ටිරාන් අලස් සර්ට ආදරයෙන් ලියා දන්වන වග නම්
ටිරාං අලස් මැතිතුමාගරු අපේ ජනපති තුමාකොළඹ.සර්,මම හිතාගෙන හිටියෙ අනුර කුමාර මහත්තයා ජනාධිපති වුනාට පස්සෙ අපට කෙලවෙයි අපේ බිස්නස් ඉවර වෙයි කියලා.ඒත් දැන් ලංකාවෙන් ඩුබායි වලට හම්බවෙන ආරංචි වල හැටියට සර් තමා රට පාලනය කරන්නේ.සර්ට ඕන විදියට තමා පොලීසියෙ ඔක්කොම මාරු කරන්නෙ හෙම කියල.පොලිස් ඇමති සර්ට බයයි නේද.ඇත්තටම සර් මම දැනං හිටියෙ නෑ සර් ඔච්චර වැඩ්ඩෙක් කියල.මාලිමාවෙ හැම දෙනාම සර් ගාව කොරයිලු නේද.පොලිස් අමාත්‍යංශෙට අර රවියි ශානියි කියන පොලිස්කාරයො පත් කරාම අපේ බජාර් එක හිතුවෙ අපට බඩු බනිස් වෙයි කියල සර්.අම්මපා සහතික ඇත්ත සර්.සර් එයාල දෙන්න වැඩ බැරි ටාසන්ල දෙන්නෙක් කියල හෙට අනිද්ද වෙද්දි මිනිස්සු කතා කරාවි.මගෙ අම්මෝ සර්ගෙ ප්ලෑන් තමා ප්ලෑන්.එයාල දෙන්න සීරෝ කරල බල්ල මාක් කරලම එලියට දැම්මම හරි.අනුර කුමාර මහත්තයට පින්සිද්ධ වෙන්න ඕන සර් එක්ක තියෙන බොක්කෙ ෆිට් එකට.අපි ඉතින් බය නෑ සර්.අපේ බිස්නස් එකට සෙට් වෙලා හිටිය පොලීසියෙ බඩු කෑලි ආරක්ෂා වෙලා ඉන්න හන්ද .ඒව ඉතින් සර් ගෙ වැඩනේ.අයෙ දෙකක් නෑ.මාලිමාවෙ උන් කොර සර් ගාව.සර් උන්ට ඒ බය ඕමම තියාගන්න විදියට වැඩ කරන්න.නැතිනම් ඉතින් අපට පාතාලෙ රන් කරගන්න බැරිවෙයි.අපිට ෂපෝට් ඇස්ටීඇෆ් එකේ සර්ල ටික මාරු කරන්න නම් දෙන්න එපා හොදේ.කොළඹගේ සර් කුමාර සර් කුලසේකර සර් අපේ බොක්කවල්.සර් දන්නවනේ ඉතිං .ඒව ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනේ.සර් පොලිස් ඇමති ඉන්න කාලෙ ඇස්ටීඑෆ් එකට කියල මම කොච්චර වැඩ කර ගත්තද.විදුරයගෙ මාමණ්ඩිට ගාල්ලෙදි ෂොට් එක දුන්නෙ ඇස්ටීඑෆ් එකේ අක්මීමන කෑම්ප් සුපර් බුලටි දෙකක්.කොස්ගොඩ තාරකයට ගේම දෙන්න ඒඇස්පී මහින්ද මහත්තය උදව් කරා.දේශබන්දු මහත්තයට කියල.මගේ බඩු එහෙට මෙහෙට ගෙනියන්න උදව් කෙරුවෙ ඒඇස්පී ළමාහේවා සර් තමා.ළමාහේවා සර් එයාගෙ ජිප් එක තමා දුන්නෙ බඩු එහාට මෙහාට බස්සන්න.