ජාජබ ආණ්ඩුව කුරෝළු වෙමින් තිබේ
ජාතාක ජන බලවේගය ආණ්ඩුව ජනතාව අතර ඉතා සීඝ්රයෙන් අප්‍රසාදයට පත් වෙමින් තිබේ.මහ පොළොවේ සැබෑ සත්‍යය ජාතික ජන බලවේගයේ කෙරුමකාරයන් මායිම් නොකරන බවද පෙනීයයි.පවත්වන ලද පාර්ලිමේන්තු සභා වාරයන් තුළදී දැක ගත හැකි වූයේ අංකුරයන් හා කටපාඩම් කාරයන් අතර සංවාදයන්ය.කටපාඩමි කාරයන්ගේ කිරිකෝඩු හැසිරීමට වඩා අංකුරයන් ඉන්නේ ගව් ගාණක් දුරිනි.වංගෙඩිය මිරිස්ගල වැනි බර බර වචන අමුණමින් කතා පැවැත්වූවාට ඒවා දේශපාලනික නොවන බව කට පාඩම් කාරයන්ට වැටහීමක් නැත.අංකුරයන් දේශපාලනය අට පත එක පතට හින්දා බී ඇඟට පත්තියන් කර ගත් එවුන්ය.මේ දේශපාලන අංකුරයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේය.කට පාඩම් කාරයන් රෑන ආණ්ඩුවේය.ආණ්ඩුවේ ආචාර්ය මහචාර්ය හා පෙරකදොරුවන්ට බදුල්ලේ තඩි චාමර සමග හැරෙන්නටවත් බැරි වී ඇත්තේ මේ නිසාය.
අඩුම ගානේ විපක්ෂයේ දේශපාලන අංකුරයන් කියන්නේ මොනවාදැයි හරි හැටි තේරුමි ගන්නට කට පාඩම් කාරයන් සූදානම් නැති බව පසුගිය පාර්ලිමේන්තු සභා රැස්වීම් වලදී මොනවට ප්‍රදර්ශණය කෙරිණි.ඒ කට පාඩම් කාරයන්ට ඇති කිරිපණු ගාය හා මහන්තත්කම නිසාය.ඒත් මහ පොළවේ දේශපාලනය දන්නේ අංකුරයන්ය.මේ අංකුරයන් ජාතික ජන බලවේගය ආණ්ඩුව කණෙන් අල්ලා පොලොවේ ගසන හැටි හෙට අනිද්දා හොඳ හැටි බලාගන්නට පුළුවන.ඒ ප්‍රදේශීය සභා ඡන්දයෙනි.මේ වෙන විටත් එම අනතුරු සංඥාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිකුත් කර තිබේ.ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන සමූපකාර ඡන්දයෙන් ජාතික ජන බලවේගයට අත් වූයේ අන්ත පරාජයකි.ජාතික ජනබලවේග ආණ්ඩුව දැන් තිරගතවෙන පික්චර් එකක් වගේය.මේ පික්චර් එක තිරගත කිරීමට පෙර ජනතාව අතරේ කළ සිදු කළ ප්‍රචාරය නම් මරුය.නරඹන්නන් වූ ජනතාව ට්‍රේලර් කෑලි බලා පික්චර් එක බලන්නට පෝලිම් ගැසුනේ මාර ෆිට් එකකිනි.දැන් නරඹන්නන් ඉන්නේ පික්චර් එක නරඹනි.ට්‍රේලර් කෑලි වල තිබුණාට වඩා පික්චර් එකේ තියෙන්නේ ගොන් පාට් බව නරඹන්නන් දැන් වටහා ගෙන තිබේ.ඒත් කවුරුවත් තවම පික්චර් එක නොබලා එළියට යන්නට අදහසක් නැත.ඒපික්චර් එක පටන් ගත්තා විතරක් නිසාය.සැබෑවටම ජාතික ජන බලවේගය ආණ්ඩුව දින ගණනකදී මේ තරමට හොට බිම ඇණ ගත්තේ මක් නිසාද යන්න ගැන වටහා ගන්නට එහි සංයුතිය ගැන අදහසක් ඇති කර ගත යුතුය.