බුදු අම්මෝ කිරි පුතේ හෙණ ගහපං ගණං බලාපං

 



මෙරට ජනපතිකම් හොබවා පැන්ෂන් ගිය අබිලි පරාණ කිහිපයක් ආරක්ෂා කිරීමට සිය  දෙපාර්තමේන්තුව මාසිකව වැය කරන මහජන මුදල් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුව විසින් අද (06) දින අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී  අනාවරණය කරන ලදී.මේ අබිලි පරාණ වන්නේ මෙරට සිටි ජනපතිවරුන් පස් දෙනෙකු හා මියගිය ජනපතිවරයකුගේ බිරිඳය.මේ පැන්ෂන්කාර උන්දැලා සඳහා පොලිස්  දෙපාර්තමේන්තුව දළ වශයෙන් මිලියන 1100 ක මුදල් ප්‍රතිපාදනයන් මාසිකව වැය කරමින් සිටින බව එහිදී හෙළි කෙරිණි. පොලිස් සේවාවේ නිරත පොලිස් නිළධාරීන් එක් ලක්ෂ අසූ දහසකගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇත්තේද මිලියන 1500ක් බවද     මෙහිදී හෙළි විය.

මේ අබිලි පරාණ වෙනුවෙන් පොලීසිය වැය කරන්නේ කජු ඇටත් නොවේ. කොස් ඇටත් නොවේ.පොලිස්පතිගේ අම්මාගේ අප්පාගේ බූදලයද නොවේ. මහජන මුදල්ය.හරිහමන් විදියට කන්න බොන්න වත් නැතුව දුක් විඳින මිනිසුන්ගේ රීරි මාංශයෙන් රජය බදු විදියට උදුරා ගන්නා මුදල්ය. 

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  ගේ ආරක්ෂක පිරිවැය සදහා පොලිස් දෙපාර්තමේන්තුව මාසිකව වැය කරන මුදල රුපියල් නව කෝටි අනූ අට ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හැට හතරයි සත තිස් හතරකි(රු.998871864.34).

ඇයට ලබා දී ඇති ජිප් රථ සංඛ්‍යාව 02 කි.යතුරු පැදි 05 කි.කාර් රථ 01

මාසිකව ඇය වෙත ලබා දෙන ඉන්ධන සදහා වැය වන මුදල පවතින ⁣වෙළඳ පොළ වටිනාකම අනුව දෙලක්ෂ අනූ පන්දහස් හාරසිය හතලිස් පහකි(රු.295445.00)

ඩීසල් ලීටර් 500
පෙට්‍රල් ලීටර් 495

ඇයගේ ආරක්ෂාවට ලබා දී ඇති පොලිස් නිළධාරීන් සංඛ්‍යාව පනස් හතකි(57)

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව මාසිකව වැය කරන ආරක්ෂක පිරිවැය ප්‍රමාණය රුපියල් ⁣තිස් දෙකෝට් හැට පන් ලක්ෂ අසූ දෙදහස් අටසිය දහනවයයි සත අනූ දෙකකි
(රු.326592892.92).

ජිප්  රථ 05
යතුරු පැදි 04
වෑන් රථ 01
ත්‍රී වීල් 02
ඩබල් කැබ් 03
බස් 02
කාර් රථ 01

ඩීසල් ලීටර් 1770
පෙට්‍රල්  ලීටර් 829
සුපර් ඩීසල් ලීටර් 200

ඉන්ධන සඳහා වියදම රුපියල් අට ලක්ෂ විසි දෙදහස් පන්සිය විසි නවයක් වේ (රු.822529.00)

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති පොලිස් නිළධාරීන් ගණන එකසිය අසූ හතකි(187)

මෛත්‍රීපාල සිරිසේන ගේ පොලිස් ආරක්ෂාව ආරක්ෂාව සඳහා රුපියල් දහ අට කෝටි පනස් එක් ලක්ෂ හැට හය දහස් පන්සිය තිස් පහක්  (රු.185166535)මාසිකව වැය කෙරේ.

ඔහුට ජිප් රථ 04 ,යතුරු පැදි 05,ත්‍රීවීල් 01,බස්රථ 02 ක් ලබා දී තිබේ.

එම  වාහන සඳහා ඩීසල් ලීටර් 200,
පැට්‍රල් ලීටර් 500,සුපිරි ඩීසල් ලීටර් 250ක් ලබා දීම සිදු කෙරේ.ඉන්ධන සඳහා මාසික පිරිවැය අසු ලක්ෂ එක දහස් දෙසීය පනහකි ( රු.801250).

ඔහුගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරීන් එකසිය දහතුන් දෙනෙකු(113) යොදවා තිබේ 

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්  පාලීසිය මාසිකව වැය කරන මුදල රුපියල් තුන් කෝටි අනූ එක් ලක්ෂ හතලිස් එක් දහස් හාරසිය අසූ අටකි (රු.39141488.00).

ඔහුට ජිප් රථ 01,යතුරු පැදි 02 හා කාර් 02 ක් ලබා දී ඇත.

එම වාහන සදහා මාසිකව ඩීසල් ලීටර් 400,පෙට්‍රල් ලීටර් 200ක් ලබා දෙනු ලබයි.එම වාහන සඳහා මාසිකව වැය වන මුදල එක් ලක්ෂ අසූ තුන් දහස් එකසිය හැත්තෑපහකි (රු.183175.00)

ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් විසි දෙදෙනෙකු සේවයේ යොදවා ඇත.

හේමා ප්‍රේමදාස සඳහා පොලීසිය මාසිකව වැය කරන මුදල රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂ හැත්තෑ අට දහස් දහ අටකි(රු.29878018.00)

ඇය වෙත ජීප් රථ 01 ක්   හා යතුරු පැදියක් ලබා දී තිබේ.මෙම වාහන සඳහා පෙට්‍රල් ලීටර් 37 ක් හා ඩීසල් ලීටර් 225 ක් මාසිකව නිකුත් කෙරේ.ඒ සදහා දරණ පිරිවැය අසූ තුන් දහසි හයසිය හැත්තෑ දෙකකි(රු.83672).

ඇයගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිළධාරීන් සංඛ්‍යාව දහ හත් දෙනෙකි.(17)

රනිල් වික්‍රමසිංහ සදහා පොලීසිය මාසිකව වැය කරන මුදල රුපියල් විසිපන් කෝටි තිස්තුන් ලක්ෂ අනූපන් දහස් දෙසීය හතලිස් නවයකි.
(රු.253395249)ඉන්ධන සදහා එක් ලක්ෂ හතලිස් හතර දහස් තුන්සිය තිහක් වැය කෙරේ.

ඔහුට ජිප් රථ 02ක් ලබා දී ඇති අතර ඒ සදහා ඩීසල් ලීටර් 500ක් දෙනු ලැ⁣බේ.  

ඔහුගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරීන් එකසිය පනස් එක් දෙනෙකු (151) යොදවා සිටී.          

මේ අබිලි පරාණ වල ආරක්ෂාව සදහා පොලිස් දෙපාර්තමේන්තුව මෙතරම් මුදලක් මාසිකව වැය කරන බවට සඳහන් කර ඇතත් යුද හමුදාව එම උන්දැලා වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය මේ ඇස්තමේන්තුවට ගණනය කර නැති බවද සඳහන් කළ යුතුය.                                                                                

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි