මතුගම කන්නගර විද්‍යාලයේ විදුහල්පතිණිය නෝන්ඩියි
පසුගිය දිනවල මතුගම සී.ඩබ්.කන්නන්ගර විද්‍යාලය මෙරට මාධ්‍ය වල විශේෂ අවධානයට ලක්වුනා.ඒ 12 වන ශ්‍රේණිය සඳහා පැවැත්වූ වාර විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්ණ පත්‍රයට ජාතික ජන බලවේගයට අදාල ප්‍රශ්ණ පහක් ඇතුළත් කර තිබීම නිසා.මේ ප්‍රශ්ණ පත්‍රය බොහෝ දෙනෙකුගේ විවේනයට බඳුන් වූවා පමණක් නොවෙයි සමාජ මාධ්‍ය වල ජනපතිවරයා පවා ඉලක්ක කරගනිමින් ඒ පිළිබඳව උපහාසාත්මකව හා අපහාසාත්මකව විවිධ ආකාරයේ අදහස් ප්‍රකාශ වුනා.ඇතැමුන් එය අධ්‍යාපන ඇමතිනිය වූ හරිණි අමරසූරියගේ මැදිහත් වීමෙන් සිදු වූවක් බවට පැවසෙන තරමේ සාහසික විවේචනයන් පවා එල්ල කරනු ලැබුවා.මේ සෑම විවේචනයක් තුළම පැවතියේ ජාතික ජන බලවේගයේ දේශපාලනයට එරෙහි මතයක් මිස අන් දෙයක් නොවෙයි.
සැබැවින්ම
මේ ප්‍රශ්ණ පත්‍රය සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ආණ්ඩුවේ වෙනත්
බලධරයෙකුගේ මැදිහත් වීමක් නැති බව පසුව අනාවරණය වුනා.
පසුගියදා
(22)මේ විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය තිබුණා.එහි ප්‍රධාන ආරාධිතයා වූයේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන. ජගත් විතාන
මන්ත්‍රීවරයා එම උත්සවයේදී සිදු කරන ලද්දේ දේශපාලනික කතාවක්.ඔහු එහිදී
ජාතික ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍ය
නලින්ද ජයතිස්ස විවේනය කළ බව වාර්තා වුනා.සෞඛ්‍ය අමාත්‍ය නලින්ද
ජයතිස්ස,නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ,පරිසර අමාත්‍ය
ධම්මික පටබැඳිිගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේ
විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්.එහෙත් මේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඒ කිසිවෙකුටත්
ආරාධනා කර තිබුණේ නැහැ.
වාර විභාග ප්‍රශ්ණ
පත්‍රයට මහත් ආන්දෝලනයකට ලක් වූ ප්‍රශ්ණ පහ ඇතුළත් කිරීම පිටුපස වූ
කුමන්ත්‍රණය පැහැදිලි කර ගැනීමට දැන් ඉතා පහසුයි.
එය මේ
විද්‍යාලයේ විදුහල්පතිණිගේ දේශපාලනික වුවමනාව මත සිදු වූවක් බව තහවුරු
වෙනවා.ඇය ඕනෑකමින් හා දැනුවත්ව ජාජාබ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ
අපේක්ෂාවෙන් කුමන්ත්‍රණකාරීව කටයුතු කර ඇති බව පෙනී යනවා.ඒත් හැංගි හැංගි
වෙස් බැන්දාට නටන්න වෙන්න එළියේ බව විදුහල්පතිණිය වටහා ගන්නේ නම් හොඳ බව
ලියා තැබිය යුතුයි.ඒ කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට
විදුහල්පතිණිය සිදු කළ මේ සිල්ලර ක්‍රියාව අධ්‍යාපන බලධරයන්ගේ අවධානයට ලක්
විය යුතුමයි.
(ඡායාරූප හා ලියවිල්ල අන්තර්ජාලයෙනි )
Comments
Post a Comment