වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමග යැවූ පොලිස් කාරයෙක් පොලිස් අමාත්‍යංශයේ උපදේශකයෙක් වෙලා

 


  • අද (06)දින නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙසට පත් වී ඇත්තේ මරු බඩුවකි.මේවා සිද්ධවෙන්නේ කාගේ අවශ්‍යතාවකට යන්න අපට වැටහීමක් නැත.එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකුගේ පැටිකිරිය ගැන අපට හොඳ  අවබෝධයක් තිබෙන බැවින් ⁣අද නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස පත්වීම ලැබූ මේ උන්දෑ ගැන අමුතුවෙන් හදාරන්නට අවශ්‍ය නැත.සොයා බලන්න⁣ටද ඕනෑ නැත.
    ඒ නිසාම මේ මාර උපදේශකයාගේ පැරණි වෘත්තිමය කෙරුවාව ගැන අපට අත්දැකීම් සහිත යම් කියවීමක් තිබේ.අපගේ ඒ කියවීමෙන් ඇමති සහෝදරයාගේ සිත රිදෙන්නටද පුළුවන.

    ⁣නීතිය හා සාමය ඇමති විජිත හේරත් සහෝදරයා රාජපක්ෂ නිකායේ බණ පිළිපදින්නකු නම් අද දින තමන්ගේ උපදේශකයා ලෙස පත් කර ගත් උන්දෑගේ උපදෙස් අනුශාසනා ඇමතිකමට අපූරුවට ගලපා ගත හැකිය.එහෙත් අප තවමත් සිතා සිටින්නේ විජිත හේරත් සහෝදරයා  ජනතා  විමුක්ති පෙරමුණේ නායකයකු විදියටය.එසේම ඔහු අමාත්‍ය ධුරයට පත් වන්නේ ජාතික ජන බලවේගය කෙරෙහි මෙරට ජනතාව තැබූ විශ්වාසය නිසා බව අපි සිහිපත් කරමු.

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු හා ජාතික ජන බලවේගය ආණ්ඩු⁣වේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස විජිත හේරත් සහෝදරයා රාජපක්ෂ වරුන්ගේ නොසන්ඩාල බලු සුරතලකු තමන්ගේ ඔඩොක්කුවට ගැනීම ගැන නම් අපට ඇතිවන්නේ දැඩි පිළිකුළකි.ඔක්කාරයකි.හිරිකිතයකි සිත කම්පා කරවන කණගාටුවකි.

    ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගිය ඩී.එල්.ආර්. රණවීර පොලිස් සේවාවේ යෙදී සිටියදී අප මුලින්ම හඳුනා ගන්නේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වරයා විදියටය.ඒ දිනවල ඩී.එල්.ආර් .රණවීර  පොලිස් අධිකාරිවරයෙකි.මේ කාලය චන්ද්‍රිකා බණ්ඩාරණායක මෙරට ජනපතිවරිය ලෙස කටයුතු කළ යුගයයි.
    පානදුර දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වූ පො.අධිකාරී ඩී.එල්.ආර්. රණවීර ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් සමග දිගින් දිගටම සම්බන්ධතා පවත්වමින් දූෂණ ක්‍රියා වල නිරතව සිටින බවට බස්නාහිර පළාතේ අමාත්‍යවරයකු විසින් ජනපතිනියට පැමිණිලි කිරීම නිසා ඇය මොහු වහාම එම ධුරයෙන් ස්ථාන මාරු කර යැවීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නීය.

    ඉන් අනතුරුව 2016 ජුනි මාසයේ 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ විභාගය⁣ට ගන්නා ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අබිරහස් මරණය පිළිබඳ නඩුවේදී රහස් පොලීසිය ලබා දුන් සාක්ෂියක් නීතිය හා සාමය ඇමති විජිත හේරත් සහෝදරයාට කියවීම සදහා අපි ඉදිරිපත් කරමු.එදින රහස් පොලීසිය අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා පවසා ඇත්තේ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයෙ විසින් පැවැත්වූ විමර්ශන හිටි හැටියේ නවත්වා එම මරණය රිය අනතුරක් ලෙසට වාර්තා සැපයීමට එහි උසස් පොලිස් නිළධාරියා කටයුතු කර ඇති බවය.ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන ලද්දේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීරය.

