මිනුවන්ගොඩ මහා මුදල් මංකොල්ලය පිටුපස පොලිස් මහ හොරෙක් සිටීදැයි සැකයක්



  පසුගියදා මිනුවන්ගොඩදී  සිදු කරන රුපියල් කෝටි හතාමාරක මංකොල්ලයට සමිබන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ විශේෂ අපරාධ  විමර්ෂණ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තාවේ.මෙම මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට විදේශගත වී ඇති බව පැවසේ.ඔහු ගායක ළහිරු පෙරේරා ගේ සහෝදරයා වේ.අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගෙන් ලද තොරතුරු අනුව    ලක්ෂ හතලිහක මුදලක් පොලීසිය සොයාගෙන  ඇති අතර කෝටි හතරක මුදලක් සැකකරුවන්  විසින් වියදම් කර ඇති බව පැවසේ.ඉන් ඉතිරි මුදල් ප්‍රමාණය විදේශයට පලා ගිය සැකකරු  ගෙන ගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


එහෙත් එම මංකොල්ල කන ලද කෝටි හතලිහක මුදලින් කෝටි පහකට ආසන්න මුදලක්  ගම්පහ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න විසින් මාටියා ගසා ඇති බව ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ සේවා පැටිකිරිය ගැන අවධානය යොමු කරන විට මේ තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගත හැකිය.පසුගිය යුද සමයේ එල්ටීටී සැකකරුවන් කිහිප දෙනෙකුට විදේශගත වීමට මුදල් ලබා ගනිමින් කූඨ ලේඛන සකසා දීම සම්බන්ධයෙන් චෝදනා ලද රොහාන් ප්‍රේමරත්න අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස රඳවා තිබූ ලක්ෂ හැත්තෑපහක මුදලක් වංචා කිරීම පිළිබඳවද  චෝදනා ලද අයෙකි.පොලිස් සේවයේ අන්ත නසරානියෙකු හා ජාවාරම්කාරයෙකු ලෙස හංවඩු වැදී සිටින රොහාන් ප්‍රේමරත්න මේ වන සිටිය යුත්තේ වැලිකඩ සිරගෙදර ජම්පරය ඇඳ ගෙනය.එහෙත් රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු වීමේ හේතුවෙන් මොහුට ⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දක්වා උසස්වීමේ වරප්‍රසාදය හිමි වූ අතර මොහු ජාතික ජන බලවේගය ආණ්ඩුවේද කරුණාව හා ප්‍රසාදය හිමි කර ගන්නට තරමේ සුවි⁣ශේෂී පොලිස් නිළධාරියකු වීමද විශේෂයකි.
ලංකා දවසට තොරතුරු ලැබී ඇති ආකාරයට රොහාන් ප්‍රේමරත්නට ගම්පහ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම ලබා දීමට උපදෙස් දී ඇත්තේ ජනපති අනුර කුමාර සහෝදරයාය.ඒ හිටපු අමාත්‍ය ටිරාන් අලස් ගේ ඉල්ලීම මත බව දැන ගැන්ම⁣ට තිබේ.

කෝටි හතාමා⁣රේ මුදල් මංකොල්ලයේ ප්‍රධාන සැකකරුගේ සහෝදරයා වන ගායක ළහිරු පෙරේරා හා පොලීසියේ බොහෝ ඡ්‍යෙෂ්ඨයන් අතර දැඩි හිතවත් කමක් තිබූ බවද අනාවරණය වෙි.මීට ඉහත කාලයකදී ගායක ළහිරු පෙරේරා ගේ නිවසින් ⁣පියානෝවක් සොරකම් කිරීම සමිබන්ධයෙන් පිය පුතු දෙපලකට වද හිංසා පමුණවන ලදැයි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගන්නා ලදී.කෝටි හතහමාරේ මුදල් මංකොල්ලය සිදු කර දින කිහිපයකින් සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලද අතර එම දින කිහිපය තුළ සැකකරුවන් විසින් කෝටි හතරක මුදලක් වියදම් කර ඇතැයි කියවෙන තොරතුරු පවා කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය.එම සැකකරුවන් අතර සිටින මුදල් රැගෙන ගිය වාහනයේ රියදුරු කිසිදු බයක් හැකක් නොමැතිව මුදල් මංකොල්ලය සම්බන්ධ වී ඇති බවද පෙනී යයි.ඒ නිසාම මේ මුදල් මංකොල්ලය පිටුපස පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු සිට ඇති බව⁣ට සැකයක් මතු වී ඇති අතර එහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පිළිබඳව පවතින සැකය ප්‍රධාන වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්