ජිනීවා අපරාධ චෝදනා වලට ලක්වූ ශවේන්ද්‍ර සිල්වා ජනපති හමුදා උපදේශකයා බවට පත් කිරීමේ සැළසුමක් හෙළිවේ



























අනුර කුමාර දිසානායක ජනපතිවරයාගේ ආරක්ෂක උපදේශක වරයා ලෙස නුදුරේදී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ගැනීමට නියමිතය.ඒ ඔහු නුදුරේදී ත්‍රිවිධ හමුදාපති පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් පෞරෂය පොළවටම සමතලා කළ පට්ට ⁣දූෂිතයෙකි.යුද හමුදාව ගජබා කරණය⁣ට ලක් කළ මේ දූෂිතයා හමුදාවේ අනිකුත් රෙජිමෙන්තුවල නිළධාරීන් අතර දැඩි අප්‍රසාදයට හා පිළිකුළට ලක් වූ අයෙකි.රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු වූ ශවේන්ද්‍ර සිල්වා රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලය⁣ට ආවරණය වෙමින් සිදු කරන ලද ජාවාරම් බොහොමයකි.⁣මෙරට උතුරු නැගෙනහිර යුද්ධය පවතින අවධියේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා හා රූපවාහිනියේ නිවේදකයකු වූ සමන් කුමාර රාමවික්‍රම යාපනය කෝවිල් වල තිබූ රන් භාණ්ඩ සොරකම් කර කොළඹට ගෙන ඒ මේ ජාවාරමක් ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා විය.රහස් පොලීසිය එම ජාවාරම පිළිබඳව පරීක්ෂණ ඇරඹීමත් සමගම රාමවික්‍රම ඇමරිකාව⁣ට පලා ගිය අතර ශවේන්ද්‍ර සිල්වා රාජපක්ෂ වරුන්ගේ සාටකය⁣ට වසන් වී සිද්ධිය යටපත් කර ගත්තේය.

එපමනක්ද නොවේ.යුද සමයේ සිඳු කරන ලද අති බිහිසුනු හා මෙලේච්ඡ මනුෂ්‍ය ඝාතනයකටද ශවේන්ද්‍ර සිල්වා හවුල් වී තිබේ.ඒ මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරන ලද රාසප්පු ජෝෂප් විසින් එල්ටීටිය⁣ට සම්බන්ධව සිට පලා ආ තරුණයන් 250 දෙනෙකු ශවේන්ද්‍ර සිල්වා හට බාරදෙන ලදී.එම තරුණයන් 250 දෙනාම ශවේන්ද්‍ර  සිල්වාගේ නියෝගයෙන් ඝාතනය කෙරිණි.රායප්පු ⁣ජොෂප් පියතුමා ඒ සිඳු වීමෙන් කමිපනයට පත්ව මිය ගියේය.මේ සියළු තොරතුරු සාක්ෂි සමග ජිනීවා කොමිසම තුළ ගොනු වී තිබේ.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් වීමෙන් අනතුරුව සිදු කළ වංචාවන් බොහොමයකි.බත්තරමුල්ල දියවන්නා රක්ෂිතය⁣ට අයත් භූමියක් බලහත්කාරයෙන් ගොඩ කර නිවසක් තනා ගැනීම සම්බන්ධයෙන් ඒ දින වල මොහුට එරෙහිව චෝදනා කෙරිණි.හමුදා පති ධුරයේ කටයුතු කරන විට ශවේන්ද්‍ර සිල්වා උපයා ගත් දේපොල හමුදාපති වැටුපෙන් උපයාගත හැකි තරමේ දේපොල නොවේ.එම දේපොල අතර ගල්කිස්ස හා හික්කඩුව මුහුදු තීරයේ ඉඳි කර  ඇති කෝටි ගණනක් වටිනා සංචාරක නිකේතන තිබේ.