     එපමනක්ද නොවේ.රහස් පොලීසිය මෙහිදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් වෙනත් නඩුවක් හා සම්බන්ධ බවට සදහන් කරමින් වසීම් තාජුඩීන්ගේ දුරකථන ඇමතුම් වාර්තා ලබා ගෙන ඒවා රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස එවකට කටයුතු කළ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ වෙත ලබා දී බවටත් ⁣අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත පවසා තිබේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් මංකොල්ල කෑමක් සම්බන්ධව පැවැති අංක B 6802/01/11 දරණ නඩුවේ නියෝගයක් උපයෝගී කර ගනිමින් වසීම් තාජුඩීන් භාවිතා කළ දුරකථන අංක 0777354500 දුරකථනයේ ඇමතුම් වාර්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඡෙ.පො.අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් මෙසේ ලබා ගෙන ඇති බවද වැඩිදුරටත් රහස් පොලීසිය අධිකරණය වෙත ප්‍රකාශ කර ඇත.මේ උන්දෑ එහිදී සිදු කර ඇත්තේ ඉතා බරපතල වෘත්තීමය විෂමාචාරයකි.එය අධිකරණය පවා නොමග යවමින් අධිකරණය වෙත සිදු කළ අපහාසයක් ලෙසද සැළකිය හැකිය. 

    මේ නඩුවට අදාලවම 2012 මැයි 17 වන දින 06.20 පැයට කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබියදී වසීම් තාජුඩීන් ගේ මුදල් පසුම්බිය අහුලා ගත් වෙම්බඩි බාස්කරන් රහස් පොලීසියට ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට හා කිරුළපන පොලීසිවලටත් කොළඹ අපරාධ කොට්ඨාශයටත් කට උත්තර ලබා දුන් බවය.එහෙත් රහස් පොලීසිය ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමසූ විට ඉන් ප්‍රකාශ කර ඇත්තේ අදාල පුද්ගලයාගෙන් තම කොට්ඨාශය කට උත්තර ලබා නොගත් බවය.ඒ පිළිබඳවද අධිකරණය වෙත කරුණු  දක්වා ඇති රහස් පොලීසිය කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඩී.එල්.ආර්.රණවීර වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ නොමග යවා ඇති බවද සදහන් කර තිබේ.

    ජාතික ජන බලවේගය පසුගිය  ජනපතිවරණ වේදිකාවේදී වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් නැවත පොලිස් පරීක්ෂණ අරඹන බවට ජනතාවට සහතික වෙන ලදී.එහෙත් නීතිය හා සාමය ඇමති සහෝදරයා  තමන්ගේ අමාත්‍යංශයේ උපදේශකයා ලෙස වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ නොමග යැවූ මහ උන්දෑ පත් කරගෙන තිබේ.මේ පැන්ෂන් පොලිස් කාරයා ජාතික ජන බලවේගයේ පොලිස් විශ්‍රාමිකයේ ක්‍රියාකාරිකයකු ලෙස සිටිය බව ඇත්තය.එහෙත් ඔහුගේ පැටිකිරිය සොයා නොබලා ඔහු නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස පත් කර ගැනීම කිසිසේත්ම අනුමත කළ හැකි කාරණයක් නොවේ.

     මේ ඩී.එල්.ආර්.රණවීර නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස තබා ගනිමින් වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ නැවත ආරම්භ කළ හොත් මේ උන්දෑ ගේ ඒ හා බැඳුන දූෂිත අපරාධමය  කෙරුවාව ගැන ප්‍රශ්ණ කිරීම කරන්නේ කෙසේද යන්න ගැන අපි නීතිය හා සාමය විජිත හේරත් සහෝදරයාගෙන් දැන ගැනීමට කැමතිය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්