පොලීසියේ පාලනය නැවත පොලිස් අපරාධකරුවන්ටම පැවරේ

 


  • තමාද  ඇතුළු කිසිවකු නීතියට ඉහළින් නොසිටිය යුතු බවද සියල්ලන් නීතියට යටත් බවද,නීතියේ ආධිපත්‍යය සුරකින රටක් නිර්මාණය කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා අභිනව පාර්ලිමේන්තුවේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.පසුගිය කාලයේ ආන්දෝලනය⁣ට ලක්වූ අපරාධ ගැන යලි විමර්ශනය කර ඒවායේ වින්දිතයන්ට සාධරණත්වය හා අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන බවටද ඔහු වැඩිදුරටත් පැවසීය.

    නීතියේ ආධිපත්‍යය ආරක්ෂාකරන ආයතන වන්නේ ත්‍රිවිධ හමුදාව හා පොලීසියයි.ජාතික ජන බලවේගය මෙරට ආණ්ඩු බලය ලබා ගන්නා තුරු මේ ආයතන වල බොහෝ ප්‍රධානීන් දේශපාලන ඔඩොක්කු කුක්කන් බවට රෑපාන්තරය වී සිටිය බව රහසක් නොවේ.ඔවුන් සේවය කරන ලද්දේ මහජනතාවට නොව සිය දේශපාලන හාම්පුතුන්ටය.එහිදී මෙරට සිදු කෙරුණ දේශපාලන අපරාධ වංචා හා දූෂණ වසන් කිරීමට මොවුන් වෙතින් ලැබුණ දායකත්වය හා මැදිහත්වීම එම සාපරාධී ක්‍රියා හේතුවෙන් වින්දිතයන්⁣ට වූ අසාධාරණයක්ම විය.මෙරට නීතිය ක්‍රියාත්මක වීම සිද්ධ වූයේ නුහුරටය.
    රාජ්‍ය පාලනය කළ ⁣දේශපාලන බලධාරීන් විසින් රටේ මර්මස්ථාන වල උස් පුටු වලට පත් කර තිබුනේ එහෙයින්ය.නුසුදුස්සන්ය.
    චෞරයන්ය.සමාජ දේශය පුරාම පැතිරී ගිය පාදඩ දේශපාලන සංස්කෘතිය පිළිබඳව පොදු මහජනතාව තුළ
     පැවතියේ බරපතල කළකිරීමකි.මේ කළකිරීම තුළ සමාජයට දැඩි ලෙස දැනුනේ බරපතල වෙනසක් පිළිබඳ අවශ්‍යතාවයයි.ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට ජනතාව කතිරය සළකුණු කෙරුවේ ඒ වෙනස සඳහාය.

    ඒ සන්දර්භය තුළ ආරක්ෂක හමුදා වල ⁣හා පොලීසියේ නීති ගරුක බොහෝ නිළධාරීන් ඒ වෙනස අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගය වටා රොද බැඳ ගත්තේය.සිය ප්‍රධානීන් විසින් සිදු කරන ලද සිදු කරමින් පවතින විවිධ අපරාද වංචා දූෂණ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබා දුන්නේ එම කුලකයට අයත් වුවන්ය.ජාතික ජන බලවේගය ආණ්ඩුව ඒ සැමගේ සිහිනය විය.අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේග⁣යේ නායකයන් පිළිබඳව ඔවුන් දැඩි ලෙස විශ්වාස තැබූූහ.

    අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව හා පාරලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමෙන් පසුව මෙරට රාජ්‍ය තන්ත්‍රයේ උස් පුටු වල සිටි අපරාධකාර  නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පැවතුණි.විශේෂයෙන් පොලීසියේ අන්ත දූෂිත නිළධාරීන් පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි ක්‍රියාමාර්ග වලට එළඹෙනු ඇතැයි ඒ සැ⁣මගේ අපේක්ෂාව විය.

    එහෙත් මේ වන විට  ඒ සියල්ලන්ගේ අපේක්ෂාවන් කුඩු පට්ටම් වෙමින් යන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ.
    ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ බොහෝ පොලිස් නිළධාරීන් ආණ්ඩුවේ මැදිහත් වීම පිළිබඳව තැති ගැන්මට හා කම්පනයට පත් වී සි⁣ටී.එහිදී සිද්ධ වෙමින් පවතින්නේ පෙර පැවති ආණ්ඩුවල පාදඩ දේශපාලඥයන්ගේ  ඔඩොක්කු කුක්කන් ⁣ලෙස කටයුතු කළ පොලීසියේ සාහසික අපරාධකරුවන් ⁣ජාජබ ආණ්ඩු⁣වේද මර්මස්ථාන වල බල ආධිපත්‍යය හසුරවමින් සිටීමය.

