ඉලුක්පිටිය අද තනියම හිරගෙදර

 


වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධාකරණය දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය දැන් සිටින්නේ බන්ධනාගාරගතවය.2024 අංක 08 දරණ අධිකරණ ආයතන පනතේ විධි විධාන අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව ඔහු බන්ධනාගාර ගත කරන ලද  අතර නැවත එම නඩුව විභාගයට ගැනීමට   නියමිතව ඇත්තේ 2025 ජනවාරි 22 දිනය.අධිකරණ ආයතන වලට අපහාස කිරීමේ වරදකට චෝදනා ලබන්නෙකු නඩුව අවසන් වන තුරු බන්ධනාගාර ගත කෙරේ.

හිටපු ආගමන විගමන පාලක වරයා පසුගිය කාලයේ කටයුතු කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා තඹ  දොයිතුවකට මායිම් නොකරන උද්දච්ච ආකාරයෙනි.ඒ නීතිය හා සාමය අමාත්‍යංශයේ ඒ දින වල ඇමතිවරයා වු ටිරාන් අලස් ගේ උපදෙස් පරිදි බව මාධ්‍ය වලට අනාවරණය වෙමින් තිබුණි.හිටපු අමාත්‍ය ටිරාන් අලස් ඒ දිනවල මහජන හමුවීම් වලදී  මෙරට පවතින නීතිය පමනක් නොව ජාත්‍යන්තර නීතිය පවා නොතකා රාජකාරි කරන ලෙස⁣ට පොලීසියට හා සිය අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දෙන බොහෝ අවස්ථාවන් මාධ්‍ය වෙතින් හෙළි කෙරිණි.

හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රාජකාරි කෙරුවේද හිටපු ඇමති ටිරාන් අලස්ගේ හයි කාරකම් හිතට අරගෙනය.ඒත් දැන් ඉලුක්පිටිය කූඩුවේය.ටිරාන් අලස් නිදැල්ලේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා  සිටින හර්ෂ ඉලුක්පිටියට දිනපතා ආහාර සපයන්නේ ටිරාන් අලස්ය.එම ආහාර ගෙනියන්නේ ටිරාන් අලස්ගේ ආරක්ෂාවට රජයෙන් සපයා ඇති විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ය.ඒ විශේෂ කාර්ය බලකායට අයත් CBM 2059 දරණ ජිප් රථයෙනි.ඇතැම් අවස්ථාවල ටිරාන් අලස් ගේ මවුබිම පුවත්පත් ආයතනයේ තිබෙන KP 4372 වාහනයද ඒ සදහා යොදා ගැනේ.

අධිකරණය⁣ට අපහාස කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පවත්වන නඩු විභාගයට ඉදිරි කාලයේදී හර්ෂ ඉලුක්පිටියට මුහුණ දීම⁣ට සිදු වන්නේය.
කරෝල කටු කෑවා නම් විඳවාපන් බළලෝ යැයි ඉලුක්පිටිය උන්නැහේගේ අඹු දරුවන්ට දැන් සිතෙනවා ඇත.⁣අධිකරණය⁣ට අපහාස කිරීමේ වරදට හදිසියේවත් හර්ෂ ඉලුක්පිටියට සිර දඬුවම් ලැබුණහොත් තව දුරටත් ටිරාන් අලස් සපයන බත් කෑම අහිමි ⁣වන අතර ඉන් පසු කෑමට ගන්නට වෙන්නේ වැලිකඩ බත්ය.රෑට රඳවා සිටින හිර කූඩුවේදී රෙන්න බර හැදුනොත් ඒ වැඩේ කරන්නට සිද්ධ වෙන්නේ බකට් එකටය.හැම උදෑසනකම ජම්පරය ඇඳ වැඩ පාටිය⁣ට යන්නට සිඳුවේ. කෙටියෙන්ම සඳහන් කරනවා නම් රාජ්‍ය පරිපාලනයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වූ ඉලුක්පිටිය උන්නැහේ නිකම්ම නිකම් නොම්මරයක් බවට පත් වන්නේය. නොසන්ඩාල  දේශපාලඥයන්ගේ දෙපා ලෙව කන ⁣රජයේ නිළධාරීන්ට ඉලුක්පිටිය මේ විඳවන විඳවිල්ල හොඳ පාඩමක් බව නම් කිව යුතුමය.                      

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්