පොලීසිය හා ජාතික ඔත්තු සේවාවන් බංකොලොත් වීමට නියමිතය

 




පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඔත්තු සේවාවන් ආණ්ඩුවේ පාලනයෙන් මිදී ජාවාරම්කාර දුෂිතයන්අත් පත් කරගෙන ඇති බව ඒ ඒ අංශ වල අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වලින් හෙළි වී තිබේ.මේ නිසාම මෙරට සාමය හා නීතිය  ඉතා බරපතල ආකාරයට කඩා වැටීමේ බරපතල අවදානමක පවතින බවද අනාවරණය වේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ අසංවිධානාත්මක පරිපාලනය ව්‍යුහයක් නිර්මාණය වී ඇති බවත් එය එසේ වීමට හේතුව වී ඇත්තේ දේශපාලනික බල අධිකාරි⁣යෙන් පොලීසිය නිදහස් වීම නිසා බවද පැවසේ.

මින් වඩාත්ම කම්පනයට පත් වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හා වික්‍රමසිංහ ආණ්ඩු යටතේ අසාධාරණය⁣ට හා අනීතික  දඬුවමට ලක්වූ පොලිස් නිළධාරින්ය.මේ පොළිස් නිළධාරීන් අතර ⁣ඉහළ ඇවරියේ නිළධාරීන් හා පහල ඇවරියේ පොලිස් නිළධාරීන් බොහොමයක් සි⁣ටී.එම පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මේ ආණ්ඩුව මෙරට බලය⁣ට පත් කරවීම සදහා සෘජුව හා වක්‍රව ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූවන් වේ.එහෙත් මේ වන විටත් පොලීසියේ මර්මස්ථාන වල සිට පරිපාලනය මෙහෙයවමින් සිටින්නේ පැරණි දූෂිත දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් ඉටු කළ දූෂිතයන් පිරිසමය.ජාතික ජන ⁣බලවේගයේ දේශපාලන භාවිතය තුළ පොලීසියේ රාජකාරියට මැදිහත් නොවීමේ කොන්දේසිය මේ දූෂිතයන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වීමට හේතුවක් වී ඇති බව පැහැදිලිය.⁣අඩුම වශයෙන් ජාතික ජන බලවේගයේ නීතිය හා සාමය අමාත්‍යංශය බාර ඇමති ඩබල පවා පොලිස් දෙපාර්තමේන්තුව තුළ මතු වී තිබෙන මේ ආරවුල් සහගත බව ගැන අවධානයක් දක්වන්නේ නැති බවද පෙනී යයි.


ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ තමන්ට සාධාරණයක් ඉටු වෙනු ඇතැයි මහත් අපේක්ෂාවෙන් සිටි සියළුම තරාතිරමේ පොලිස් නිළධාරීන් මේ වන විට සිටින්නේ බරපතල කම්පනයකිනි.
ඔවුන් තුළ ජාතික ජන බලවේගය පිළිබඳව මතු වී ඇත්තේ දැඩි කළකිරීමකි.
ඒ සියල්ලන්ම ප්‍රකාශ කරන්නේ ආණ්ඩු වෙනස් වීම ඉඟුරු දී මිරිස් ගැනීම හා සමාන බවය.නීතියේ සාධාරණත්වය අපේක්ෂාවෙන් ආණ්ඩු වෙනසකට මැදිහත් වූ ඒ සියළු පොලිස් නිළධාරීන් මෙි වන විට දැඩි කම්පනයට ලක් වී සිටී.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව
අභ්‍යන්තරයේ ඇති වෙමින් තිබෙන
මේ ආරවුලේ කෙළවර ඇත්තේ ජාතික  ජන බලවේගය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය කඩා වැටීම තුළ බව අමුතුවෙන්  සදහන් කළ යුතු නැත.

මෙහිදී අපගේ අවධානයට ලක් වන තවත් සුවිශේෂී කාරණයක් වන්නේ මේ සිද්ධවෙමින් තිබෙන්නේ සැළසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් බවට වූ සැකයයි.ජාතික ජනබලවේගය ආණ්ඩුව පැරණි දූෂිත පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ගැන තබා ඇති විශ්වාසය මේ සාහසික කුමන්ත්‍රණකරුවන්ට මහත් පිටුවහලක් වී තිබේ.