    ජනාධිපති අනුර කුමාර සහෝදරයා බලයට පත් වීමෙන් පසුව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් වරයා ලෙස   හා හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම පොලීසියේ ජාතික ජන බලවේග⁣යට සමිබන්ධව සිටි බොහෝ නිළධාරීන්ගේ අමන්දානන්දයට ⁣හේතු විය.
    එහෙත් මේ වන විට අපට පොලීසියෙන් ලැබෙන තොරතුරු වලින් අනාවරණය වන්නේ ඔවුන් දෙදෙනා රූකඩ බවට පත් වී ඇති බවය.එහි අර්ථය වන්නේ පොලීසියේ මෙතෙක් කාලයක් සිදු වූ සාහසික අපරාධ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට කිසිවක් කිරීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවය.
    පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යලි විමර්ශනය කරන බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව දුන් ප්‍රථම සහතිකය වන්නේ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු වල පිහි⁣ටුවීමයි.එහෙත් ජාජබ ආණ්ඩුවෙි මේ මැදිහත් වීම ජනතාව මුලා කරවන ගැල විජ්ජාවක් පමණක් බවට වන තරමේ අදහසක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතී.මේ අදහසේ පදනම වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සදහා ජාජාබ ආණ්ඩුව පත් කරමින් සිටින පොලීසියේ පාදඩ තක්කඩියන් සමූහයයි.
    එම තක්කඩියන් සමූහය ගැන ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැනුවත්ද  නැද්ද යන්න අපි නොදනිමු.
    එසේත් නැතිනම් මෙම පත් කිරීම් සඳහා නිර්දේශ කරන ජාතික ජන බලවේගයේ
    සිය සමීපතමයන් පිළිබඳව ජනපති අනුර සහෝදරයා දැඩි විශ්වාසයකින් සිටී.

    කෙසේ වෙතත් මෙරට බුද්ධි සේවාවන් වල ක්‍රියාකාරිත්වය ඉතා බරපතල බිඳ වැටීමකට ලක් වී ඇති බව හෝ එසේත් නැතහොත් බුද්ධි සේවාවන් ජනපති අනුර සහෝදරයා වෙත සැබෑ බුද්ධි තොරතුරු ලබා නොදෙන බවට අප⁣ට සැකයක් මතුවෙමින් තිබේ.ඒ මන්ද යත් මේ වන විට ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ පොලීසියේ අපරාධ විමර්ෂණය සදහා වගකීම් බාර දී ඇති පොලිස් නිළධාරීන් ගේ අපරාධකාර පැටි කිරිය ගැන ජනපතිවරයා වෙත වාර්තා කළ බවක් මෙතෙක් හෙළි නොවන නිසාය.එය එසේ වී ඇත්තේ සිදුවී ඇත්තේ යටි බිම් ගත රාජ්‍යයේ අපරාධකරුවන් ජාජබ ආණ්ඩුව මේ වන විටත් සිය ග්‍රහණයට ගෙන ඇති බව තහවුරු වෙමින් තිබෙන නිසා බව අපට සිතේ.

     මෙරට ආන්දෝලනය⁣ට ලක් වූ අපරාධ පිළිබඳව විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණයක් කර දෙන බවට ජනපති අනුර කුමාර සහෝදරයා පසුගිය දින පාර්ලිමේන්තුවේදී සහතික විය.එහෙත් ඒ වන විටත් පොලිස් අමාත්‍යංශයේ උපදේශකයා බවට පත් කර සි⁣ටියේ රගර්  ක්‍රීඩක තාජුඩීන් ඝාතන පරීක්ෂණ යටපත් කිරීමට මැදිහත්ව ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ විශ්‍රාමික පොලිස් නිළධාරියෙකි. 2016 ජුනි 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත තාජුඩීන් ඝාතනය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන ලද කොළඹ අපරාධ කොට්ඨාශයේ අංක 05 ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහ පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර ගේ නියෝගය පරිදි මියගිය තාජුඩීන් ගේ  0777354500 දරණ දුර කථන අංකයට අයත් ඇමතුම් වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති B 6802/11 නඩු  අංකය යටතේ වූ මුදල්  මංකොල්ල නඩුවකට සම්බන්ධ දුරකථන ඇමතුම් වාර්තා සමග ලබා ගත් බවය.පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහගේ එම ප්‍රකාශය ඩයලොග් සමාගමේ ප්‍රධාන  විමර්ශන නිළධාරී ප්‍රේමසිරි රත්නායක විසින් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තහවුරු කර තිබේ.නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා ලෙස පත් කර ඇත්තේ මේ ඩී.එල්.ආර්.රණවීරය.දැන් අපට අනුර සහෝදරයාගෙන් ප්‍රශ්ණ කරන්නට ඇත්තේ පසුගිය කාලයේ මෙරට සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සම්බන්ධ⁣යෙන් සිදු කරන විමර්ශන සිදු කරන විට තාජඩීන් ඝාතනය ගැන විමර්ශනය නොකිරීමට තීරණය කර ති⁣බේද යන්නය.ඒ මන්ද යත් තාජඩීන් ඝාතන පරීක්ෂණ නොමග යැවූ පොලිස් නිළධාරියා ⁣නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා ලෙස රඳවා ගනිමින් එම පොලිස් පරීක්ෂණ ස්වාධීනව සිදු කිරීමට නොහැකි බැවිනි.