ශවේන්ද්‍ර සිල්වා නිත්‍යානුකූලව විවාහ වී සිටින බිරිඳ මේ වන විට ඔහු අත් හැර ගොස් ඇමරිකාවේ ජීවත් වේ.එම තැනැත්තිය ශවේන්ද්‍ර සිල්වාට දික්කසාදය ලබා දී නැත.එහෙත් වර්තමානයේ මොහුගේ බිරිඳ ලෙස ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය
කරමින් පාරලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයකු වන නෙල්සන් ගේ දියණියයි.ඇය වර්තමානයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන කිංස් නෙල්සන් ගේ සහෝදරියයි. ශවේන්ද්‍ර සිල්වා ඇය සමඟ නිත්‍යානුකූලව විවාහ වී නැති බව ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් ලේඛන කාර්යාලයේ තිබෙන ශවේන්ද්‍ර සිල්වාගේ පෞද්ගලික ලිපි ගොනුවෙන් තහවුරු වේ.
එම ගොනුවේ පළමු කසාදය දික්කසාද
වූ බවක් සදහන්ව පවා නැත.

එහෙත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස කටයුතු කෙරුවේ මේ තැනැත්තියයි.සත්‍ය වශයෙන්ම හමුදාපතිවරයාගේ නිත්‍යානුකූල බිරිඳ නොවූ ඇය සේවා  වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස අනීතිකව එහි මුදල්  පරිහරණය කිරීම මුල්‍යමය විෂමාචාර වංචාවක් විය.එහෙත් හමුදාපතිගේ බල අධිකාරියේ බලවන්ත කම හේතුවෙන් එම වංචාව ගැන කිසිදු හමුදා ඡ්‍යෙෂ්ඨයකු කටක් ඇරියේ නැත.මෙරට කෝවිඩ් පැතිරී ගිය අවදියේ යුද හමුදාව මැදිහත් වී ඉඳිකරන ලද නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ආහාර සැපයීම හා අනෙකුත් අඩුම කුඩුම සැපයීම සිදු කරන ලද්දේ ශවේන්ද්‍ර සිල්වාගේ අනියම් බිරිය මැදිහත් වීමෙනි.
ඇය එම ජාවාරමෙන්  උපයා ගත් මුදල අති විශාලය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මේ ජාවාරම ගැන ඉතා හොඳින් දැනුවත්ව සිටියේය.ඒ අතරේ ශවේන්ද්‍ර සිල්වා මෙරට විහාරස්ථාන වලට හමුදාවේ ගිනුමෙන් මුදල් වියදම් කරමින් ඉන් කොටසක් ගසා කෑ බවද හමුදා ඡ්‍යෙෂ්ඨයන් දනී.සිය අනියම් බිරිය සිටියදී ශවේන්ද්‍ර සිල්වාට තවත් කාන්තාවක හා ඇසුරක් පැවතුණි.ඒ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ දියණිය වන චතුරිකා සිරිසේනය.

මෙරට කෝවිඩ් පැතිර ගිය සමයේ ස්වර්ණාහිනී මාධ්‍යවේදියකු වන රංඟන  සිල්වා හට මුල්‍යමය ⁣තු⁣ටු පඬුරු ලබා දෙමින් තමන් කොවිඩ් මර්ධනයේ වීරයා බව හැඟවෙන ආකාරයට දිනපතාම ප්‍රවෘත්ති පුචාරය කර ගැනීමට ශවේන්ද්‍ර සිල්වා කපටි විය.සැබැවින්ම මෙරට කෝවිඩ් වැළඳුන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හා එන්නත් කරණයට විශිෂ්ට මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුවේ යුද  හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර්  සවින් සේමගේ විය.එහෙත් මාධ්‍ය ඉදිරියේ ඒ සදහා ලකුණු දාගත්තේ ශවේන්ද්‍ර සිල්වාය. 