ඒ ජිප් එක සර් පාස්කු කේස් එකට සීඅයිඩී එකට ගත්තු සුපිරි වන්ඩියක්.එයා තමා අර නාකොටික් එකේ සර්ල දහ අටක් අහුවුන කුඩු කේස් එක කෙරුවෙ.හැබැයි සර් පස්සෙදි ළමාහේවා සර් මට කිව්ව ඒ කේස් එකේ සාක්ෂිකාරයට ෂොට් එක දෙන්න කියල.මම මගේ බලපිටියෙයි මතුගමයි ගෝලයො ලව්ව අළුත්ගමදි ඌට ෂොට් එක දුන්නා.මගේ වැඩ එහෙමයි සර්.මේවට ඉතින් සර්ගෙ ආරක්ෂාව තියෙන හන්ද හොදයි.මං ඔන්න සර් ඒඇස්පී මහින්ද මහත්තය කරපු උදව්වට එයාටයි නෝනටයි එංගලන්තයට යන්නයි එහෙ ගිහිල්ල ඉන්නයි සල්ලි දුන්නා.ඇයි සර් අර සර් ගෙ යාළුවා.ඉලුක්පිටිය සර් .මගේ ගෝලයො තමයි බලා ගන්නෙ ඇතුලෙ.ඒ සර් දෙයියනේ කියල ගෙදර ඉන්නව වගේ තමයි හිරගෙදරත් ඉන්නෙ.අපේ කොල්ලො කිව්ව සර් ගාව ඉන්න එස්ටීඑෆ් මහත්තරු තමයි ඉලුක්පිටිය සර්ට කෑම ගේන්නෙ කියල.සර් මාලිමාවෙ වුන්ට පුළුවන්ද සර් එක්ක හැරන්නවත්.උන් එයාලගෙ ලීඩර්ල උසී උසී කියන කොට ඔහෙ දුවන මෝඩ හරක් නේද සර්අම්මප සර් මම පහුගිය දවස්වල හරිම බයෙන් හිටියෙ .මගේ ජාවාරම්වලට කෙල වෙයි කියල.දැන් නම් හිත හැදිල.පොලිස් ඇමති විජේපාල බොසා බැලැක් ලේබල් බෝතලය ගාව පොඩි එකෙක් වගේ සර්.හරි හුරතල්.එයා සර් ගෙ අඹ යාළුවා කියලත් ජාඇල බොජෝ රෙස්ටුරන්ට් එකේදි කිව්ව.මගේ ගෝලයෙක් තමයි එයාට එතැන සැට් කරල දුන්නෙ.කන බොන මිනිස්සුනේ සර්.සර් නියම සුපර් බඩුවක්.මේ ආණ්ඩුවෙන් සර්ට ඉහින් බහින ලෙඩක් වැටෙන්නෑ කියල දැන්නම් ෂුවර්.බොක්ක දාල හිටියෙ මේ ආණ්ඩුවට තුනෙන් දෙක ලැබුන කිව්වාම.එයාලට කරන්න පුළුවන් ලබුවක් නෑ කියල දැන් ඉර හඳ වගේ විශ්වාසයි.ඒ ක්‍රෙඩිට් එක ඉතින් සර්ට තමා දෙන්නෝන.සර් මාර හපනා සර්.සර්ට විරුද්ධව අනුර බොසා කටක් ඇරල හ්ම් කියන්නෑ කියල දැන් දන්නවා.සර් තමයි ඉතිං හැමදාම අපේ ජනාධිපති.එල එල සර්.බුදු සරණයි සර්මීටකොස්ගොඩ සුජීව නොහොත් අගම්පොඩි සුජීව සොයිසාඩුබායි රාජ්‍යයේ සිටපසුව ලියමි/සර් මම ඩුබායි වල ඉන්නෙත් මෙහෙ පොලීසියෙ ලොක්කෙක් ගෙ ගෙදර.එයා ගැන දේශබන්දු සර් දන්නවා
Comments
Post a Comment