හලෝ ⁣හලෝ මොනවද හලෝ මේ වෙන්නෙ

  


පසුගිය දිනක දුරකථනයෙන් ලංකා දවස ඇමතූ ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට මරාගෙන මැරෙන මෙහෙයුමක නිරත වූ සමාජ තලයේ පහල ඇවරියේ  සහෝදරයෙක් ගේ ප්‍රකාශය මෙහෙමය.


"...මොනවද හලෝ මේ වෙන්නෙ .අපි අනුර කුමාරල බලයට ගේන්න මොන තරම් මහන්සි වුනාද.දැන් මට හිතාගන්න බැරුව ඉන්නෙ අනුර කුමාර මේ මොනවද කරන්නෙ කියල.අපි හොදටම රැවටුනා වගේ.කුඩ්ඩො ආස්සරේ කරපු පොලිස් කාරයො තවම ඒ ඒ තැන් වල.මං හිතන්නෙ හෙට අනිද්ද දේශබන්දු පොලිස්පති කරයි.වැඩේ සිද්ධ වෙන හැටි බලාගෙන ඉන්න කොට එහෙම වෙයි කියල ගණන් හදා ගන්න පුළුවන්.මම පහුගිය ඡන්දෙට අපේ ගෙදර මාලිමාවෙ කාර්යාලයක් දැම්මා.මාලිමාවෙන් ඉල්ලපු අහවල් ලෝයර් නෝනට.දැන්නම් මම ඒකිට කියනවා මින් පස්සෙ අපේ ගෙදර පස් පාගන්න එපා කියල .මම මාලිමාවට ෂපෝට් කෙරුවෙ මේ කුඩ්ඩන් ගෙන් තියෙන කරදරේ නිසාමයි.
 
අපේ පැත්තෙ කොස්ගොඩ සුජීගෙ ගෝලයො මට මරණීය තර්ජන කරල තිබුණෙ.උන්ට එස්⁣ටීඑෆ් එකේ ෂපෝට් එක තිබුණ.එස්.ටී.එෆ් එකේ අයි.පී.කොළඹගේ කෑවෙ බිව්වෙ ඒ අපතයන් එක්ක.ඇත්තටම මම මාලිමාවට උදව් කෙරුවෙ මේ ජරා පොලීසියවත් හදල අපට  නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වේවි කියල හිතල.දැන් ඉතින් අපට ඇඳුමක් ඇඳගෙන පාරට  බහින්න බැරි වෙලා තියෙන්නෙ.අනුර ගණුදෙනු කරන්නෙත් ටිරාන් අලස් එක්ක කියල මට තේරිල තියෙනව.ටිරාන් අලස් එක්ක අනුරල ගණුදෙනු කරනව කියන්නෙ ඉතින් කොස්ගොඩ සුජීව ආස්සරේ කරනවම තමා.ඇත්තටම අනුරල ඇයි අපි මේ විදියට පාවා දෙන්නෙ.මුන් මිනිස්සුද කාලකන්නිද.ඇත්තටම මම තවමත් බලා ගෙන ඉන්නවා මාලිමා⁣වෙ උන් කරන මේ පාහර වැඩේ ගැන.තව ටික දවසක්.ඔව් තව ටික දවසක්.ඇත්තටම අනුරට හෙණ ගහන්න ඕන අපි රැවටුවට.මේ රැවටීම සෙල්ලම් රැව⁣ටිල්ලක් නොවෙයි හොදේ.
සහගහන අපරාධයක්.