වර්තමානයේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාට ජනපතිවරයා සමග සෘජුව තොරතුරු ගණුදෙනු කිරීම අත් හිටුවා තිබේ.එවකට ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සලේ සෘජුවම ජනපතිවරයා සමග බුද්ධි තොරතුරු ගණුදෙනු කිරීමක නිරත විය.එහෙත් මේ වන විට එම ධුරයට පත් වී සිටින නියෝජ්‍ය පොලිස්පති වරයා පඹයෙකු බවට පත් කර ඇති බව පැවසේ.ඔහු තමන්ට ලැබෙන බුද්ධි තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාටය.⁣වර්තමානයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස පත්  කර ඇත්තේ මේජර් ජනරාල් වරයකු වේ.මේ මේජර් ජනරාල් වරයා හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇති දැඩි කළ හුරතලෙකි.මොහු ඒ තනතුරුට පත් වෙන ලද්දේ දේශපාලනික හා රාජ්‍ය පාලනය පිළිබඳව ජාතික ජන බලවේගය සතුව අත්දැකීම් නොමැති නිසා බව සිතා ගන්නට පුළුවන.එහිදී අපගේ අවධානයට ලක් වූ තවත් කාරණයක් තිබේ.ඒ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රාජකාරිය චෙක් මේට් කිරීම සදහා ඔහුගේ දෙවැනියා ලෙස පත් කර ඇත්තේ කර්නල් මජීඩ්ය.මේ කර්නල් මජීඩ්ද මේජර් ජනරාල් සලේ ගේ සමීපතමයෙකි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමත් සමගම ⁣මේජර් ජනරාල් සලේ කමල් ගුණරත්න දේශබන්දු තෙන්නකෝන් වැනි දූෂිත මිනීමරු ජාවාරම්කාරයන් ගේ වැඩ කිඩ හමාර වූ බවට ආරක්ෂක අංශවල බොහෝ දෙනා සිතූහ.එහෙත් එය එසේ නොවීය.මේ වන විටත් ආරක්ෂක සේවාවන් වල ආධිපත්‍යය ඇත්තේ ඒ හිටපු දූෂිත ජාවාරමිකාරයන් ඇති දැඩි කළ හුරතලුන් අතය.හමුදාවේ පොලීසියේ හා ඔත්තු සේවාවන් දැන් ඇත්තේ ජාතික ජන බලවේගය මුද්‍රාව යටතේ වුවද ක්‍රියාත්මක වීම සිද්ධ වන්නේ පැරණි ජාවාරම්කාර දූෂිතයන්ගේ ඇබ්බැහි සාහසික පිළිවෙලටමය.

ජාතික බුද්ධි සේවාවේ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා විසින් ජනපතිවරයා වෙත ඉදිරිපත් නොකරන බවට තහවුරු වූ සාක්ෂියක් අප වෙත ලැබී තිබේ.ඒ නීති විරෝධී වත්කම් කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක දසනායක නම් නිළධාරියා පිළිබඳවය.
මේ දූෂිත පොලිස් නිළධාරියා ගැන ජාතික බුද්ධි සේවාව දීර්ඝ කාලයක සිට පසු විපරමක නිරත වී සිට ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ මේ පොලිස් පරීක්ෂකවරයා හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර ගේ ගෝලයෙක් බවත් නීති විරෝධී වත්කම් කොට්ඨාශයට ලැබී තිබෙන පැමිණිලි ගොනු 800 ක් පමණ වසන් කරමින් මොහු විසින් එම පැමිණිලි වලට අදාල වග උත්තරකරුවන් වෙතින් මුදල් ලබා ගනිමින් කෝටි 17 කට ආසන්න මුදලක් උපයා  ගෙන ඇති බවය.එහිදී නීති විරෝධී වත්කම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ ආධාර අනුබල ලැබී ඇති බවද වැඩිදුරටත් හෙළි වී තිබේ.ජාතික බුද්ධි සේවාව වෙතින් මේ දූෂිතයන් ගැන රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා වෙත ඉදිරිපත් කර ඇතත් ඔහු ඒවා මේ වන විටත් ජනපතිවරයා වෙත ඉදිරිපත් කර නැති බව පැවසේ.ඒ 
මෙම දූෂිතයන් එම අනීතික ක්‍රියා වල නිරත  වී ඇත්තේ පසුගිය ආණ්ඩු නියෝජනය කරන දේශපාලඥයන් ගේ  උදව් උපකාර මත නිසාය.රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී මේජර් ජනරාල් වරයා ගේ උත්සාහය වී ඇත්තේ සිය පැරණි හාම්පුතුන් ආරක්ෂා කිරීම මිස වර්තමාන ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කිරීම නොවන බව ඉන් පැහැදිලි වේ.