ජාතික ජන බලවේගය බෞතීස්ම වන්නේ මාලිමාව විදියටය.මාලිමාවේ න්‍යෂ්ඨිය ජනතා විමුක්ති පෙරමුණය.එහි වටේ ඇති සීනි ජෑම් තැවරුම සිවිල් පොරවල් රොත්තය.ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි උන් මහ පොළවේ දේශපාලනය කළ වුන්ය.එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙ පූර්ණ කාලීන ක්රියාකාරිකයන්ට ඡන්දය ඉල්ලීමට අවස්ථාවක් නොවීය.ඒ අවස්ථාව හිමි වූයේ මාලිමාවට සම්බන්ධ වූ සීනි ජෑම් සිවිල් පොරවල් වලටය.මේ හාදයන් දේශපාලනයේ හෝඩිය තියා අයන්නවත් නොදන්නා වුන්ය.මහප්‍රාණ කයිවාරු කාරයන් පමණය.පොතේ ගුරාලාය.මේ රැළට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මුජිබර් රහුමාන් ,රාවෆ් හකීම්,චාමර සම්පත් වැන්නන් සමග හැරෙන්නවත් බැරි බව මේ වන විට පෙන්වා තහවුරු කර දී තිබේ.මාලිමාවේ න්‍යෂ්ඨියේ ඉන්නා ඔර්ජිනල් ජවිපෙ ඇමතිවරුන්ද දැන් ඉන්නේ හොඳටම ඇඳලාය.තමන්ගේ හිතවතකුගේ දුරකථන පණිවුඩයකටත් මේ අයියලා දැන් ආනසර් කරන්නේ නැත.ඒ තරමට මේ ඇමතිලා වැඩ වන්නට ඇත.අඩුම තරමේ කන්න බොන්න හා රෙන්නවත් මේ ඇමති සහෝදරවරුන්ට වෙලාව වෙන් කර ගත යුතුයැයි අපි යෝජනා කරමු.ඒ මන්ද යත් හරියට වෙලාවට කන්න බොන්න නැති වුනොත් මන්ද පෝෂණය හැදෙන හන්දාය.ඒත් ජවිපෙ ඇමතිවරුන් දුරකථන ඇමතුම් වලට ආන්සර් නොකිරීම ගැන වචනයක් දෙකක් සිහිපත් කළ යුතුමය.ඒ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම සම්බන්ධයෙන් පැරණි පාර්ලිමේන්තුව නියෝජනය කළ දැවැන්තයන් ක්‍රියා කර ඇති පිළිවෙල ගැන කියන්නටය.ගාමිණි දිසානායක ,ලලිත් ඇතුලත්මුදලි, මහින්ද රාජපක්ෂ ,ඩලස් අලහප්පෙරුම වැනි බොහෝ දෙනෙකු තමන්ට එන මග හැරුණ දුර කථන ඇමතුම් වලට පසුව පිළිතුරු සැපයූ බවට ඕනෑ තරම් උදාහරණ තිබේ.මේ බොහෝ දෙනා කාර්ය බහුල වේලාවන්හි ඔවුන් ගේ දුරකථන ඇත්තේ පෞද්ගලික ලේකම් වරයා ගාවය.එසේත් නැතිනමි ආරක්ෂක නිළධාරියා අතේය.මේ අයවළුන් සිය අමාත්‍යවරයා කාර්ය බහුල අවස්ථාවන්හි අමතන පාක්ෂිකයන් ගේ අවශ්‍යතාව මනාව කළමණාකරනය කර ගනී.ඇතැම් අවස්ථාවලදී පෞද්ගලික ලේකම්වරයා මැදිහත් වී අමතන්නාගේ ප්‍රශ්ණය විසදා දීමද සිදු කෙරේ.එහෙත් වර්තමාන මාලිමා ඇමතිවරුන්ගේ මොළය ඇත්තේ ඔළුවෙන් පිට නිසා මෙවැනි වැඩ පිළිවෙලක් ගැන අදහසක්වත් නැති බව පැහැදිලිය.ඔළුව ඉදිමිලා යැයි මිනිසුන් කියන්නෙ මෙවැනි අයවළුන් දකින විටය.