පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පොලිස් පරීක්ෂණ අවුල් කිරීමේ වෑයමක්
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පක්ෂයක නායකයකු හා හමුදාවේ හිටපු ඡ්‍යෙෂ්ඨයකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.පසුගියදා චැනල් 4 නාලිකාව ඔස්සේ අනාවරණයක් කළ අසාත් මවුලානා සමග සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්ණ කර අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව මේ දෙදෙනා පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමට නියමිත බවද එම පුවත්පත වැඩිදුරටත් සදහන් කර ඇත.එම තොරතුරු දේශය පුවත්පත වෙත ලබා දෙන ලද්දේ ආරක්ෂක අංශයකින් බවද එහි සඳහන් වී තිබේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින්
චැනල් 4 නාලිකාව සිදු කළ එම අනාවරණය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට හිටපු
විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් කමිටුක් පත් කළ නමුත් දැනට විදේශගතව
සිටින අසාත් මවුලානා එම කමිටුව වෙත සිය සාක්ෂිය ඉදිරිපත් සඳහා ඉදිරිපත්
නොවීය.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන්
ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට රහස් පොලීසියට පැමිණෙන
ලෙසට පසුගියදා දැනුම් දී තිබුනද ඔහු ඒ සඳහා නොපැමිණි බවද වාර්තා විය.එසේ
තිබියදී දේශය පුවත්පත වාර්තා කර ඇති අනාවරණය පාස්කු දින ප්‍රහාරය
සම්බන්ධයෙන් සිදු කරමින් පවතින පොලිස් පරීක්ෂණ වලට දැඩි බාධාවක් විය හැකි
බව ලංකා දවසේ අදහසයි.කුකුළා මල්ලෙන් එළියට දැමීමේ න්‍යායෙන් මේ තොරතුරු
සමාජගත කර පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ
පිළිබඳව පවතින විශ්වාසය බිඳ දමා ආරක්ෂක සේවාවන් තුළ බරපතල අවුල් සහගත
තත්වයක් ඇති කිරීම පිළිබඳව වූ සැකයක්ද මෙහිදී මතුවේ.චැනල් 4 නාලිකාවේ මගින්
පාස්කු දින ප්‍රහාරය ගැන අනාවරණය කළ අසාත් මවුලානා මෙරට පොලීසියට මෙතෙක්
කිසිදු ප්‍රකාශයක් නොකර තිබියදී සූම් තාක්ෂණය ඔස්සේ හෝ ඔහු විසින් ලබා දෙන
සාක්ෂිය කවර ආකාරයේ තොරතුරු පවසාවිද නැද්ද යන්න පවා තහවුරු කර ගැනීමක්
නොමැතිව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා කිරීම පවා සැක
සහිතය.එහිදී අපට සිතිය හැක්කේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන
පොලිස් පරීක්ෂණ නොමග යැවීමට යම් පිරිසක් කටයුතු කරමින් සිටින බවය.
Comments
Post a Comment