ආමෙන් අගරදගුරු තුමණි; පාස්කු ප්‍රහාර⁣යේ ඇත්ත සෙවීම දෙවියන් වහන්සේටම බාරදෙමු

  


ජාතික ජන බලවේගයේ ආණ්ඩු⁣ව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අරඹන බවට නිවේදනය කෙරුවේය.ජනපති අනුර කුමාර දිසානායක කටුවාපිටිය පල්ලියට ගොස් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ඉදිරියේ ඒ බව තවදුරටත් තහවුරු කෙරුවේය.


මුළු රටම සිටියේ කට ඇරගෙන අසා සිටියේ කටුවාපිටිය පල්ලියේදී ජනපති අනුර කුමාර දිසානායක ඒ වින්දිතයන් අමතා සිරුරේ මයිල් ස්මයිල් කරමින් සිඳු කළ එම කතාවයි.පාස්කු අබිරහස පිළිබඳව නිරන්තරයෙන්  අවධානය දැක්වූ හැම දෙනාම ජනපති සහෝදරයාගේ අදහස් දැක්වීම ගැන පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය බව නම් සහතිකය.තව මාසයක් දෙකක් ගෙවී යන විට පාස්කු ප්‍රහාරය සිදු කළ මෙලේච්ඡයන් වැලිකඩට දක්කනු ඇතැයි සමහරු ගනන් හදා හිත හදා ගන්නටත් ඇත.

ඒ අස්සේ මහනුවරදී ලාල් කාන්ත සහෝදරයා මාධ්‍යයට අපූරු ප්‍රකාශයක් කර තිබුණි.ඔහු එහිදී පවසා තිබ්බේ එදා රුසියානු විප්ලවයෙන් පසුව ලෙනින් සහෝදරයා විසින් සාර් පාලනයේ සිටි පැරණි නිළධාරීන් ගේ තනතුරු වෙනසකට ලක් නොකරම ඔවුන් සිය දේශපාලන දර්ශනයට හැඩ ගස්වා ගත් බවය.ලාල් කාන්ත සහෝදරයා ඉන් ඇඟවූයේ මේ වන විටත්  මෙරට පවතින හා පැවති තක්කඩි රාජ්‍යය තුළ රාජකාරි කළ නිළධාරීන් වෙනස් කිරීමට ජාතික ජන බලවේගය මැදිහත්  නොවන බව මිස අන් යමක් නොවේ.

එහෙත් ලෙනින් සහෝදරයා එක් අවස්ථාවකදී මෙසේද පවසා ඇති බව ලාල් කාන්ත සහෝදරයාට අපි සිහිපත් කරමු.

"...ධනපති පාර්ලිමේන්තුව හා සෙසු ප්‍රතිගාමී ආයතන විසුරුවා හැරීමට තමන්ට නොහැකි තාක් ඔබ ඒවායේ අභ්‍යන්තරයේ ක්‍රියාශීලී විය යුතුය.මන්ද පූජකයන් විසින් නොමග යවන ලද හා ගම්බද ජීවිතයේ නීරස භාවයෙන් නොමග යවන නිළධාරීන් හා කම්කරුවන් තවමත් ඒවායේ සිටින නිසාය.නොඑසේව ක්‍රියා කරන්නේ නම් නිකම් කට මැත දොඩන්නන් වීමට ඉඩ ඇත්තේය..."

ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කළ ජනතාව දැන් සිටින්නේ තීරනාත්මක මංසන්ධියකය.පැරණි තක්කඩි දේශපාලනයේ උපාය මාර්ග ඉතාමත් තියුණු හා යටි බිම්ගත තර්ජනාත්මක මෙහෙයුම් ලෙස පවතින අවස්ථාවක
ජාතික ජන බලවේගය නිවැරිදි උපක්‍රම තෝරා ගැනීමට සමත් විය යුතුය.එබැවින් මේ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ නායකයන් සෝවාන් අනාගාමී රහත් ඵළයට පත් ශීලවන්තයන් වී තමන්ට සීමා පනවා ගැනීම අවසානයේ ජාතික ජන බලවේගයට කෙලවා ගැනීමක් දක්වා යා හැකිය.ඒ නිසාම ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූ අපට දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කෙරුවාව කට මැත දොඩන්නට පමණක් සීමා වෙමින් පවතින්නේ යැයි බයක් ඇති වී තිබේ.

