මිනීමරු රංඟජීව විසින් ශානි ඝාතනය කිරීමට හදලා

  


දේශබන්දු  තෙන්නකෝන් පොලිස්පති වරයා ලෙස කටයුතු කරමින් සිටියදී හිටපු ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතනය කිරීම සඳහා පොලිස් පරීක්ෂක රංගජීවට කොන්ත්‍රාතුවක් ලබා දී තිබුණ බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණ බව වාර්තා වේ.


එම බුද්ධි තොරතුරු වාර්තාව වසන් කරගෙන තිබූ බවද එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියළු තොරතුරු එහි සඳහන්ව තිබූ බවද පැවසේ.වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන නඩුවට පොප රංඟජීව චුදිතයකු කිරීම සම්බන්ධයෙන් ඔහු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග දැඩි වෛරයකින් සිටි බවද පැවසේ.

ඒ දින වල හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට ලංකා දවසට තොරතුරු ලැබී තිබුණ අතර එම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් ගේ අනන්‍යතාව ගැන පැහැදිලි තොරතුරක් අප හට නොලැබුණි.එහෙත් පොලිස් සේවාවට සම්බන්ධ බුද්ධි නිළධාරියෙකු ඊයේ (07) අප වෙත සදහන් කරන ලද්දේ ශානි අබේසේකර ඝාතනය කිරීමට සැළසුම් කරන  ලද්දේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොප රංඟජීව බවය.අවස්ථා දෙකකදී ශානි ඝාතනය සදහා පොප රංඟජීව උත්සාහ දරා ඇතත් විවිධ හේතූන් නිසා ඒ අවස්ථාවන් වැලකුන බවද ඔහු  පැවසීය.
 
එම තොරතුරු ඇතුළත් බුද්ධි තොරතුරු වාර්තාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පවා දැනුවත් බවද වැඩිදුරටත් එම බුද්ධි නිළධාරීයා පවසන ලදී.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්