ටිරාන් ගේ අනියම් බිරියටත් එස්ටීඑෆ් ආරක්ෂාව දීලා

 



හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ අනියම් බිරිඳ වන ශිරෝමි නැමැත්තියටද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.ශිරෝමි නැමැත්තිය "වන් මාස්ටර්" නම් රූප ලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන්නියකි.ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකාවක් වන ඇය ටිරාන් අලස් යොදවා ගෙන ඇත්තේ ⁣මෙරට දේශපාලඥයන් ධනවතුන් හා ඡ්‍යෙෂ්ඨ රජයේ නිළධාරීන්  බ්ලැක් මේල් කිරීම සඳහාය.ටිරාන් අලස් ⁣දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ අයවළුන් තමන්ට හීලෑ කර ගෙන ඇත්තේ මෙවැනි අශීලාචාර ආකාරයේ සැළසුම් ක්‍රියාත්මක කිරීමෙන් බව කොළඹ ධනවත් ව්‍යාපාරික පැලැන්තියට රහසක් ⁣නොවේ.


මේ වන විටත් ටිරාන් අලස් ගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සමග ජිප් රථයක් ලබා දී ඇති අතර ඔහුගේ නිවසේ ආරක්ෂාවටද විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හය දෙනෙකු යොදවා තිබේ.ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැළසීමේ නිත්‍යානුකූල පරිපාටියෙන් බැහැරව මේ ආරක්ෂාව  ලබා දී ඇති බව පැවසේ.පසුගියදා සිය අනියම් බිරිය වන ශිරෝමි සමග  යාල අභය භූමියේ සංචාරයක් කළ ටිරාන් අලස් හට විසි දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා සිටි බව යාල වන සංරක්ෂණයේ නිළධාරීන් ගෙන් ලංකා දවසට දැන ගැන්මට ලැබුණි.
ටිරාන් අලස් හට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් නොමැති බවට විලාප නගන බඩජාරී යූ ටියුබකරුවන් හට අවශ්‍යතාවක් වේ නම් යාල වනෝද්‍යානයේ කාර්ය මණ්ඩලයෙන් මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගත හැකිය.කෙසේ වෙතත් ටිරාන් අලස් ගේ හා ඔහුගේ අනියම් බිරියගේ ආතල් ගැනීමට ආණ්ඩුවේ ලොක්කන්ගේ පෞද්ගලික ⁣මුදල් වැය කරන්නේ නම් අපට කිසිම ප්‍රශ්ණයක් නැත.එහෙත් මේ "අලස් ආතල්" සඳහා ආණ්ඩුව තවමත් වැය කරමින් සිටින්නේ ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් බව නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති කූ⁣ට්ටමට අපි සිහිපත් කරමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්