බදු නොගෙවා පැහැර හැරිය තව පට්ට හොරෙක් හිරේ


 

 අර්ජුන් ඇලෝෂියස් බදු නොගෙවා පැහැර හැරීම නිසා මාස හයකට බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීරණය කරන ලදී.අද සෑම මාධ්‍යයකම ශීර්ෂය වී ඇත්තේ අර්ජුන ඇලෝෂියස්ට ලබා දුන් සිර දඬුවමයි.එහෙත් ඔහු සමග බන්ධනාගාර ගත කරන ලද අනෙක් අයවළුන් ගැන මාධ්‍ය වල කිසි කතාබහක් නැත.අර්ජුන් ඇලෝෂියස් මෙරට සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයකි.

එහෙත් එසේ  ප්‍රසිද්ධ නැති වුන් බරපතල වරදක් කළද ඒ ගැන සමාජයේ අවධානය යොමු නොවීමත් එක්තරා ආකාරයක දුර්වල කමකි.ඒ මන්ද යත් ඉන් මෙවැනි දූෂිතයන්ට වීරයන් ලෙස සමාජයේ වැජඹෙන්නට ඉඩ ප්‍රස්ථාව සැළසෙන බැවිනි.සත්‍ය වශයෙන්ම අර්ජුන් ඇලෝෂියස්ලාටත් වඩා සමාජය ⁣ප්‍රවේශම් විය යුතු වන්නේ මෙවැනි උන්දැලාගෙනි.

අර්ජුන් ඇලෝෂියස් සමග දිනේද්‍ර ජෝන් නැමැත්තෙක්ද බන්ධනාගාර ගත කෙරිණි.උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයකු වූ ⁣දිනේද්‍ර ජෝන් මෑත කාලයේ දිලිත් ජයවීරගේ සර්ව ජන බලයට පක්ෂයට සම්බන්ධ විය.

රටේ මහජන බදු මුදල් වංචා කරමින් ජනතාව  ගොනාට අන්දන මොවුන් තමන්ගේ තක්කඩි ස්වරූපය වසන්කරගැනීමට යොදා ගන්නේ දේශපාලනයයි.ඒ දේශපාලනය සදහා මොවුන් තමන් වංචා කරන ලද මුදල් යහමින් සමාජය පුරා වපුරයි.⁣ ඒ මෙරට දුක්විඳින ජනතාව කෙරෙහි වූ දයාව කරුණාව නිසා නම් නොවේ.මවුබිම කෙරෙහි වූ ප්‍රේමය නිසාද නොවේ.ඒ රට තුළ පවතින දේශපාලන බලය තමන් වෙත හිමි කර ගත හොත් මීටත් වඩා මගෝඩි වැඩ කරන්නට ඉඩ හැකියාව හා අවස්ථාව හිමිවන බව දන්නා හෙයිනි.

සැබැවින්ම මේ තක්කඩියන් එක මිටට පරාජය නොකළ හොත් නැවතත් වරද්දා ගන්නේ දුක් විඳින ජනතාවමය.එසේත් නැතහොත් මේ ආදරණීය මවුබිමය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්