වලාන දූෂණ මර්ධන කොට්ඨාශය නිෂ්පාදනය කළ නාට්‍යයේ බනානා සුජීව රඟපෑවාද

 


පානදුර වලාන දූෂණ මර්ධන කොට්ඨාශය පසුගියදා සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සුජීව සේරසිංහගේ නිවස වටලන ලදී.ඒ ඔහු සන්තකයේ හමුදා කැලෑ ඇඳුම් සහ නීති විරෝධී වාහනයක් ඇතැයි පැවසෙන තොරතුරකට අනුවය.පසුව සුජීව සේරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව වෙත රැගෙන ආ ඔහුගේ හිමිකාරිත්වය යටතේ තිබූ සුපිරි රථය ඉන් අනතුරුව ඔහු විසින්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ආකාරය රූපවාහිනී මාධ්‍යයන් ගණනාවක  විකාශනය කෙරිණි.මේ සිද්ධිය තුළ සැක සංකා මතුවන කරුණු ගණනාවක් පවතී.එහිදී  සුජීව සේරසිංහට එරෙහිව චෝදනා කරන ලද නීති විරෝධීව එකලස් කරන ලදැයි සඳහන් කෙරුණ  ඔහුගේ සැක සහිත වාහනය ඔහු විසින්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමත් ඉන් අනතුරුවම එය ඔහුම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙන යාමත් සැක මතුවන කරුණු අතර වේ.මේ  වාහනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් පවත්වාගෙන යමින් තිබුණේ නම් එය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේ චුදිතයා නොව පොලීසිය විසිනි.
එහෙත් මෙහිදී පොලීසිය මැදිහත් වූ බවක් පෙනෙන්නට නොතිබුණි.

මේ සියල්ල සිද්ධ  වූයේ පොලීසිය විසින් දේශපාලඥයන් නීති විරෝධීව එකලස් කරන ලදැයි පැවසෙන වාහන අත් අඩංගුවට ගනිමින් සිටින වටපිටාවකය.එහිදී එම චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවා බන්ධනාගාර ගත කෙරිණි.මේ වන විට සුජීව සේරසිංහගේ වාහනය නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් නොවන බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කරන ලදැයි පැවසේ.

එය එසේ වන්නේ නම් සුජීව සේරසිංහට එරෙහිව වලාන දූෂණ මර්ධන කොට්ඨාශය සිදු කළ විමර්ශනය ව්‍යාජ  තොරතුරකට අනුව සිදු කරන ලද්දක් බව තහවුරු වේ.දැන් පොලීසිය සෙවිය යුත්තේ මේ තොරතුර දුන් අය කවුරුද යන්නය.ඒ මන්ද යත් සූජීව සේරසිංහද එසේ මෙසේ පුතයෙක් නොවන නිසාය.ඔහුගේ දේශපාලන පැටිකිරිය තුළම ඇත්තේ තක්කඩිකමය.බැඳුම්කර සිද්ධිය අසත්‍ය චෝදනාවක් බවට තහවුරු කරන්නට ග්‍රන්ථයක් රචනා කරන ලද්දේ මොහුය.සුජීව සේරසිංහ බැදුම්කර සිද්ධියට සම්බන්ධ චුදිත පාර්ශවයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව පසුව හෙළි විය.

සුජීව සේරසිංහ සන්තකයේ නීති විරෝධී වාහනයක් ඇති බවට වූ  චෝදනාවෙන් ඔහු දැන් නිදහස්ය.ජාජබ ආණ්ඩුව විසින් ව්‍යාජ පැමිණිලි නගමින් ආණ්ඩුවට ⁣විරුද්ධ දේශපාලඥයන් දඩයම් කරමින් සිටින බවට වූ  චෝදනාව සුජීව සේරසිංහ දේශපාලන පිටියට දැමිය  හැකි ඊළඟ තුරුම්බුවයි.
මේ තුරුම්බු නිෂ්පාදනය සුජීව සේරසිංහ තනිව සිඳු කරන්නක් නොවන බව නම් ඉතා පැහැදිලිය.එය සිද්ධ වන්නේ සංවිධානාත්මකවය.මේ සදහා පොලීසියේ ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ නිසැක සම්බන්ධයක් පවතී.
සුජීව සේරසිංහ හා සම්බන්ධ සිද්ධියේදී වලාන දූෂණ මර්ධන කොට්ඨාශය ගැනද සැකයක් මතු වේ.මේ සියල්ල සිද්ධ වන්නේ අහඹු ලෙස නොව කුමන්ත්‍රණකාරී විදියට බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්