ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට වැළඳුන කඩි කුලප්පුව බරපතලය

 


හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නීති විරෝධීව වාහනයක් එකලස් කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට පොලීසිය වෙනුවෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පෙනී සිට ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.


නීති විරෝධී ලෙස වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩු ගැන දිවයි⁣නේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ අද ඊයේ සිට නොවේ.ඒ නඩු වලට පොලීසිය වෙනුවෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෙනී සිටි බවක් කිසිම දිනක වාර්තා වී නැත.ඒ එම නඩු  එතරම් සැළකිය යුතු නඩු නොවන නිසාය.

එහෙත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව සම්බන්ධයෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට හදිසියේ වැළඳුන කඩි කුලප්පුව ප්‍රශ්ණ සහගතය.ඔහු ජාජබ ආණ්ඩුවෙන් ලකුණු දාගන්නට අධිකරණයට ගියා වෙන්නට පුළුවන.එසේ නැති නම් ලොහාන් සමග තිබෙන පරණ ඇරියස් එකක් කවර් කර ගැනීමට ගියා වෙන්ටත් බැරි නැත.කෙසේ වෙතත් ඡෙනිපො රුවන් ගුණසේකර ගේ මේ පඩත්තල පෙනී සිටීම නිසා ආණ්ඩුවට  දේශපාලනිකව හානියක් වන බව නම් කිව යුතුමය.ඒ මෙවැනි සිල්ලර නඩුවකට ⁣රුවන් ගුණසේකර වැනි පොලිස් ඡ්‍යෙෂ්ඨයකු යොදවා ගනිමින් ආණ්ඩුව ලොහාන් රත්වත්තේ ගෙන් දේශපාලනිකව පළි ගනිමින් සිටිනවාය වැනි අදහසක් සමාජගත කෙරෙන බැවිනි.

⁣⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර වැන්නන් අයත්  ව⁣න්නේ රජතුමා නිදාගන්නා විට ආරක්ෂා වීමට කඩුව දුන් වඳුරා ගේ කුලකයටය.
එබැවින් මෙවැනි පොලිස් ලොක්කන්ගෙන් ජාජබ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම  නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ වගකීමය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්