ඒ  පැරණි ආණ්ඩුවල සිටි දේශපාලන හෙංචයියන් තවමත් මෙරට රාජ්‍යය හසුරවමින් තිබෙන බව ඇස් පනා පි⁣ට දකින්නට තිබෙන නිසාය.ඒ සදහා හොදම උදාහරණය පොලිස් දෙපාර්තමේන්තුවයි.ලාල් කාන්ත සහෝදරයා සිතා ගෙන සිටින ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිතයන් රැළ මේ වන විට ජාතික ජන බලවේගයේ බණ අසා සැදැහැවත් නිළධාරීන් බවට පත් වී සිටී.ඒ නිසා මේ සැදැහැවත් නිළධාරීන් පිරිසට නිදහසේ රාජකාරි කිරීමට ඉඩ ලබා දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් වුන් කට පුක වසා ගෙන සිටිය යුතුය යැයි ජාතික ජන බ⁣ලවේගයේ ආණ්ඩුව සිතා සිටින
 බවක් හැඟී යමින් තිබේ.

එලෙසම සිය පොලිස් සේවාවේ  තක්කඩි පෝරිසාද පැටිකිරියක් තිබී ජාතික ජන බලවේගයේ දේශනා අසා ශුද්ධවන්තයකු වී මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන වීරයකු ලෙස බෞතීස්ම වී සිටින සිටින සීඅයිඩී කාරයෙක් ගැන අපට ලියන්නට සිදු වී ඇත්තේ අපේම කරුමයටය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වාය.පසුගිය ආණ්ඩු කාලයේදී මේ ප්‍රපොප ඉන්දුුක සිල්වා⁣ට එරෙහිව බොහෝ චෝදනා කර ඇත්තේ හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී ශානි අබේසේකර වේ.

⁣ශානි අබේසේකරගේ තක්සේරුව අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා පොලිස් සේවාවේ අපකීර්තිමත් දූෂිතයෙකි.මොහුට  එරෙහි ගත්  විනය ක්‍රියා මාර්ග රැසක් පිළිබඳව පවා වාර්තා වී තිබේ.පුදුකුඩුඉරිප්පු දේවපුරම් ග්‍රාමයේ නීති විරෝධී පතල් හැරීමක් පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රපොප ඉන්දුක සිල්වා අසමත් වීම පිළිබඳව ශානි අබේසේකර විසින් මොහු සීඅයිඩියෙන් පිටතට මාරු කර යැවීමට නිර්දේශ කර තිබේ.එහිදී ප්‍රපොප ඉන්දුක සිල්වා එම ස්ථාන මාරුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතත් මුල් අවස්ථාවේදීම ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභා කරන ලදී. මොහුට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් පවා ශානි අබේසේකර විසින් අල්ලස් කොමිෂම වෙත ඉදිරිපත් කර ඇත.ප්‍රපොප ඉන්දුක සල්වා සීඅයිඩියේ කාන්තා පොලිස් නිළධාරිණියක සමග පැවැත්වූ විවා⁣හයෙන්  පිටත සම්බන්ධයක් ගැන ගොනු කරන ලද පැමිණිල්ලක් ශානි අබේසේකර විසින් එවකට සීඅයිඩීය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට යොමු කර ඇති අතර ඒ විශේෂ විමර්ශන ඒකකයක් විසින් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවට නිර්දේශ කරමිනි.2016 සැප්තැම්බර් 25 වන දින තමාට පහරදී කොල්ලකෑමකට ලක් වූ බව ප්‍රකාශ කරමින් ප්‍රපොප ඉන්දුක සිල්වා වැලිකඩ පොලිස් ස්ථානයට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කර ඇති බවට තහවුරු වී තිබේ.ඒ සම්බන්ධයෙන් සීඅයිඩීය  මොහුට එරෙහිව චෝදනා පත්‍රයක් පවා නිකුත් කර ඇත.2016 වසරේදී ප්‍රපොප ඉන්දුක සිල්වා සීඅයිඩීයෙන් පිටතට මාරු කර යවන ලද නමුත් 2021 දෙසැම්බර් 15 නැවත දේශපාලන පත්වීමක් ලෙස නැවත මොහු සීඅයිඩීයට ඇතුළත් වී ඇති බව පැවසේ.පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ගේ ඩීඑන්ඒ වාර්තා තුන් වරක් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේද මේ ඉන්දුක සිල්වාය.

