ජනපතිතුමණි වඳින්නම් අපේ රෙදි ගලවන්නට නම් එපා

 


 සාධාරණ නීතියක් මෙරට සමාජය තුළ ස්ථාපිත කිරිමේ අපේක්ෂාවෙන් ජාතික ජන ⁣බලවේගය ආණ්ඩුව පිහිටුවීමට ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාට කතිරය ගැසූ සියල්ලන්ගේ සිහින නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත් වෙත එවා ඇති  ලිපියක් නිසා බිඳ වැටී තිබේ.මේ ගැන ලියන්නට පවා ලැජ්ජාවක් අපේ සිතට දැනේ.ඒ ලැජ්ජාවත් සමගම අපට අප ගැනම දුකක් කණගාටුවක් ඇතිවේ.ඒ මන්ද යත් නීතිපතිවරයාට එම ලිපිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යැවීමට උපදෙස් දී ඇත්තේ ජනපති අනුර කුමාර දිසානායක

සහෝදරයා නිසාය.දැන් නීතිපතිවරයා අපගේ කලිසම ගලවා තිබේ. අප මේ ලියන්නේ අමු හෙළුවෙන් ඉඳගෙනය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

යුක්තියේ මෙහෙයුම නමින් ගෙනගිය පාදඩ පොලිස් කෙරුවාවේදී විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ විසින් බලපිටිය අහුංගල්ලේදී පාතාල ක්‍රියාකාරිකයකුට වෙඩි තබා ඝාතනය කරන ලද බවට චෝදනා කරමින් වින්දිත පාර්ශවය විසින් පවරන ලද නඩුවක් බළපිටිය මහේස්ත්‍රාත් කරණයේදී විභාගයට ගැනුන අතර එහිදී මහේස්ත්‍රාත්වරයා  නියෝග කරන ලද්දේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්  අඩංගුවට ගෙන අධිකරණයට ගෙන  ඉදිරිපත් කරන ලෙසය.එහෙත් පොලීසිය නඩු වාර දෙකකදී එම නියෝගය පැහැර හරින ලද  අතර මහේස්ත්‍රාත්වරයා නැවත හෙට (05)දින මෙම සැකකාර පොලිස් පරීක්ෂක වරයා  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණි.එහෙත් නීතිපතිවරයා බලපිටිය මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව නියෝග කර ඇත්තේ මෙම නඩුකරය විභාග කිරීම අත්හිටුවන ලෙසය.

⁣නීතිපතිවරයාගේ මෙම නියෝගය ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ උපදෙස් මත සිදු කරන ලද්දක් බවට අනාවරණය වේ.කෙසේ වෙතත් මේ නියෝගය පිළිබඳව ⁣නීතිඥ ප්‍රජාව බරපතල කම්පනයට පත් වී සිටී.හෙට (05) පෙරවරුවේ බලපිටිය මහේස්ත්‍රාත්කරණයේ මේ නඩුව විභාගයට ගැනීමෙන් පසුව ජනපතිවරයාගේ හා  නීතිපති ගේ කෙරුවාව රටේ ජනතාවට හෙළිදරව් වේ.ඉන් පසු ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ට අමුඩයත් නැතුව පාරේ ඇවිදින්නට වෙන බව නම් නිසැකය.

ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ගිල ඇත්තේ ලණුවක් නොව දිරච්ච කඹයක් බව නම් පැහැදිලිය.එම දිරා ගිය කඹය පිටුපස    සිටින මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහය.සියල්ල සැලසුම් කෙරුවේ ටිරාන් අලස් ඇතුළු කණ්ඩායමයි.⁣
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවට සම්බන්ධ ගොනුවේ උදෘත සියල්ල ඉවත් කරමින් සත්‍යය වසන් කළ ගොනුවක් නීතිපතිවරයාට යවන ලද්දේ එම කණ්ඩායමයි.මේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා අමාරුවේ දැමීම සඳහා එල්ල කරන ලද පළමු ප්‍රහාරයයි.ඊළගට ඇත්තේ ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම නඩු කරයෙන් ඉවත් කිරීම සදහා නීතිපති ලවා කටයුතු කිරීමේ සැළසුමයි. 
 
මෙරට සමාජය තුළ දේශපාලනික කම්පන ධාරාවන් මතු කළ මෙවැනි අපරාධ නඩු කිහිපයක්ම ඉදිරි කාලයේදී විභාග කිරීමෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා මේ වන විටත් සූදානමින් සිටී.මේ සියල්ල සිද්ධ වන්නේ කුමන්ත්‍රණකාරී සැලසුමකටය.ඇඟට පතට නොදැනෙන ආකාරයට පියවරෙන් පියවරටය.හෙට හවස වන විට ඒ සාහසික සැළසුමේ පළමු වෙඩි මුරය පත්තු වීම⁣ට නියමිතය.

අද අප මේ ලියන මොහොතේ විශේෂ කාර්ය බලකායේ ලොක්කාගේ නිවසේ ප්‍රීති සාදයකි.ඒ හෙට දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන ලද මිනිස් ඝාතන නඩුව නීතිපතිවරයා විසින් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව සතුටටය.

විශේෂ කාර්ය බලකාය බලපිටිය අම්බලන්ගොඩ රත්ගම ආදී ප්‍රදේශවල පසුගිය කාලයේ සිදු කළ මෙහෙයුම් සියල්ල කොස්ගොඩ සුජීවගේ ඕනෑ එපා කම් මත සිදු කළ මෙහෙයුම් බව ජාතික රහස් ඔත්තු සේවා හා යුද හමුදා බුද්ධි සේවා වාර්තා කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා නොදන්නවා වෙන්නට පුළුවන.ඒ නොදැනීම ඔහුගේ රාජ්‍ය පාලනයේ මොනිටසෝරි කම නිසා වෙන්ටද ඉඩ තිබේ.එහෙත් දැන් සිද්ධ වී ඇත්තේ ජනපතිවරයාත් මී හරකාට අන්දාගෙන රාජ්‍ය යටි බිමිගත පාතාලයන් සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගැනීමය.ජනපති අනුර කුමාර දිසානායක මේ මිනිස් ඝාතකයන්⁣ට ඉඩ දීමෙන් කෙල වෙන්නේ ඔහු සහ ජනතා විමුක්ති පෙරමු⁣ණේ සහෝදරයන්ට පමණක් නම් අපට නිහඬව සිටිය හැකිය. 
 
එහෙත් ඒ කෙලවීම ජාතික ජන බලවේගය ගැන මහත් විශ්වාසයකින් සිටි අහිංසක ජනතාවට කෙලවෙන කෙලවිල්ලක් වීම අපට දරා ගත නොහැකි කාරණයක් වී තිබේ.ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා යටිබිමිගත රාජ්‍ය අපරාධකරුවන් ගෙන යන මේ කුමන්ත්‍රණ කාරී සැළසුම ගැන පොලිස් අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ඉතා හොදින් දැනුවත්ය.ඔවුන් මේ සිදු වීම් සැලසුම් කරන්නන් ගැනද හොඳින් දැන සිටින බවද තහවුරුය.එහෙත් අප ගේ විමතියට හේතු වී ඇත්තේ මේ දෙදෙනා ඒ සියළු තොරතුරු ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැනුවත් නොකිරීම ගැනය.

කෙසේ වෙතත් මේ යන විදියට ජාජබ ආණ්ඩුව ඉදිරියේදී ගෝඨාභයටත් වඩා ඉක්මනින් කෙලවා ගන්නා බව නම් අහසේ පායන  ඉර හඳ සේම විශ්වාසය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්