පොලීසියේ පිරිස් හා පාලන අධ්‍යක්ෂක අමු තක්කඩියෙක්

 


මේ වන විට පොලීසි⁣යේ ඉහළ නිළධාරීන් මර්මස්ථාන වලට ස්ථාන ගත කිරීමේදී හා පොලිස් ස්ථානාධිපති වරුන් පත් කිරී⁣මේදී රාජපක්ෂවරුන්ගේ ⁣ඔඩොක්කු කුක්කන් පත් කිරීමේ රහස් ක්‍රියාවලියක් පිළිබඳව ලංකා දවසට තොරතුරු ලැබී තිබෙි.

ජාතික ජන බලවෙිගය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඉතා සැළසුම් සහගතව ක්‍රියාත්මක වන මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ පොලිස් මූලස්ථානයෙනි.

⁣මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන වග උත්තරකරුවා පොලිස් මූලස්ථානයේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර වේ.
මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජපක්ෂ වරුන් හා සමිබන්ධ  වන්නේ ඇල්පිටිය ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.ඒ වන විට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්දන මහින්ද රාජපක්ෂ පාලනයේ ආණ්ඩුව හසුරවන තරමේ ප්‍රබලයෙක් විය.ඒ කාලයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ සිසිර කුමාර අම්බලන්ගොඩ පදිංචිව  සිටි සජින් වාස් ගේ නිවසේ පිඟන් සෝදන තරමේ වහලෙකු බවට පත් වී සිටියේය.සිසිර කුමාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වන විට පොලිස් මූලස්ථානයේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ ධුරයට පත් වන්නේ ඒ රාජපක්ෂ වන්දනාවෙි ප්‍රතිඵළයක් විදියටය.ඒ නිසාම එදා සි⁣ට අද වන විටත් සිසිර කුමාර පොලිස් මූලස්ථානයේ පිරිස් හා පාලන අධ්‍යක්ෂවරයා ලෙස අවුරුදු දහයකට  ආසන්න

කාලයක් රැඳී සිට ඇත.ජාතික ජන බලවේග⁣ය බලය⁣ට පත් වීමත් සමගම පොලිස් දෙපාර්තමේන්තුව තුළ පරිපාලනමය අවුලක් නිර්මාණය කරමින් සිටිනේ මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.ඒ සියල්ල සිද්ධ වන්නේ රාජපක්ෂවරුන්ගේ හා රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ ඕනෑ එපාකම් වලටය.ජාතික ජන බලවේගයේ ප්‍රධානීන් ගේ කරුණා පාරමිතාව සිය හාම්පුතුන්ගේ අපේක්ෂාවන් ඉටු කර දීම සඳහා  ඡෙනිපො සිසිර කුමාර හට වි⁣ශාල පිටු වහලක් වී තිබේ. එය මෙසේ උදාහරණයක් ලෙස දැක්විය හැකිය.ජනාධිපති කාර්යා⁣ලයෙන් පොලිස් පතිවරයාට  ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් සපයන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් සැපයූ ව්ට ඔහු ඒ උපදෙස් සිසිර කුමාර වෙත ලබා දෙනු ලබයි.සිසිර කුමාර එහිදී මේ සියල්ල ගැන මහින්ද රාජපක්ෂ පාර්ශවය දැනුවත් කරයි.ඉන් ලැබෙන උපදෙස් අනුව රාජපක්ෂවරුන්ට හා වික්‍රමසිංහ පාර්ශවයට හිතවත් පොලිස් නිළධාරීන් යෙදවීමට සිසිර  කුමාර වග බලා ගනී.
ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිට සිසිර කුමාර ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයටය.අනුර කුමාර දිසානායක ජනපතිවරයාට පෙර ජනපතිවරුන් සදහා ආරක්ෂාව සැපයීමට පොලිස් නිළධාරීන් පත් කිරිමේදී එම නිළධාරීන් පිළිබඳව  ජාතික බුද්ධි සේවාව මගින් පසුබිම් වාර්තා කැඳවන ලදී.අද වන විට ඒ කිසිදු නිශ්කාෂණ වාර්තා ලබා ගැනීමකින් තොරව ⁣ආණ්ඩුවේ මර්මස්ථාන වලට පොලිස් නිළධාරීන් පත් කරන්නේ සිසිර කුමාර වේ.ජනපති අනුර කුමාර දිසානායක ගේ ආරක්ෂක අධ්‍යක්ෂ වරයා ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තූළ පච හේරා ලෙස හඳුන්වන අපතයෙකු පත් වන්නේ ඒ කුමන්ත්‍රණ⁣යේ ප්‍රතිඵලයක් විදියටය.හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ ආරක්ෂක රාජකාරි වල නිරතව  සිටි පොලිස් නිළධරීන් සියලුම දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන්නේද ඒ ආකාර⁣යෙනි.නුදුරේදී සියලුම පොලිස් ස්ථාන වලට ස්ථානාධිපතිවරුන් ලෙස රාජපක්ෂ  හා වික්‍රමසිංහ ගොට්ටන් පත් කිරීමටද ලැයිස්තු හදා අවසන්ය.

ජාජබ ආණ්ඩුවේ මැති ඇමති වරුන් තව දුරටත් ඇස් කන් පියා ගෙන සිරිසඟබෝ වරුන් ලෙස සිටිය හොත් ⁣දේශපාලනික පාදඩයන්ගේ අවශ්‍යතාව ඡෙනිපො සිසිර කුමාර විසින් ඉතා කුමන්ත්‍රණකාරීව ඉටු කරන බව නම් නිසැකය.මේ කුමන්ත්‍රණය වහා අත් හිටුවීමට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මැදිහත් විය යුතුය.ඡෙනිපො සිසිර කුමාර මේ ආකාරයට අඩව් අල්ලන්නේ වැඩ බලන පොලිස්පති ගේ සාධාරණ කම ඉහට උඩින් යාම නිසා බවද පැහැදිලිය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්