මහින්දානන්ද ගේ දේශපාලන සමුගැනීම ඇස් බැන්දුමක්

 


හිටපු  ජනපති මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අළුත්ගමගේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ගෑස් සිලින්ඩරයෙනි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය⁣ට තරග කළ ඔහුට අත් වූයේ අන්ත වූයේ පරාජයකි.අනතුරුව
පාර්ලිමේන්තු  මැතිවරණයෙන් පරාජයට පත් වූ මහින්දානන්ද අළුත්ගමගේ තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන ලද්දේ පාක්ෂිකයන් කැඳවමින් පවත්වන ලද  රැස්වීමකදීය.

මහින්දානන්ද ගේ අළුත්ගමගේ ගේ දේශපාලනයෙන් සමු ගැනීම මෙරට දේශපාලඥයන් සිදු කරන තක්කඩි නිරූපනයට අයත් ක්‍රියාවලියේම තවත් එක් රංඟනයක් මිස විමතියට පත් කරන සිදු වීමක් නොවේ.ඒ මහින්දානන්ද නැවත දේශපාලනයට පැමි⁣ණෙන බවට අපට ඉර හඳ සේම විශ්වාස නිසාය.ඔහුගේ එම මැදිහත්වීම සිද්ධ වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ අසමත් වීමේ දර්ශකයන් තුළය.

දේශපාලනයට ඒමට පෙර පෞද්ගලික සමාගමක සිල්ලර වෙළඳ නියෝජිතයෙකු වූ මහින්දානන්ද  අළුත්ගමගේ පසු කාලයකදී සුපිරි ධනවතකු බවට පත් විය.යහපාලනය පැවැති සමයේදී මොහුට එංගලන්තයේ නිවාසයක් පවා හිමි බව හෙළි විය.සිල්ලර වෙළඳ නියෝජිතයකු දේශපාලඥයකු වීමත් සමගම සුපිරි ධනවතකු බවට පරිවර්තනය වීම හාස්කමකින් සිද්ධ වූ දෙයක් නොවේ.
ඉන් අනාවරණය වන්නේ මොහුගේ දේශපාලන සහභාගිත්වය තුළ මොහු විසින් සිදු  කළ වංචා හා දූෂණ වල විශාලත්වයයි.අමාත්‍යවරයකු ලෙස  විවිධ ආකාරයේ වංචනික උපයා ගැනීම් වලින් ධනවතකු බවට පත් වූ මහින්දානන්ද අළුත්ගමගේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වීමත් සමග දැඩි කම්පනයට හා භීතියට පත් වී ඇති බවද සිතන්නට පුළුවන.ඔහු දේශපාලනයෙන් සමුගැනීමේ ජවනිකාව වේදිකාවට ගෙන එන්නේ මේ කම්පනය හා බිය සමග බව පැහැදිලිය.

එහෙත් මොහු ගේ ඊළඟ කුරුමාණම ජාතික ජන බලවේගය ආණ්ඩුව දුර්වල වන තුරු බලා සිටීමය.ඒ වටපි⁣ටාව නිර්මාණය වීමෙන් පසුව මහින්දානන්ද අළුත්ගමගේ නැවත දේශපාලනයට පැමිණීමට පෙර ක්‍රියාත්මක වීම ජාජබ ආණ්ඩුවේ වගකීමයි.ඒ මොහු අමාත්‍යවරයකු ලෙස සිදු කරන ලද විවිධ දූෂණ හා වංචා විමර්ෂණය කිරීමෙන් අනතුරුව නීතිය හමුවට පැමිණවීමෙනි.එය එසේ නොවුනහොත් 
ජාජබ ආණ්ඩුවට එරෙහිව ඉදිරි කාලයේදී මහින්දානන්ද අළුත්ගමගේ  නැවත දේශපාලන වේදිකාවට පැමිණෙනු ඇත්තේ ශුද්ධවන්ත සද්දන්තයකු ලෙසය.


  •  or 

  • Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    ඇත්තටම ඌ අපේ එකෙක්