මේ ඇමතිවරුන් සිතා ගෙන ඉන්නේ අපි තරම් වැඩ්ඩන් පිරිසක් ජාත්යන්තරයේවත් නෑ කියාය.ඒ තරමටම මේ උන්දැලා උද්දච්ච වී තිබේ.මේ උද්දච්කමේ අවසන් ප්රතිඵළය තඩි චාමරලා ජනතාවගේ බඩ බැඳ ගත් ලීඩර්ලා වීමය.අපි මාලිමාව ජයග්‍රහණය කරවීම සදහා කොන්දේසි විරහිතව පෙනී සිටි අයවළුන් වේ.ඒත් අපගේ ඡන්දයෙන් පත් කර ගත් රජා හෙළුවෙන් ඇවිදින විට ජයවේවා කියන්නට අපි සූදානම් නැත.රජ්ජුරුවන් වට කර ගෙන ඉන්නා වුන් රජා ගොනාට අන්දා අමු හෙළුවෙන් දක්කා ගෙන යන විට අපට හූ කියන්නට සිද්ධ වෙනවාය.ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා හට අපට සිහිපත් කරන්නට තියෙන්නේ ඒ ටිකය.තමන් ජාතක කළ අම්මා අනුරාධපුර ඉස්පිරිතාලයේ නවත්වා බෙහෙත් අරන් දුන්නාට ජනතාවගේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැති බව අනුර කුමාර දිසානායක සහෝදරයා දැන් වත් වටහා ගත යුතුය.ඒවා ආර්.ප්‍රේමදාස ගේ කොළොප්පම් වලට සමාන ඒවා මිස ඉන් එහා ගිය ප්රබුද්ධ ඒවා නොවේ. එකසිය තිහට තිබූ නාඩු කිලෝ එක රුපියල් එකසිය හැටට පාලන මිලක් දමා ඩඩ්ලි යාළුවා ගොඩ දැමීමත් රාජ්‍ය පාලනය නොවේ.ඒවා අමු අමුවේ තක්කඩි කම්ය.මහින්ද රාජපක්ෂලා ඔය ජාතියේ තක්කඩි කමි කෙරුවේ ජනතාවගේ ඇස් බැඳලාය.සහෝදර ජනපති සහෝදරයාට එහෙමවත් කරන්න තරමේ දේශපාලන කපටි අවබෝධයක් නැති බව අප දැන් වටහා ගෙන හමාරය.ආණ්ඩුව කරන හැම වැඩකින්ම ඇසෙන්නේ උම්බෑ හඬය.දැන් ජනතාව ප්‍රශ්ණ කරන්නේ මාලිමාවේ නායකයන් දේශපාලන වේදිකාවල ඇසූ ප්රශ්ණමය.මාලිමාවේ උන්ටවත් දැන් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු නැත.ඒ නිසාම මාලිමාවේ නායකයන් දැන් හදන්නේ රාජපක්ෂලා ඇති දැඩි කළ දූෂිතයන් තුරුල්ලට ගෙන උන් ගෙන් රටේ ප්‍රශ්ණ විසඳා ගන්නටය.එහෙත් එතැනදී සිද්ධ වන්නේ ප්‍රශ්ණ විසඳීම නොවේ මාලිමාවට කෙලවා ගැනීමය. අනුර කුමාර දිසානායකගේ අමුඩය අස්සේද දැන් ඉන්නේ පහුගිය ආණ්ඩු කාලයේ රාජපක්ෂ වරුන් හා වික්‍රමසිංහ හුරතල් කළ ඔඩොක්කු කුක්කන්ය.උන් තරහ කරගෙන ආණ්ඩුව ගෙන යන්නට බැරි බව අනුර කුමාර දිසානායක ඇතුළු ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සිතා ගෙන සිටී.මේ කෙරුවාව ගැන කළකිරී සිටින ජවිපෙ ඇමති සහෝදරයන් දෙතුන් දෙනෙක්ද සිටින බව අමතක කළ යුතු නැත.ඊයේ පෙරේදා දවසක පොලිස් මාරුවීමක් ගැන කතා කරන්නට ගිය ජවිපෙ ඇමති සහෝදරයෙකුට වල්ගය පස්සා පැත්තේ ගහගෙන හිතේ අමාරුවෙන් රිවස් එකට යන්නට සිද්ධ වූ බවද අපට ආරංචිය.