අපොයි දෙයියනේ රවි හා ශානි



 ජාතික ජන බලවේගය ආණ්ඩුව ගැන  තව ලියන්නට දෙයක් නැත.දින හැටක කාලය තුලදී හොට බිම ඇනෙන තරමට ආණ්ඩුව ටිරාන් අලස් අසල දෙකට නැවී තිබේ.ටිරාන් හා අනුර අතර ප්‍රේමය ජාතික ජන බලවේගය⁣ට ඡන්දය දුන් ජනතාවට ⁣මේ වන විට "මෙන්න කොකා" පෙන්වමින් සිටී.


රාජපක්ෂවරුන් ගෙන් හා රනිල් වික්‍රමසිංහයන් ගෙන් යැපුණ පොලීසියේ තක්කඩි අපරාධකරුවන් ටිරාන් ⁣අලස් ගේ බල පරාක්‍රමයෙන් තවමත් යහමින් වැජඹෙමින් සිටින බව ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන එන්නට දර දිය ඇදි පොලිස්කාරයන් පවසන්නේ අතිශය කණගාටුවෙනි. 

පසුගිය කාලයේදී මෙරට සිඳුවූ සාහසික අපරාධ ක්‍රියාකාරකම් සොයන බව ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුව විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වූ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ආණ්ඩුවේ ඉහළ තනතුරු පිහිටුවන ලදී.
එය තනිකර ඇස් බැන්දුමක් පමණක් බව දැන් හෙළි වී තිබේ.ඔවුන් දෙදෙනා මේ ආණ්ඩුවේ අයිසින් සැරසිල්ලක් පමණකි.

 ඒ බව අප සඳහන් කරන්නේ වග කීමෙනි. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කාලයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ සිඳුවීමක් වූයේ කොළඹ අපරාධ කොට්ඨාශය වැලිගම W 15 සංචාරක නිකේතනයට ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් ඇතිවූ සිද්ධියයි.කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාගේ උපදෙස් මත සිදු කරන ලද මේ මෙහෙයුම හිටපු ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු ගේ ඕනෑ එපා කම් මත ක්‍රියාත්මක කරන ලද  අනීතික මෙහෙයුමකි.එම අනීතික මෙහෙයුමට හේතුවක් තිබුණි.වැලිගම W 15 සංචාරක නිකේතනයේ හිමිකරු වූයේ ඌව පලාතේ හිටපු ආණ්ඩුකාර මුසාමිල් ගේ පුත්‍රයාටය.මේ ආණ්ඩුකාර පුත්‍රයා හා ටිරාන් අලස් අතර ආරවුලක් විය.ඒ කොළඹ ඉඩමක් සම්බන්ධයෙනි.වැලිගම W 15 සංචාරක නිකේතනය වටලා ඒ තුළ තිබී වි⁣ශාල හොරොයින් තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට කොළඹ අපරාධ  කොට්ඨාශයේ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අනීතිකව මෙහෙයවන ලද්දේ ටිරාන් අලස්ය.මේ මෙහෙයුමෙන් තමන් ගේ එදිරිවාදිකාරයා පොඩි පට්ටම් කර දැමීම ටිරාන් ගේ සැළසුම විය.ව්‍යාපාරික ලෝකයේ බොහෝ දෙනා ටිරාන් ⁣අලස් මෙවැනි පාහර වැඩ කරන තක්කඩියෙක් බව හොඳින් දනී.කොළඹ අපරාධ කොට්ඨාශයෙන් වැලිගම ගිය පොලිස් කණ්ඩායම සන්තකයේ හොරොයින් තොගයක්ද විය.ඒ W 15 හෝටලය වැටලීමෙන් පසුව එහි තිබී අත් අඩංගුවට ගත් ඒවා බව පෙන්වන්ටය.එහෙත් W 15 හෝටලයේ හිමිකරුගේ වාසනාවට එම මෙහෙයුම අසාර්ථක වූයේ  කොළඹ අපරාධ කොට්ඨාශයේ වාහනය ගැන සැක සිතී වැලිගම පොලීසියේ මුර සංචාරක රථයෙන් එයට  වෙඩි තැබීම නිසාය.මේ වෙඩි තැබීමෙන් පොලිස් පරීක්ෂක වරයෙකුට තුවාල සිඳුවී සැරයන් වරයකු මරුමුවට පත් විය.කෙසේවෙතත් මේ සාහසික අපරාධය⁣ සඳහා හිටපු පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් හා නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා කුමන්ත්‍රණකාරීව හවුල් වී තිබුණි.


ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කරන ලද විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ⁣එම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුවේය.සිද්ධිය හා සම්බන්ධ වූවන්ගේ දුරකථන ඇමතුම් විස්තර පවා ඔහු විසින් ලබා ගන්නා ලදී.එහෙත් ටිරාන් අලස්ගේ අදෘශ්‍යමාන හස්තය විසින් එම පරීක්ෂණය වහා නවතා දැමීමට නියෝග කෙරිණි.මේ අදෘශ්‍යමාන හස්තයේ හිමි කරු වෙනින් කවුරුවත් නොවේ.ජනාධිපති අනුර කුමාර දිසානායක උතුමාණන්ය.

මේ විදියට ගිය හොත් ජාතික ජන බල⁣වේගය ආණ්ඩුවේ මරණ සහතිකය ඉතා ඉක්මනින් ලියවෙනු ඇති බව අපට විශ්වාසය.එහිදී ජනතාව නැවත මෙරට කාබාසිනියා කළ පාදඩ රාජපක්ෂ වරුන්ට හෝ රනිල් වික්‍රමසිංහ මෙලෙච්ඡයාට බලය පත් කරවීමට බොහෝ ඉඩ කඩ පවතී.රටේ කරුමයට එය  එසේ වුව හොත් ඒ ආණ්ඩුවේ පළමු දඩයම වන්නේ ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන අහිංසක පැන්ෂන් පොලිස් කාරයන් දෙදෙනාය.ඒ ජාතික ජන බලවේග⁣ය ආණ්ඩුවෙි පෙරේත තටුවේ බිල්ලට තියා ඇත්තේ මේ දෙදෙනා නිසාය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්