මෙරට බුද්ධි සේවාවන් කෙතරම් බිඳ වැටී තිබේදැයි යන්නට තවත් අපූරු උදාහරණයක් අප හට වාර්තා විය.ඒ
පසුගියදා බන්ධනාගාරයේ සිට ඇප මත මුදා හරින ලද ⁣ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන තෙල්වත්තේ පොඩි ලැසී හා පානදුරයේ කුඩු සළිඳු ආගිය තැනක්⁣ සොයා ගැනීමට පොලිස් හෝ හමුදා බුද්ධි අංශවලට නොහැකි වීමය.මේ වන විටත් මේ මත් දුව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනා විදෙශයකට පලා ගොස් ඇතැයි සැකයක් පවතී.මොවුන් දෙදෙනා ඇප මත මුදා හැරුනේද පොලීසියේ දූෂිතයන්ගේ කුමන්ත්‍රණකාරී සැළසුමක් මත බව පැවසේ.පොලීසියේ හා ඔත්තු සේවා තුළ තවමත් බලවත්ව ක්‍රියාත්මක වන රාජපක්ෂ හා වික්‍රමසිංහ ගේ පිල්ලි  ජාතික ජන බලවේගය නපුංසක ආණ්ඩුවක් බවට වන අදහසක් සමාජගත කිරීමේ සාහසික අවශ්‍යතාවකින් කටයුතු  කරමින් සිටී.පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන සිදු කිරීමද මේ කුමන්ත්‍රණ න්‍යාය පත්‍රයේම දිගුවකි. පොලීසියේ හා ඔත්තු සේවා වල තවමත් ක්‍රියාත්මක වන පැරණි දූෂිතයන් රැළ එම ඝාතන ගැන නිර්වචන සපයන්නේ පසුගිය ආණ්ඩුවලදී මෙවැනි ඝාතනයන් නැවැත්වීමට විශාල ⁣ප්‍රයත්නයක් දැරූ නමුත් ජාජබ ආණ්ඩුව ඒ සදහා උනන්දුවක් නොගන්නා බවටය.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ප්‍රධානීන් දුර්වල බවට ජනතාවට ඇඟවීම මොවුන්ගේ පෝරිසාද අවශ්‍යතාවයයි.

මෙරට නීතිය හා සාමය බිඳ වැට්ටවීම සදහා පසුගිය ආණ්ඩුවල සිටි දේශපාලනික පාදඩයන් ගේ අවශ්‍යතාවට අනුව ඉතා සැළසුම් සහගතව ජාතික ජන බලවේගය ජනතා අප්‍රසාදය⁣⁣ට පත් කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින්   සිටින හා බුද්ධි සේවා වල හා පොලීසියේ ඉහළ තැන් වල රැඳෙමින් තවමත් බල අධිකාරිය  හසුරවන දූෂිතයන් පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අවධානයට යොමු විය යුතුය.ඉන් අනතුරුව මේ දූෂිතයන් රැළ නෙරපා හැර පොලිස් සේවාවේ හා ඔත්තු සේවාව වල බල අධිකාරිය ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා වෙහෙස මහන්සි වූ දක්ෂ නිළධාරීන් වෙත පැවරීම කළ යුතුමය.සැබවින්ම ඒ කාර්යය සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුව ප්‍රමාද නැත.මෙහිදී ජනපති අනුර කුමාර සහෝදරයා අවධානයට ගත යුත්තේ සමස්ත ජාතියේ අපේක්ෂාවන් පාවා දෙමින් හිත මිතුරු තක්කඩි දේශපාලන මිත්‍රයන් ආරක්ෂා කර ගන්නවාද එසේත් නැතිනම් ජාතික ජන බලවේගයේ පොරොන්දු පත්‍රය අනුව අපේම සහෝදරයා වෙනවාද යන්න ගැනය.                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්