එල්ටීටියට මුදල් ආධාර කළ ෂෙනුකා සෙනෙවිරත්න තවමත් විදේශ සේවයේ
ජනපති අනුර සහෝදරයා ගේ ඉන්දියානු සංචාරයත් සමගම අප දුටුවේ තවමත් ඉන්දියාවේ මහ කොමසාරිස් වශයෙන් ෂෙනුකා සෙනෙවිරත්න කටයුතු කරන බවය.එහෙත් ජාජබ ආණ්ඩුව බලයට පත්වීමත් සමගම විදේශ කටයුතු අමාත්‍යංශය විසින් දේශපාලන පත්වීම් ලද විදේශ තානාපති සේවයේ සියළු දෙනාම ආපසු කැඳවන බවට නිවේදනය කෙරිණි.එම ලේඛනයේ ෂෙනුකා සෙනෙවිරත්නගේ නමද සඳහන් වී තිබුණි.
ෂෙනුකා සෙනෙවිරත්න ගේ කෙරුවාව ගැන මුලින්ම අනාවරණය වන්නේ 2009 වර්ෂයේදීය.ඇය ඒ වර්ෂයේ ජිනීවාහි නිත්‍ය මහ කොමසාරිස් වරිය වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කෙරුවාය.එහිදී ඇයට නිල නිවාසයක් ලබා දී තිබුණි.මෙම නිල නිවාසය ප්‍රතිසංකරණය කළ බවට පෙන්වා දෙමින් ඇය කෝටි දෙකක රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනාවක් නැගිණි.මේ සමිබන්ධයෙන්මෙරට විදේශ හා මුදල් අමාත්‍යංශ වලින් සිඳු කරන ලද විගණන පරීක්ෂණ වලින් අනාවරණය වූයේ සිය නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇය එල්ටීටී ක්‍රියාකාරීන් විසින් පාලනය කරන SHEVE ZOG නම් සමාගමකට කෝටි දෙකක මුදලක් ලබා දී තිබෙන බවය.ෂනුකා සෙනෙවිරත්න මෙම සමාගමට කොන්ත්‍රාතුව ලබා දීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මුල්‍ය ප්‍රතිපත්ති හා රෙගුලාසි උල්ලංඝනය කර තිබූ බවද හෙළි විය.එම විෂය කාරණයට අදාලව මිල කැඳවීම් ඇස්තමේන්තු හා කොන්ත්‍රාතු ගිවිසුම් කිසිවක් නොවීය.එහිදී හෙළි වූ වඩාත්ම බරපතල කාරණය වූයේ මෙම සමාගම කොන්ත්‍රාත් සමාගමක් නොව දේපොළ වෙළඳාම ,ජීවිත හා සෞඛ්‍ය රක්ෂණය සමිබන්ධයෙන් ව්‍යාපාර කටයුතු කළ මුල්‍ය ආයතනයක් බවය.මෙය පිහිටා තිබුණේද ජිනීවා නුවරට කිලෝමීටර් 300 ක් දුර සූරිච් නුවරය.ජිනීවා නුවර ඕනෑ තරම් කොන්ත්‍රාත් සමාගම් තිබියදී මේ සමාගමට කොන්ත්‍රාතුව ලබා දීමද ප්‍රශ්ණ සහගත විය.එම සමාගමේ හිමිකරු වූටී.තුරෙයිරාජා 2011 වර්ෂයේ ජනවාරි ක ස්විස්ටර්ලන්තයේදී අත් අඩංගුවට පත් වී තිබුණේ මුදල් විශුද්ධිකරණය ,කප්පම් ගැනීම ,සහ නීති විරෝධී සංවිධානයක් වූ එල්ටීටියේ සාමාජිකයකු ලෙස සදහන් චෝදනාවකටය.මොහු සමග තවත් එල්ටීටී සාමාජිකයන් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි.