මහින්ද රාජපක්ෂ හමුදා රෝහළෙන් කෝටි ගණනක පින් බේත් අරගෙන නෝන්ඩි වෙලා

 


සේවා අංක නි/0002 ජනරාල් මහින්ද  රාජපක්ෂ ලෙස යුද හමුදා රෝහළෙහි ලියාපදිංචි වී හිටපු ජනපති මහින්ද   රාජපක්ෂ ඉන් වටිනා ඖෂධ ලබා ගෙන ඇති බව Colombo Telegraph කර්තෘ උවිඳු කුරුකුළසූරිය අනාවරණය කර තිබේ.ඔහු සදහන් කර ඇති ආකාරයට මේ ඖෂධ අතර වැඩි වශයෙන් ඇත්තේ එංඟලන්තයේ නිෂ්පාදනය කරන ලද මිල අධික වි⁣ටමින් වර්ග වේ.පසුගිය සතියේද හමුදා රෝහළ හිටපු ජනපතිවරයාට ලක්ෂ එකහමාරක වටිනාකමින් යුතු ඖෂධ නිකුත් කර ඇති බව උවිඳු සඳහන් කර ඇත.


හමුදා ජනරාල් වරයකු ලෙස මහින්ද රාජපක්ෂ හමුදා රෝහළෙහි ලියා පදිංචි වී ඇත්තේ මෙරට අගමැතිවරයා වූ පසුව බව පැහැදිලිය.එය එසේ වන්නේ නම් ඔහු පසුගිය සතිය දක්වාම හමුදා රෝහළෙන් ඖෂධ ලබා ගෙන ඇති බව තහවුරු වේ.

මහින්ද රාපක්ෂගේ දරුවන් තිදෙනා මෙරට ව්‍යාපාර වල නිරතවන්නන් වන අතර සමාගම් ගණනාවක කොටස් හිමියන් වේ.ඒ අතරින් නාමල් රාජපක්ෂ
පසුගිය ජනපතිවරණයේදී මැතිවරණ කොමිෂම වෙත ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයෙන් හෙළි වන්නේ ඔහු සුපිරි ධනපතියකු බවය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඔහු ලබා ගන්නා ලද වැටුප හැරුන විට නාමල් රාජපක්ෂට හා ඔහුගේ බිරිඳට සමාගම් දෙකක කොටස් අයිතිය ඇති අතර ඒ ලින්ක් ඒෂියා හෝල්ඩින් පුද්ගලික  සමාගමේ හා වෙයාර් හවුස් අයිඑන්ටී සමාගමේය.ඔහු 2020දී ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගමේ ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 38ක් වන අතර ලින්ක් ඒෂියා හෝල්ඩින් සමාගමේ ඔහුගේ බිරිඳගේ ආයෝජනය රුපියල් මිලියන එකකි.නාමල් රාජපක්ෂ සතුව රුපියල් මිලියන 8.5ක ස්වර්ණාභරණ හා රුපියල් මිලියන 14.2ක නොකැපූ මැණික් ගල් ඇත.ඔහුගේ බිරිඳට දෙමව්පියන්ගෙන් දායාද ලෙස ලැබුණ ස්වාර්ණාභරණ වල වටිනාකම රුපියල්  මිලියන 38කි.

නාමල් රාජපක්ෂට ඔහුගේ බිරිඳගේ දේපොල ඇයට විවාහයේ දෑවද්ද ලෙස ලැබුණ බවත් එම දේපොල වලින් සියය⁣ට පනහක හිමිකමක් ඇයට හිමි බවත් දැක්වේ.ඒ යටතේ එල්එස්ආර් හොටෙල් පුද්ගලික සමාගමට අයත් කාමර 50කින් යුත් මීගමුව කැටමරන් බීච් හෝටලය කාමර 13 කින් යුත් බෙන්තොට ද මරීනා හෝටලය අක්කර 13 ක මිශ්‍ර කෘෂි බෝග සහිත නිවාස කුටි 26කින් සමන්විත දඹුල්ල රිසෝට් යන දේපොළ වේ.ඊට අමතරව ඇක්වා ස්පෝට්‍රිෂෙන් යටතේ ජල ක්‍රීඩා මධ්‍යස්ථාන තුනක් කළුතර බෙන්තොට හා පාසිකුඩාහි තිබේ.         