ඉන්දුක සිල්වාගේ සහෝදරිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස දඬුවම් ලබා ඇති බවද වාර්තා වේ.ඇය කොස්ගොඩ සුජීව නම් පාතාල ක්‍රියාකාරිකයා සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වලට නිරත  වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

එතරම් අශුද්ධ රාජකාරි ඉතිහාසයක් ඇති ප්‍රපොප ඉන්දුක සිල්වාට මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බාර දී ඇත්තේ ජාතික ජන බලවේගයේ ජනපති වරයා පත් වීමෙන් පසුව ඔහු ඉතා හොඳ පොලිස් නිළධාරියකු බවට නීතිය හා සාමය අමාත්‍ය විජිත හේරත් සහෝදරයා ඉදිරියේ උපසම්පදා වී ඇති නිසා වෙන්නටත් පුළුවන.ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශ කළ ආකාරයට පරණ නිළධාරීන් ගේ රාජකාරියේ වෙනසක් නොකර වැඩ ගන්නා බවට ලබා දුන් ලෙනින් සහතිකය නිසා බවටත් වැඩිදුරටත් සිතා ගත හැකිය.

ප්‍රපොප පරීක්ෂක ඉන්දුක සිල්වා අද දින මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට බාධා පමුණවන බවට අධිකරණය⁣ට කරුණු වාර්තා කර තිබේ.පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ දින සිට මාධ්‍යවේදී තරිදු ජයවර්ධන එම ඛේදවාචකය හා සම්බන්ධ තොරතුරු ගවේෂණාත්මකව සමාජය වෙත ප්‍රකාශණය කළ මාධ්‍යවේදියෙකි.ප්‍රපොප ඉන්දුක සිල්වා මේ දඬු කදේ ගසන්නට හදන්නේ පාස්කු ප්‍රහාරයේ යටිබිම් ගත⁣ මෙහෙයුම ගැන දිගින් දිගටම තොරතුරු වාර්තා කළ එම මාධ්‍යවේදියාය.නීතියේ සාධාරණත්වය පතා එන තැනැත්තා පිරිසිදු දෑතින් පැමිණිය යුතු යැයි කියමනක් තිබෙන බවද ප්‍රපොප පරීක්ෂක ඉන්දුක සිල්වා ඇතුළු සීඅයිඩී යේ තක්කඩියන් හට සිහිපත් කරන්නටද අප කැමතිය.

පාදඩ පෝරිසාද තක්කඩියෙකු වූ ප්‍රපොප ඉන්දුක සිල්වාට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී පවා මෙතරම් රඟන්නට ඉඩ හසර පැවතීම ගැන ඉතා බැරෑරුම්ව සිතිය යුතු කාරණයකි. සැබැවින්ම ජනපති අනුර කුමාර සහෝදරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ද වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවට සමාජයට සහතික දෙන්නේ මෙවැනි තක්කඩියන් කෙරෙහි විශ්වාසය තබාද යන්න ගැනත් අපට තවම හරි හැටි පැහැදිලි නැත.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්