රහසිගත පොලිස් අපරාධ කල්ලියක් ජනපති නියෝගයෙන් විසුරුවා හැරේ
ලංකා දවස කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල හට සිය මුහුණු පොත තුළින් මරණීය තර්ජන එල්ල කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව නම් දාමරිකයා 2024 /12/08 වන දින විශේෂ කාර්ය බලකායේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර යවා තිබේ.ඔහු සමග විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර සිටි පොලිස් සැරයන් වරුන් තිදෙනෙකු හා පොලිස් කොස්තාපල් වරයකු ඔවුන් පෙර සේවය කරන ලද අංශ වලට මාරු කර යවා ඇති අතරඑම ස්ථාන මාරු නියෝගයේ සඳහන් වන පරිදි මේ දාමරිකයා ඇතුළු එම කණ්ඩායම දුරකථන පණිවුඩ අංක 633 මගින් විශේෂ රාජකාරි සඳහා විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර තිබුණ බව අනාවරණය වේ.විශේෂ කාර්ය බලකාය යනු විශේෂ සටන් පුහුණුවක් ලද කණ්ඩායමකි.මේ බලකායේ නිළධාරීන් සමග රාජකාරියේ නිරත වීම සඳහා එහි පුහුණුව ලබා නොගත් ප්‍රපොප රංඟජීව නම් දාමරිකයා ඇතුළු කණ්ඩායම අනුයුක්ත කර සිටියේ කාගේ අවශ්‍යතාවකට යන්න පිළිබඳව නීතිය හා සාමය අමාත්‍යංශයේ දැඩි අවධානයට යොමු විය යුතුය.මෙම කණ්ඩායම නියෝජනය කළ පොලිස් නිළධාරීන් ගේ පසුබිමි වාර්තා ගැන සොයා බලන විට අපට හෙළි වූයේ ඔවුන් සියළු දෙනාම අනීතික මනුෂ්‍ය ඝාතන වලට හා විවිධ දූෂණ වලට සම්බන්ධ අපරාධකරුවන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ සඳහන්ව තිබෙන බවය.එම කණ්ඩායම හදිසියේම විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කිරීමට නියෝග ලබා දුන් කවර නිළධාරියකු හෝ මේ දාමරික කණ්ඩායම යොදවාගෙන බරපතල මෙහෙයුමක් කිරීමට කුමන්ත්‍රණකාරී සැළසුමක් පැවති බවට අපට හැඟී ගොස් තිබෙි.අප කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල හට රංඟජීව දාමරිකයා විසින් මරණීය තර්ජනය කොට බිය වැද්දීමද එම රහස් මෙහෙයුමේ කොටසක් ලෙසද සැළකිය හැකිය.මේ සියල්ල සිද්ධ වන්නේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරුණ ජයසුන්දර ගේ හා හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ අවශ්‍යතාව මත බවද අපට තොරතුරු හෙළි වී තිබේ.කෙසේ වෙතත් ජනපති අනුර කුමාර සහෝදරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත මෙම නිල නොවන දාමරික පොලිස් කණ්ඩායම විසුරුවා හැරීමට පොලිස් ප්‍රධානීන්ට සිදු වූ බවද වාර්තාවේ.මාධ්‍යවේදී අජිත් ධර්මපාලට රංඟජීව දාමරිකයා විසින් සිඳු කරන ලද මරණීය තර්ජනය පිළිබඳව ආරංචි වූ විගස ජනපති අනුර කුමාර සහෝදරයා පෞද්ගලිකව ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම ගැනද අපි ස්තූති වන්ත වෙමු.
එසේම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් අපට ඉල්ලීමට ඇත්තේ රංඟජීව දාමරිකයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා වෛද්‍ය උපදේශනයක් ලබා දිය යුතු බවය.එය එසේ සිදූ වීම නොවුනහොත් මේ මානසික රෝගියා ගේ රාජකාරිය තුළ මෙරට ජනතාව දැඩි අවදානමට ලක් විය හැකිය.අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමා වැඩක් නැති බවද අපි නීතිය හා
අමාත්‍යංශයේ බලධරයන් වෙත සිහිපත් කරමු.
Comments
Post a Comment