මේ අතරේ ශවේන්ද්‍ර සිල්වා තුළ යටි අරමුණක් විය.ඒ කෝවිඩ් සමයේදී මාධ්‍යය වෙත අල්ලස් ලබා දීමෙන් ලබා ගත් ජනප්‍රිය තුළ තමන්ට මෙරට දේශපාලන පංගු කාරිත්වයකට හිමිකම් කීමේ ප්‍රබල කැමැත්තයි.මොහුගේ ඒ අපේක්ෂාව තව දුරටත් මුවහත් කරන ලද්දෙ ගුරුකම් කරන කපුවෙකුගේ අනාවැකියකි.මේ කපුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටි මානසික ආබාධිතයෙකි.
එම කපුවා ජානගත මානසික ආබාධයකින් පෙළෙන බව පැහැදිලි වන්නේ ඔහුගේ මව හා සොයුරියද මානසික ආබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බැවිනි.කෙසේ වෙතත් ශවේන්ද්‍ර සිල්වා මේ කපුවා සමග සෑම කෙම්මුර දිනයකම සීනිගම දේවාලයට පැමිණ මෙරට අගමැතිකමට පත් වීම සඳහා දේව පූජාවල් තබන ලදී.ශවේන්ද්‍ර සිල්වා ගේ සීනිගම දේවාල පූජාව සම්බන්ධයෙන් සියළු තොරතුරු ජාතික රහස් ඔත්තු සේවයෙන් ඉහළට වාර්තා කෙරිණි.එම ⁣රහස් තොරතුරු රාජපක්ෂ පවුල අතට පත් වීමෙන් පසු ඔවුන් දැඩි භීතියට පත් වූහ.රාජපක්ෂවරුන්ද ⁣අණ විණ කොඩිවින පිළිබඳව දැඩි විශ්වා⁣සයෙන් කටයුතු කරන්නන් වීම එයට හේතුවයි.
ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයෙන් ඉවත් කර ත්‍රිවිධ හමුදාපති ධුරයට පත් කිරීමට රාජපක්ෂවරුන් වග බලා ගත්තේ ඉන් අනතුරුවය.මෙරට ත්‍රිවිධ හමුදාපති ධුරය සාම විනිසුරු තනතුරක් හා සමාන ගරු තනතුරක්ම වේ.

ගාලු මුවදොර අරගලය ඇරඹුනේ ඉන් අනතුරවය.ත්‍රිවිධ හමුදාපති වරයා වූ ශවේන්ද්‍ර සිල්වාගේ සිහිනය වී තිබුණේ මෙරට බලය අල්ලා ගැනීමය.
ජනපතිවරයා⁣ට එරෙහිව ජනතාව ගාලු මුවදොරට ඒක රාශී වෙමින් සිටින විට ශවේන්ද්‍ර සිල්වා ඇඟිලි ගැන්නේ මෙරට දේශපාලන බලය තමන්ට ලබා ගැනීමට අවස්ථාව උදා වන තුරුය.ඒ දිනවල රාත්‍රීයන්හි මානසික ආබාධිත කපුවාගේ කටිටඬි ගුරුකම් කිරීමද සිඳු කෙරිණි.
මේ මානසික ආබාධිතයාගේ අනාවැකි සියල්ල ඉෂ්ඨ සිද්ධ වෙමින් තිබෙන බවට ශවේන්ද්‍ර සිල්වා සිතා සිටියේය.ඒ නිසාම මොහු  තමන් ඉහළට එසවූ රාජපක්ෂවරුන් පාවා දුන්නේය.මේ අශිෂ්ඨ පාවා දීම සමාජය තුළ වර නැගුණේ ශවේන්ද්‍ර සිල්වා අරගල කරුවන් පිළිබඳව මානුෂිකව කල්පනා කළ වීරයෙක් විදියටය.එහෙත් මේ තක්කඩියාගේ යටි අරමුණ ඉතා අවලස්සන විය.

කෙසේ වෙතත් ජනපති අනුර කුමාර දිසානායක තමන්ගේ හමුදා උපදේශකයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කර ගැනීමට යාමේ තොරතුර ගජබා රෙජිමෙන්තුව හැරුණ විට අනෙක් රෙජිමෙන්තුවල ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන්ගේ පිළිකුළට හා හාස්‍යයට ලක් වෙමින් තිබේ.ඔවුන් අතර ඒ ගැන සාකච්ඡා වන්නේ ජනපතිවරයා හා ජාතික ජන බලවේගය ආණ්ඩුව හමුදාව තුළ බල්ලා ලකුණ සටහන් කිරීමට යන බවට පවසමිනි.
ශවේන්ද්‍ර සිල්වා ගේ පාදඩ කෙරුවාවන් ජාතික ජන බලවේගය ආණ්ඩුව තව දුරටත් ඇගයීමට ලක් කරන්නේ නම් ජිනීවා කොමිසමද නිහඬව නොසිටිනු ඇත යන්නත් සඳහන් කළ යුතුමය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්