මහින්ද රාජපක්ෂ අවුරුදු විස්සකට ආසන්න කාලයක් තමන්ට හිමි පාර්ලිමේන්තු වැටුප  බැංකුවෙන් ලබා ගෙන නොතිබූ බව පසුගිය කාලයේදී අනාවරණය විය.ඒ ඔහුගේ පුද්ගලික ලේකම් වරයා වූ  උදිත ලොකු බණ්ඩාර විසින් බැංකු ගතව තිබූ එම මුදල් වංචා කිරීමේ සිද්ධියක් වාර්තා වීම නිසාය.
එහිදී උදිත ලොකු බණ්ඩාර වංචා කළ මුදල කෝටි පහකට ආසන්න විය.මහින්ද රාජපක්ෂ දීර්ඝ කාලයක් 
තමන්ට හිමි වැටුප ලබා නොගැනීමෙන් හෙළි වන්නේ ඔහු සහ ඔහුගේ අඹු දරුවන් ජීවත් වී ඇත්තේ පොදු මහජනතාවගේ මුදලින් බවය.ඔහු  තවමත් රජයෙන් යැපෙන්නෙකු බව වටහා ගත හැකි වන්නේ පසුගිය සතියේද හමුදා රෝහළෙන් ලක්ෂ එකහමාරක් වටිනා ඖෂධ ලබා ගෙන ඇති නිසාය.හමුදා රෝහළෙන් ඔහු ලබා ගෙන ඇති ඖෂධ විටමින් වර්ග ප්‍රමාණය සළකන විට ඒවා ඔහුට පමණක් ලබා ගෙන ඇති ඒවා නොවන බවද උවිඳු කුරුකුලසූරිය සඳහන් කර තිබේ.

රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂගේ වත්කම ගැන අපට දැන් අවබෝධයක් තිබේ.ඒ ඔහු මැතිවරණ කොමිෂමට ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය නිසාය.ඒ වත්කම් බැරකම් ප්‍රකාශය කියවන වි⁣ට නාමල් රාජපක්ෂගේ ධනවත්කම ගැන ගණන් හදාගන්නට ඕනෑ කෙනෙකුට පුළුවන්ය.
එහෙත් තමන්ගේ පියාට බෙහෙත් අරන් දෙන්නට තරමේ අනුකම්පාවක් නාමල් රාජපක්ෂට නැත්තේ ජානගත තක්කඩිකම නිසා වෙන්නට පුළුවන.
මහින්ද රාජපක්ෂගේ අනිත් දරුවන් දෙදෙනා ගැන කියන්නට ඇත්තේද ඒ ටිකමය.ශිරන්ති රාපක්ෂ පළඳන ස්වර්ණාභරණ දකින විට උන්දෑ සන්තකයේද සෑහෙන මුදල් හදල් තියෙන බව හිතාගත හැකිය.එහෙත් මේ තක්කඩි පවුල දීර්ඝ කාලයක සිට කන්නට බොන්නට හැමිනෙන්නට හා රෙන්⁣නට පුරුදු වී ඇත්තේ පිණටය.

මේ වන විට හමුදා රෝහළෙහි ඖෂධ හිඟයක් පවතින බවට වාර්තා වී තිබේ.
පසුගියදා අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික හමුදාපතිවරයකු ගිලන්ව හමුදා රෝහළෙහි නේවාසිකව ප්‍රතිකාර ලබද්දී පවා නිසි ප්‍රතිකාර නොලැබුණ බවට මාධ්‍ය අනාවරණය කර තිබුණි.එහෙත් හමුදා සෙබළුන්ගේ රෝගී ප්‍රතිකාර සදහා හමුදා රෝහළට වෙන් කරන මහජන මුදල් ප්‍රතිපාදනයන් තක්කඩි⁣ පවුලක් නඩත්තු කිරීමට යොදා ගෙන තිබීම ඉතා අප්‍රසන්න අවලස්සන හා පිළිකුල් සහගත සිද්ධියකි.තමන්ගේ පියාට තම මුදලින් පැනඩෝල් පෙත්තක්  අරගෙන දෙන්නට බැරි නාමල් රාජපක්ෂ වැනි පාදඩයෙකු මේ රටේ පාර්ලිමේන්තු බලය ඉල්ලා සිටීමද විලි ලැජ්ජා නැති කමකි.පියාට මවට නොසළකන දරුවන් වසලයන් බව බුදුන් වහන්සේ වසල සූත්‍රයේ දේශනා කර තිබේ.                                        

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්