: නීතිපතියා කපෝතියි.
විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු පසුගියදා බලපිටිය අහුංගල්ලේදී මරණයට පත් වීම බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණය එම මරණය මිනිස් ඝාතනයක් බවට තීන්දු කරන ලදී.අනතුරුව මෙම මිනිස් ඝාතනයට සම්බන්ධ බවට සැක කරන විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නැමැත්තා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබුණි.එහෙත් විශේෂ කාර්ය බලකාය එම සැකකාර පොලිස් පරීක්ෂක වරයා අධිකරණයට බාර දීම නඩු වාර දෙකකදී පැහැර හැර තිබුණි.ඊළඟ අවස්ථාවේ නඩු කරය කැඳවූ විට නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමු කර දන්වා තිබුණේ අදාල සැකකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා නැගීමට තරමේ සාක්ෂි මේ සිද්ධිය තුළ නොමැති බවය.නීතිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති කොට්ඨාශය මගින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත පිටපතක් සහිතව යොමු කරන ලද එම ලිපිය මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය දක්වන නීතිඥ ප්‍රජාව හා නීතිඥ සංඟමය දැඩි කම්පනයට පත් කරවන ආන්දෝලනාත්මක ලිපියක් බවට පත් වූ අතර එම ලිපියේ අන්තර්ගතය වැඩිදුරටත් යූ ටියුබ ගණනාවක ප්‍රශ්ණ කරන්නට පවා යෙදුනි.නීතිපතිවරයා විසින් පොලීසියේ නීති කොට්ඨාශය වෙත එම ලිපිය එවීමට පෙර මෙරට මාධ්‍ය අනාවරණය කරන ලද සිදුවීමක් අදාල ලිපිය හා සම්බන්ධ බවට සියල්ලන්ගේ සැකයට හේතු විය.ඒ විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරියා ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවී විශේෂ කාර්ය බලකායට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු තිස් පහකට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස් කර ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවය. ජනපතිවරයා නීතිපතිවරයාට ඒ ගැන සොයා බලන ලෙස උපදෙස් දුන් බවත් එහිදී අනාවරණය විය.ජනපතිවරයා විසින් විශේෂ කාර්ය බලකායට එරෙහි නඩු ගැන අවධානය යොමු කරන ලෙසට නීතිපතිවරයාට දුන් උපදෙස ජාතික ජන බලවේග ආණ්ඩුව බිඳ දැමීමට මර උගුල් සැලසුම් කරමින් කණ්ඩායම ඉබ්බා දියේ දැමීමක් හා සමාන අවස්ථාවක් බවට පත් කර ගන්නා ලදී.නීතිපතිවරයාද මේ කල්ලිය මගින් හසුරවන සාමාජිකයෙක් බවට පත්ව සිටියේය.හිටපු ඇමති ටිරාන් අලස් හා විශේෂ කාර්ය බලකායේ අණ දෙන්නා නීතිපතිවරයා හමුවී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩු කරයට අදාලව ලිපිය සැකසීම සිදු කරන ලදී.නීතිපතිවරයාගේ ආන්දෝලනාත්මක ලිපිය පොලිස් නීති කොට්ඨාශය වෙත නිකුත් කෙරුණේ ඉන් අනතුරුවය.නීතිපතිවරයාගේ මේ තක්කඩි ගේම ගැන විමසන විට අපට සිහිපත් වන්නේ සිංහල භාෂාවේ විරාම ලකුණු යෙදීම සම්බන්ධයෙන් වූ අපූරු වැකියකි.එය මෙසේය."මේ ලිපිය රැගෙන එන්නාට ජීවත්වීමට ඉඩදෙන්න එපා මරන්න" යනුවෙන් වූ එම වැකියේ නැවතීමේ තිත ඉඩදෙන්න යන වචනයේ අවසානයේ යෙදූ විට හා එපා යන වචනයේ අවසානයේ යෙදූ විට අරුත් ගැන්වෙන්නේ දෙයාකාරයටය.ජනපතිවරයා විසින් විශේෂ කාර්ය බලකායට එරෙහි නඩු සම්බන්ධයෙන් බලන්න යැයි ප්‍රකාශ කළ විට නීතිපති ඇතුළු කල්ලියද කුමන්ත්‍රණයේ පළමු පියවර අරඹන්නේ එම භාෂාමය ව්‍යාකරණ අරුත් ගැන්වීම හා සමානවමය.මේ කල්ලිය ජනපතිවරයා දුන් උපදෙස සිය තක්කඩි අවශ්‍යතාව අනුව හැඩ ගස්සා ගන්නා ලද්දේ ඒ ආකාරයෙනි.එහෙත් ජනපති අනුර කුමාර දිසානයක සහෝදරයාට අවසානයේදී එම ලිපිය සම්බන්ධයෙන් වාර්තා විය. නීතිපතිවරයා ඇතුළු තක්කඩි කුමන්ත්‍රණකාරීන්ගේ සැළසුම ඔහු විසින් වහාම නවතා දැමීමට කටයුතු කෙරිණි.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා නීතිපතිවරයාට බර වචනයෙන් සිහිපත් කර දී ඇත්තේ නීතිපතිකම යනු අමුතු ජාතියේ තනතුරක් නොවන බව හා එම තනතුරද රජයේ නිළධාරියකු පමණක් බව සිතා රාජකාරි කරන ලෙසය.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා යනු තවත් එක් දේශපාලඥයෙක් පමණක් යැයි සිතා සිටින කට්ට කයිරාටික රාජ්‍ය නිළධාරීන් එක දෙයක් සිහියේ තබා ගන්නේ නම් හොඳය.ඒ ඔහු තැම්බීමට තරමේ ලුණු ගොරකා තම තමන් සතුව නැති බවය.ඉංග්‍රීසියෙන් කතා කර සිංහලෙන් හිනාවෙන රනිල් වික්‍රමසිංහලාට ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සමග හැරෙන්නටත් බැරිය. ඒ ඔහු ලෙයින් හා යකඩින් තෙම්පරාදු වුන ජීවිතයක් ඇති මහ පොළවේ පය ගසා හුස්ම ගන්නා අපේ කාලයේ මිනිසෙක් නිසාය.නීතිපතිවරයාට තියා වෙන කිසිම අයියා කෙනෙකුට අපේ ජනපති සහෝදරයාගේ කණෙන් රිංගා යන්නටද බැරිය.බලපිටිය අධිකරණය බය වද්දා සෙල්ලම් දාන්නට ගිය නීතිපතියා කපෝති වන්නේද ඒ නිසාය.
Comments
Post a Comment