    ඒ  අතරේම තවත් අපූරු තොරතුරක් අප වෙත වාර්තා වී තිබේ.මේ තොරතුරද අප ⁣වෙත ලබා දෙන ලද්දේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වූ දැනටමත් සක්‍රීය පොලිස් සේවයේ නිරතව සිටින පොලිස් ඡ්‍යෙෂ්ඨයකි.ජනපති අනුර සහෝදරයාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත් කර සිටින ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රචලිතව සිටින්නේ පච හේරා යන අනවර්ථ නාමයෙනි.මේ පච ⁣හේරා ගැහැණුන් හා සුරාවට ඉතා ලොල් නිළධාරියෙක් බවටද වාර්තා වේ.එහිදී කෙටියෙන් සඳහන් කරනවා නම් ⁣අප වෙත තොරතුරු දුන් පොලිස් ඡ්‍යෙෂ්ඨයා පවසා සිටියේ පච හේරාට බෝතලයක් හා ගැහැණියක් දුන්නේ නම් ජනපති අනුර සහෝදරයාගේ ගෙදර බල්ලාද පවා දෙන තරමේ කෂඩයෙක් බවය.පච හේරා මේ තනතුර ලබා ගැනීම සදහා ජාතික ජන බලවේගයේ ප්‍රධානියෙකුට ජාඇල බෝජෝ සංචාරක නිකේතනයේදී හොඳට සප්පායම් වන්නට පහසුකම් සැළසූ බවද අපට තොරතුරු ලැබී තිබේ.නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නට හා ශානි අබේසේකර නිකමුන් බවට පත් වී ඇත්තේ ජාතික ජන බලවේගයේ ඒ ප්‍රධානියාගේ කෙරුවාව නිසා බව පැහැදිලිය.

    පොලීසිය හසුරවන ජාතික ජන බලවේගයේ ප්‍රධානියා පොලීසියේ සාහසික දුෂිතයන් සමග කවර නෙයියාඩමක් නැටුවද අපට ගායක් නැත.
    එහෙත් අපට ඒ ගැන නිහඬව සිටින්නටද නොහැකිය.ඒ මන්ද යත් ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සදහා සිය ජීවිතය පවා අවදානමට ගනිමින් අපට තොරතුරු සැපයූ පොලිස් නිළධාරීන් ගේ අපේක්ෂාවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව අප පෙනී සිටින නිසාය.අද ජාතික ජන ⁣බලවේගය ආණ්ඩුවේ නීතිය හා සාමය සම්බන්ධයෙන් වග කිව යුත්තන් ඉතා අසික්කිත ආකාරයෙන් පාවා දෙමින් සිටින්නේ ඒ අති උත්තම කැප වීම් කළ පොලිස් නිළධාරීන් තුළ වූ විශ්වාසයයි.අප ඒ ගැන ජනපති අනුර ⁣සහෝදරයා⁣ට චෝදනා නොකරමු.එහෙත් ඔහු ගේ සමීපයේ සිටිමින් වංචාකාරීව පැරණි ජාවාරම්කාර සාහසිකයන් සමග ගණුදෙනු කරන ජාජබයේ නීතිය හා සාමය අමාත්‍යංශයේ වගකිව යුත්තන් ගැන අපට ඇති වී ඇත්තේ දැඩි පිළිකුලකි.කළකිරීමකි.පොලිස් සේවාවේ ඇට්ටකුණා වුන අන්ත දූෂිතයන් ජාජබ ආණ්ඩුවේ ආදරය කරුණාව තුළ ශුද්ධ වන්තයන් බවට රූපාන්තරය වන බවට කවරකු හෝ සිතන්නේ නම් එය බරපතල වරද්දා ගැනීමකි.මේ දූෂිතයන් රහසේ ගණන් හදමින් සි⁣ටින්නේ ජාජබ ආණ්ඩුවට කෙල වෙන තුරුය.පසුගිය මැතිවරණ වලදී ජාජබ ආණ්ඩුවට බලයට පත් වීමට අවස්ථාවක් නොලැබු⁣ණේ නම් ජාජබයට උපකාර කළ පොලිස් නිළධාරීන්ට කෙල වෙන්නේ අම්මට සිරි ගානටය.එහෙත් ජාජබයට උපකාර කළ පොලිස් නිළධාරීන් අද සිටින්නේද දැඩි කණගාටුවකිනි.ඒ පොලිස් සේවාව තුළ තවමත් රජ කරන්නේ පැරණි සාහසික අපරාධ කරුවන් නිසාය.මේ පොලිස් අපරාධකරුවන්ගේ පැටිකිරිය බුද්ධි අංශ වාර්තා තුළ සඳහන් වී තිබේද නැද්ද යන ගැන හෝ එම බුද්ධි තොරතුරු පිළිබඳව ජනපති අනුර සහෝදරයා දැනුවත්ද නැද්ද යන්නත් අපට සැකයක් මතු වී ඇත්තේ පොලීසියේ ඉහල ඇවරිය තුල සිදු වෙමින් පවතින ⁣ඉතා බරපතල කුමන්ත්‍රණකාරී සිදුවීම් නිසාය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්