පොලීසිය පාලනය කරන්නේ අසූ නවයේ ජවිපෙ සහෝදර වරුන් ඝාතනය කළ අළුගෝසුුවෙකි.සිය දේශපාලන අරමුණ නිසා මෙලේච්ඡ ලෙස ඝාතනය වූ සහෝදරයන් ගැන ජාතික ජන බලවේගය ආණ්ඩුව නියෝජනය කරන ජනපතිවරයා ඇතුළු ජවිපෙ ඇමතිවරුන්ට කිසිදු සංවේදී බවක් නැති බවට හොඳම උදාහරණය පොලිස් අමාත්‍යංශය පාලනය කරන අළුගෝසුවාය.අඩුම ගානේ තමන්ට ආරක්ෂාව සපයන පොලිස් ලොක්කාගේ පැටිකිරියවත් ජනපතිවරයා නොදනී.ඒ බව සොයන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ පච හේරා සොයා ගන්නට ජාතික බුද්ධි සේවාව වලට උපදෙස් දිය යුතුය.පච හේරාට ජනපතිවරයාගේ ආරක්ෂක අධ්යක්ෂ කම ලැබුනේ නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාලට ජාඇල බෝජෝ රෙස්ටුරන්ට් එකේදී පූජා කළ විස්කි හා බයිට් පූජා වට්ටියේ අනුහසිනි.පොලිස් අමාත්‍යංශය පාලනය කරන මිනීමරු අළුගෝසුවා ගේ පැටිකිරිය ගැන මාලිමාවට හිතවත් මාධ්‍යවේදීන් අනාවරණය කෙරුවද ආණ්ඩුව ඉන්නෙ තිත්ත බේත් බිව් ගොළුවා විදියටය.මෙහිදී ජවිපෙ ලේකම් වරයා ගැන අපට ඇති වන්නේ අමුතුම හිරිකිතයකි.අපුලකි.මේ උන්දෑ ඔර්ජිනල් ජේවීපී කාරයෙක් බවට අපි සිතා ගෙන සිටියෙමු.දැන් බලාගෙන යන විට මෙි උන්දෑ සිංහ වෙස් පොරවා ගත් තක්කඩියෙකි.එසේ නැතිනම් පොලිස් අමාත්‍යංශයේ අමු තිරිසන් අළුගෝසුවාට ආණ්ඩුව කුරෝළු කරන්නට ඉඩ දෙන්නේ නැත.ආණ්ඩුව කුණු වෙමින් තිබෙන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයෙනි.ඊළගට නීතිපති වරයාගෙනි.හෙට අනිද්දා වන විට මේ සැබෑව ජනපතිවරයාට වැටහෙනු ඇති බව නිසැකය.නුමුත් ඒ වන විට ප්‍රමාද වැඩි බව අපට සිතේ.අප තවමත් මේ බර අදින්නේ මාලිමාව හරි මගට එනු ඇතැයි විශ්වාසයෙනි.එහෙත් අපගේ මේ විශ්වාසය තව දුරටත් නොතකන්නේ නම් අපට සඳහන් කරන්නට වන්නේ තොපි ජාතක කළ අම්මාටත් අම්මා මිය ගොස් ඇති නම් උන්දෑගේ සොහොනටත් හෙණ පිට හෙණ පාත් වෙන බවය.අපට දැන් අපගේ විරුද්ද දේශපාලන පාක්ෂිකයන්ගේ නරුම විහිළු වලට හා අපහාස වලට මුහුණ දෙන්නට සිදු වී තිබේ.ඒ අපහාස හා නින්දා විඳිය යුතු සීමාවක් පවතී.ඒ සීමාවේ කෙළවර ඇත්තේ ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගේ මව්වුරුන් හා අඹු දරුවන්ටත් කෙලවමින් විය හැකි බව අපේ සහෝදරවරුන් දැන් වත් වටහා ගත යුතුය.
Comments
Post a Comment