උඩුවේ ධම්මාලෝකටත් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව



හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හට විශේෂ කාර්ය බලකාය මගින් ආරක්ෂාව සපයා නැති බවට පොලීසිය දහ අතේ දිවුරා ප්‍රකාශ කර ඇතත් මෙි වන විටත් විශේෂ කාර්ය බලකායට අයත් ජිප් රථයක් සමග විශේෂ කාර්ය බලකායේ ⁣නිළධාරීන් ගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු හට ආරක්ෂාව සපයමින් සිටී.

එසේම මෙරට රාජපක්ෂ වරුන් පාලනය ගෙන යන අවදියේ හබරණ අලි රංචු වල සිටි අලි මෙලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරමින් අලි පැටව් කෙළඹට ගෙන විත් ජාවාරම් කළ උඩුවේ ධම්මාලෝකටද මේ වන විටත් ව්ශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයමින් සිටින බව අනාවරණය වී තිබේ.රජපක්ෂවරුන්ගේ පාලන සමයේදී කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී අලි දුම්රියේ වැදී මිය යාමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා විය.ඒ උඩුවේ ධම්මාලෝක විසින් මෙහෙයවන ලද අලි පැටව් අල්ලා ගැනීමේ කණ්ඩායම විසින් අලි රංචු දුම්රිය මාර්ගයට එළවා අලි පැටියා තනි කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූ නිසාය.මේ⁣ තිරිසන් මෙලෙච්ඡ කණ්ඩායම අල්ලා ගන්නා අලි පැ⁣ටවුන් කොළඹට ගෙන ඒමේදී ආරක්ෂාව සපයන ලද්දේ විශේෂ කාර්ය බලකායෙනි.මේ ජාවාරම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභයගේ අනු දැනුම මත සිදු කරන ලද ජාවාරමක් වූ අතර උඩුවේ ධම්මාලෝක විසින් අලෙවි කරන අලි පැටව් ගෙන් ලැබෙන මුදල් ඔහු හටද බැර වූ බවද පැවසේ.

 උඩුවේ ධම්මාලෝක හට විශේෂ කාර්ය බලකායෙන් මේ වන විටත් ආරක්ෂාව සපයා ඇත්තේ ඔහු විසින් පසුගිය කාලයේ සාහසික ආකාරයෙන් අලියන් මරා දැමීම හා අලි පැටව් පැහැර  ගැනීම නිසා කෝපයට පත්ව සිටින එම අලියන් ගේ ඥාතීන්  ගෙන් විය හැකි යැයි අපට තොරතුරු සපයන ලද  විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨයා උපහාසාත්මකව පැවසීය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්