පෝරිසාද පොලිස් ඩබල දඹුල්ලට අමු වාතයක් වෙලා

 


පොලීසිය ශුද්ධ කරන්නට ආ මාලිමා ආණ්ඩුව තක්කඩි පොලිස් කාරයන්ගේ අත් අඩංගුව⁣ට පත් වී ඇතැයි පවසන්නේ

අප නොවේ.මාලිමාවට කඩේ ගිය ලොකු පොඩි පොලිස් කාරයන්මය.මාලිමා ආණ්ඩුව බලයට පත් වූ මුල් දින කිහිපය තුළ දූෂිත ⁣පොලිස් ලොක්කන් හා පොඩ්ඩන් සිටියේ තිගැස්මෙනි.ඒ තම තමන්ගේ දූෂිත කෙරුවාවට මාලිමා ආණ්ඩුව සියළුම දෙනා  දඬු කඳේ ගසනු ඇතැයි බියෙනි. මේ සියළුම දෙනා සිටියේ මාලිමා ආණ්ඩුවේ ලොක්කන් ඡන්දයට පෙර දේශපාලන වේදිකාවල බෙරිහන් දුන් ආකාරයටම වැඩ සිද්ධ වේ යැයි විශ්වාසයෙනි.එහෙත් ගෙවී ගිය දින කිහිපය තුළ පොලීසියේ දූෂිතයන්ට කිසිදු අතුරු අන්තරාවක් සිදු නොවීය.ඒ දූෂිතයන් සියල්ලන්ම පෙර පරිදි තම තමන්ගේ පෝරිසාද ගණු දෙනු වලට යොමු වෙමින් සිටී.

 


දැන් පොලීසියේ සියළු දූෂිතයන්  සිටින්නේ ඉහ වහා ගිය ප්‍රීතියෙනි.ඒ ඇතමුන් මාලිමාවේ ජයග්‍රහණයට කැපවූවන්ගෙන් උඹලගෙ නෝන්ජල කයිවාරු කාරයන්ට කරන්ට පුළුවන් ලබුවක් නැති යැයි අපහාස කරන්නට තරමේ චන්ඩීන් බවටද පත් වී තිබේ.සැබැවින්ම මාලිමා පොලිස් කාරයන් දැන් නිවටයන් වී හමාරය.කට උත්තර නැත.

මේ ප්‍රවෘත්තිය ඒ සඳහා හොඳම සාක්ෂියකි.ප්‍රවෘත්තිය ඇසෙන්නේ දඹුල්ල පොලීසියෙනි.දඹුල්ල පොලීසියේ මූලස්ථාන ⁣පොලිස් පරීක්ෂක වරයා 
ආර්.ආර්.එම් වසන්තය.මේ පොලිස් කාරයා පොලීසියේ නිළධාරීන් හා පොලීසියට එන ජනතාව අමතන්නේ 
තිත්ත කුණුහරුපයෙනි. පොලිස් පරීක්ෂක වසන්ත ජනපතිවරණයට පෙර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි  සෙනෙවිරත්න ගැන සඳහන් කර බැණ වැදී තිබුණේ පැන්ෂන් ගිහින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව නාකියා ත්‍රස්තවාදීන්ට පස්ස දෙන්න ගිය බව පවසමිනි.

ඒ අතරේ දඹුල්ල ⁣පොලිස් බල ප්‍රදේශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද  පොලීසියේ ලොක්කාට ගැලපෙන ජාතියේ රියල් බඩුවකි. දෙන්නා ජාඩියට මූඩිය වාගේය.මේ ඡෙ.පො අධිකාරී ගැන පොලීසියේ නොදන්නා කෙනෙක්ද නැත.බ්‍රෙසයරයක් ජංගියක් දකින විට මෝල් වෙන ජාතියේ ගෑණු පෙරේතයෙකි.මේ බඩුව මීගමු⁣ව ඡෙ.පො.අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටින විට පොලිස් කාන්තාවකට අමු හෙළුවෙන් ගත් ඡායාරූප යවා නෝන්ඩි විය.⁣සාමාන්‍ය පුරවැසියකු මේ වරද කෙරුවේ නම් උසාවියේ නඩුවක් ෂුවර්ය .එහෙත් මේ මානසික ලෙඩාට කිසිම අවුලක් නැත.ඒ වරදට ටික දවසක් ක්ෂේත්‍ර බලකායේ රවුම් ගැසුවේය.එපමණය.නැවත දඹුල්ලේ පොලිස් ලොක්කා විය.ඒ වන විටත් මොහුට එරෙහිව පොලීසියේ නිළධාරින් පොලිස්පතිට එවා  තිබුණ පැමිණිලි සංඛ්‍යාව 23කි.හිටපු පොලිස්පති ඒ පැමිණිලි තඹ දොයිතුවකට ගණන් ගත්තේද නැත.මොහුද සාමාන්‍ය ජනතාව අමතන්නේ කුණුහරුපයෙනි.

⁣දැන් මේ නොසන්ඩාල පොලිස් කාරයන් දෙන්නාම ඉන්නේ දඹුුුුල්⁣ලේය.ඒ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ගමේය.අප මේ ලියා ඇත්තේ අසත්‍ය නම් රවි සෙනවිරත්න බොස්ට ඒ මදාවිකාර පොලිස් කාරයන් දෙන්නා ගැන ගමේ එවුන්ගෙන් අහගන්ටත් පුළුවන.⁣අප දැන් බලා සිටින්නේ  මේ පෝරිසාද පොලිස් ඩබලට තව දුරටත් පොලීසියේ නිළධාරීන්ට හා පොලීසිය⁣ට එන සාමාන්‍ය ජනතාවට අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වදින්නට ඉඩ දෙනවාද යන්නය.ඒ ගැන සොයා බලා තීන්දුවක් ගැනීමේ වගකීම ඇත්තේද නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නටය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්