ චණ්ඩිකම් ගෙදර අඹුවටත් හොර ගෑනුන්ටත් සීමා
කරගන්නා ලෙසද අපි ඉල්ලමු.වට පිටේ චණ්ඩි කම් කරන්නට ගොස් දෙකයි පනහට උස්සන
පස්ස චා කර නොගන්නා ලෙසද ටිරාන් අලස් නම් වූ මොංඟලයාට ඉතා කරුණාවෙන් අපි සිහිපත් කරමු.
එසේ නැතිනම් ඉතින් අපි හැප්පෙමු කියා කියන්නටද කැමතිය.ඒ මන්ද යත් හැප්පෙන ශිල්පද අපි ප්‍රගුණ කර ඇති නිසාය.
කෙසේවෙතත්
ටිරාන් අලස් නම් චූටි සිඟිත්තා සමග අප සමග පෞද්ගලික ආරවුලක් නැත.අපට මේ
උන්නැහේ සමග ආරවුලක් ඇත්තේ ඇමතිකමේ සිටිද්දී සිදු කරන ලද ජඩකම් හා බලු කම්
ගැනය.කප්පම් ගැනීම් හා බිය වැද්දීම් ගැනය.රජයේ ඉඩම් හොර ගෑනුන්ට
බලහත්කාරයෙන් සින්නක්කර පවරා දීම පිළිබදවය.හිතවත් පාතාල මදාවියන් ලවා
සිඳු කළ මනුෂ්‍ය ඝාතනයන් ගැනය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්
එල්ටීටී ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවීම ගැනය.
තමන්ගේ සමාගම් වල
සේවකයන්ගේ අර්ථසාධක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්ය.ඒ අහිංසක සේවකයන් අප
වෙත නිතර පවසන්නේ මේ පාහර තක්කඩියාට අවු නැති හෙණ පාත් වෙන බවය.
මෙවැනි
කපටි සූට් අපරාධකරුවකු වහසි බස් දොඩමින් තවමත් විශේෂ කාර්ය බලකායේ
ආරක්ෂාව යටතේ සිටීම ගැන නම් අපට පවතින්නේ දැඩි කණගාටුවකි.ටිරාන් අයියා සමග
ආදරණීය ගණුදෙනු කරන ආණ්ඩුවේ මල්ලිලා සිටී නම් ඒ සහෝදර මල්ලිලාටද අපට
ලියන්නට ඇත්තේ විෂ නයි ඔඩොක්කුවේ දමාගෙන පස්සේ කෑවෝ කෑවෝ යැයි ජනතාව
ඉදිරියේ කවදා හෝ දවසක අදෝනා මැසිවිලි නගන්නට සූදානමින් නොසිටින ලෙසය.
Comments
Post a Comment