කෙසේවෙතත් ෂෙනුකා සෙනෙවිරත්න විසින් සිඳු කරන ලද මෙම මුල්‍යමය අවභාවිතය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය සිදු කරන ලද එම විගණන පරීක්ෂණයේ වාර්තා වල සඳහන් වූයේ ඇය වැරදිකාරියක ලෙසය.එහෙත් මේ පරීක්ෂණ කමිටු වාර්තා එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ පාලනය ගෙන ගිය සජින් වාස් ගුණවර්ධන විසින් යටපත් කරන ලදී.ෂෙනුකා සෙනෙවිරත්නගේ වැඩ කිඩ ඒ සිද්ධියට පමණක් සීමා නොවේ. පොදු රාජ්‍ය ක්‍රීඩා මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ලංකාවට ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරය තුළ ප්‍රචාරණය වෙනුවෙන් වැය කරන ලදැයි සඳහන් මුදල් අවභාවිතාවටද මේ නිළධාරිණිය හවුල් බව හෙළි වී තිබේ.එම මුදල් වංචාවට නාමල් රාජපක්ෂ හා අජිත් නිවාඩ් කබ්රාල්ද සම්බන්ධය.බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ක්‍රිස් නෝනිස් හට සජින් වාස් ගුණවර්ධන පහර දීමට හේතු වූයේද සාදයකදී ෂෙනුකා සෙනෙවිරත්නට ලිංගික බලහත්කාරයක් කිරීමට යාමේ සිදුවීමකි. නාමල් රාජපක්ෂ ගේ අන්තක් පුරය නියෝජනය කරන්නියක් වී සිටි මැයට ක්‍රිස් නෝනිස් ගේ බලහත්කාරය සජින් වාස්ගේ කෝපයට හේතු වී තිබුණි..කෙසේ වෙතත් ෂෙනුකා සෙනෙවිරත්න මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද තැනැත්තියකි.ඒ ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටී සංවිධානයට මුල්‍යමය ආධාර ලබා දෙමින් එහි ප්‍රවර්ධනය සදහා රජයේ මුදල් යොදා ගැනීම නිසාය.ෂෙනුකා සෙනෙවිරත්න තවමත් ඉන්දියාවේ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නේ කවර වරප්‍රසාදයක් යටතේද යන්න ලංකා දවස ජාජබ ආණ්ඩුවේ වගකිවයුත්තෙක් ගෙන් විමසූ විට ඔහු පවසන ලද්දේ විදේශ සේවාවේ අත් දැකීම් ඇති නිළධාරීන් ගේ සේවය ආණ්ඩුවට ලබා ගැනීමට සිඳු වී ඇති බවය.එහෙත් ෂෙනුකා සෙනෙවිරත්නගේ විදේශ සේවා අත් දැකීම් ගැන අපට නම් ඇත්තේ ඔක්කාරයට එන තරමේ පිළිකුළකි.නහය හකුලවා ගත යුතු අපුලකි. එල්ටීටී ත්රස්තවාදීන් සමග ගණුදෙනු කර ඇති හා ගණිකා වෘත්තියේ අත්දැකීම් ලැබූ කාන්තාවන් ජාජබ ආණ්ඩුවේ නැති බව අපි සිතමු.ඒ නිසා තවදුරටත් ෂෙනුකා සෙනෙවිරත්න ඉන්දියාවේ මහ කොමසාරිස් ධුරයේ රඳවා තබා ගැනීම ගැන අපගේ විරෝධතාවක් නැත.
මේ ෂෙනුකා විදේශ ඇමති විජිත හේරත්ගෙ ඉතා සමීප ඥාතිවරියක්නේ ඉතින් එයා ලංකාවට ගෙන්න ගෙන කෝමද සහෝදරයා......බුදුන් වහන්සේ දේශනා කෙරුවෙත් පළමුව ඥාතීන්ට සලකන්න කියලනේ 😂
ReplyDelete