සලේ ගේ කැත ගේම් ජාජබ අණ්ඩුවට ෂොට් එක දේවිද
මෙරට සමාජය තුළ නැවත අනාරක්ෂිත බවක් මතු කිරීමේ මෙහෙයුමක් යටි බිම් ගත රාජ්‍ය සාහසිකයන් විසින් මුදා හැර ඇති බව විදේශීය ඔත්තු සේවා නිළධාරියකු ලංකා දවසට අනාවරණය කරන ලදී.එහිදී ඉදිරි මාස හය තුළදී මෙරට සමාජය කම්පනයට පත් කරවන ආකාරයට විශාල පිපුරුමක් ඇති කර මහා මිනිස් ඝාතනයක් සිදු කිරීම මේ සාහසිකයන්ගේ සැළසුම වී තිබේ.ඉන් අනතුරුව ජනපති අනුර කුමාර
දිසානයක මෙරට ජාතික ආරක්ෂාව බිඳ දමා ඇති බවට චෝදනා කරමින් ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීම ඊළඟ පියවර වේ.
එම
විදේශීය ඔත්තු සේවා නිළධාරියා ප්‍රකාශ කළ ආකාරයට අද (29)දින චාවකච්චේරි
අධිකරණය තුළ බෝම්බ ඇතැයි දුරකථන පනිවුඩය ලබා දෙන ලද්දේ ඉනය භාරතී නම්
තැනැත්තෙකි.මේ තැනැත්තා පිල්ලෙයාන් හා කරුණා අම්මාන් ගේ මුල්‍යමය කළමණාකරු
ලෙස කටයුතු කළ අයෙකි.මඩකලපුව අධිකරණයේ බෝම්බ ඇති බවට දුරකථන පණිවුඩය ලබා දී
ඇත්තේ කුමරන් සර්වනාදන් නැමැත්තෙකි.මේ තැනැත්තා යාපනය දිස්ත්‍රික්කයට
රනිල් වික්‍රමසිංහගේ ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ
කරන අපේක්ෂකයෙකි.
අරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන්
අත් අඩංගුවට පත්වූ පුද්ගලයා ආවා කල්ලියට සම්බන්ධව සිටි යාපනය චුන්නාගම්
ප්‍රදේශයේ පදිංචි දාමරිකයෙකි මොහු ආවා කල්ලියේ නායකයා ලෙස කටයුතු කළ අරුන්
සිද්ධාර්ථන්ගේ ඥාතියෙක් වේ.මේ පුද්ගලයා පලස්තීනය ඉරාකය හෝ වෙනත් මැද
පෙරදිග රටක් හා සම්බන්ධ අයෙක් නොවේ. මොහු එල්ටීටී පුහුණුව ලැබූ
ත්‍රස්තයෙකි. ඔත්තු සේවා නිළධාරියා හෙළි කරන ආකාරයට මේ තිදෙනාම මේජර්
ජනරාල් සලේ යටතේ සේවය කළ ඔත්තුකරුවන්ය.කුමරන් සර්වනාදන් හට මේජර් ජනරාල්
සලේ මාසිකව රුපියල් හතලිස්දාහක් පමණ ගෙවූ බවද ඔහු පවසයි.
එම
විදේශීය ඔත්තු සේවා නිළධාරියා වැඩිදරටත් පවසන ආකාරයට මේජර් ජනරාල් සලේ හා
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ඉවත්ව යාමෙන් පසු මෙරට වෙඩි තැබීම්
තිස් පහක් වාර්තා වී තිබේ.ගුවන් තොටුපොළ ආශ්‍රිතව බෝම්බ සඟවා ඇතැයි පැවසෙන
ඇඟවීම් ගණනාවකි බෙලිඅත්ත ප්‍රදේශයේදී දුම්රියේ තිබී වෙඩි උණ්ඩ විශාල
ප්‍රමාණයක් අද දින හමුවිය.අප හා සම්බන්ධ වූ විදේශීය ඔත්තු සේවා නිළධාරියා ඒ
සිදුවීම ගැන පැවසුවේ ඒවා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් දමා ගිය
වෙඩි උණ්ඩ බවය.
මේ සියල්ල හසුරවන්නේ මේජර්
ජනරාල් සලේ හා ඔහු හා සම්බන්ධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් කිහිප
දෙනෙකි.විශේෂ කාර්ය බලකායේ ඉහළ ඇවරියේ නිළධාරීන් කිහිප දෙනෙක්ද මේජර්
ජනරාල් සලේ හා සම්බන්ධව සිටී.යටි බිම්ගතව සාහසික මෙහෙයුම් වල නිරත මේ
අපරාධ කල්ලිය ආණ්ඩුවෙන් වහා අත් අඩංගුවට නොගත හොත් එහි විපාක නුදුරේදීම
ජනපති අනුර කුමාර දිසානායකට විඳින්නට සිඳු විය හැකි බවද ලංකා දවස ඇමතූ
ඔත්තු සේවා නිළධාරියා අනතුරු ඇඟවූයේය.
Comments
Post a Comment