ටිරාන් අලස් කියන්නෙ අමු තක්කඩි අපරාධකාරයෙක් කියල මම දන්නවා.මොකද මම කොළඹ සමාජයෙ එහෙ මෙහෙ යන මනුස්සයෙක් නේ.පහුගිය ආණ්ඩුව කාලෙ ටිරාන් දේශබන්දු එක්ක එකතු වෙලා ගහපු ගේම් ගැන ඕන එකෙක් දන්නවා.
ඔයාලගෙ ලංකා දවසෙම කොච්චර ලියන්නැද්ද ඒව.අනුර ඒව දන්නෑ කියල
හිතන්න බැහැ.එයා අත දරුවෙක් නොවෙයිනේ.දැන් බලන කොට අනුරයි මාලිමාවෙ උන් මාර නළුවො.අපි⁣ දෙමළ
පික්චර් එකක් බලල ආතල් ගත්ත වගේ.
ඔයාල ලංකා දවසෙන් කොච්චර මාලිමාවට ෂපෝට් කරාද.මේ මිනිසුන්ගෙ කළකිරීම මාලිමාවෙ ලොක්කන්ට කියන්න.මෙහෙම ගියෙත් මම නම් ඊළගට ඡන්දෙ දෙන්නෙ මාලිමාව තුක් නොදකින් කියල මහින්ද  මහත්තයට.රට බංකොලොත් කරත් ඒ මනුස්සය යුද්දෙ දිනෙව්වනේ.බොරු කයිවාරු නැතුව අනුරට දැන් වුනත් පුළුවන් පොලීසියෙ ඉන්න ජරා යක්කු එලවන්න.ඒත් දැන් බලාගෙන ගියාම අනුර හැමිනෙන්නෙත් උන් එක්ක.

මේ අනුර⁣ල  ගහන්නෙ තක්කඩි ගේමක් නම් උන්දැලාට ඉතින් ටිරාන් අලස් එක්කම තමයි බුදි වදින්න වෙන්නෙ.පව් හලෝ අපි. 

ඔහු ලංකා දවස ඇමතුවේ ජාතික ජන බ⁣ලවෙිගය ආණ්ඩුව ගැන දැඩි වේදනාවකිනි.කළකිරීමකිනි.කේන්ති යෙනි.පසුගිය මැතිවරණ වලදී ඔහු ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට ගත් වෙහෙස මහන්සිය අපි දනිමු.ඔහු අපට පොලීසියේ දූෂණයන් ගැන බොහෝ තොරතුරු ලබා දුන් අයෙකි.
 
ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව මෙරට සමාජය තුළ නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරනු ඇති යැයි දැඩි විශ්වාසයක් ඔහුට තිබුණි.එහෙත් මේ වන විට ඔහු සිටින්නේ බරපතල කම්පනයකිනි.මේ කම්පන ධාරාව හුදකලාව තක්සේරු කර නොතකා සිටින්නට අපට නොහැක.ඒ මෙහි කෙළවර ඇත්තේ මෙරට හැට නව ලක්ෂයකට අධික ජනතාව මාලිමාව පිළිබඳව තැබූ විශ්වාස⁣ය පුපුරා යාමේ බරපතල අවදාානම නිසාය.
 
එහෙත් ජාතික ජන බලවේගයේ නායකයන් මේ මතුවෙමින් තිබෙන අවදානම්කාරී ව⁣ටපිටාව වටහාගන්නේ කවර ආකාරයෙන්ද යන්න ගැන අපට තවමත් විනිශ්චයක් නැත.ඒ කෙසේ වෙතත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුව තවදුරටත් ටිරාන් අලස් හුරතල් කරනවාද නැතිනම් ජනතාවගේ අපේක්ෂාවන්ට සාධාරණය ඉටු කරනවාද යන්න ගැන තීරණයකට වහා එළඹිය යුතුය.
 
එම තෝරාගැනීම් අතරින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තේරීම ටිරාන් අලස් නම් අපට ලියන්නට තියෙන්නේ මාලිමාවට ඡන්දය  දුන් මිනිසුන් තමන් අතින් අරගෙන තමන්ගේ පස්ස පැත්තේ ඇරගත්තා කියා පමණය.එහෙත් අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාජබ ආණ්ඩුව තවමත් ප්‍රමාද නැති බවත් අපි සිහිපත් කරමු.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්