අයියෝ හර්ෂණ මේ මොනවද කරන්නෙ

 


මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල 2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිඳු කරන සිරකරුවන් 27 දෙනෙකු මෙලේච්ඡ ලෙස ඝාතනය කිරීමට එරෙහිව දිගින් දිගටම පෙනී සිටි මාධ්‍යවේදියෙකි.වැලිකඩ සිරගෙදරදී සිදු කරන ලද ඒ මහා මිනිස් ඝාතනයන් පිළිබඳව ඔහු විසින් විමර්ශණාත්මක ග්‍රන්ථයක්ද රචනා කර සමාජ ගත කෙරිණි.


කසුන් පුස්සවැල්ලගේ මුහුණු පොත් පිටුවේ ඔහු විසින් පල කර තිබූ සටහන ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳව ඔහු තුළ පවතින දැඩි කළකිරීම හා ⁣කණගාටුවේ  ප්‍රකාශනයක් බව පැහැදිලිය.ඒ ලියවිල්ලෙන් ඔහු අමතා තිබුණේ ජනපති අනුර කුමාර සහෝදරයා හා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරය.

"........ජනපතිතුමණි ,අධිකරණ ඇමති තුමණි,

ලැජ්ජයි ,කැතයි,නින්දිතයි

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන්  ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරු වී එල්ලුම් ගහට නියම වූ එකම චුදිතයාට පුනුරුදයෙන් උපහාර.

අනුර කුමාර දිසානායක ජනපතිතුමණි,
මා අතින්ම ඔබ ඉල්ලා ගත් වැලිකඩ පොත තවම පැලවත්ත පක්ෂ මූලස්ථානයේ තවම ඇත.ඔබේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාද ඔබද එහි පිටු ඉතිහාසයේ කුණු බක්කියට අත   පිසදා විසි කරන්න.

ස්තූතියි

කසුන් පුස්සවැල්ල......."           



 



ඔහු විරෝධය දක්වා ඇත්තේ පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තු⁣වෙි සංවත්සරයට සහභාගි වූ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ සේවය ඇගයීමට ලක් කරමින් ⁣සම්මාන ඵලකයක් ලබා දීම  සමිබන්ධවය.⁣බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මේ සංවත්සර උත්සවය පවත්වන ලද්දේ මීගමුව සංචාරක හෝටල් පරිශ්‍රයක් තුළය. ජේලර්වරුන් විසින් රුපියල් විසිපන්දාහක මුදලක් මේ උත්සවය සදහා බර පැණ දායකත්වයක් දැරිය යුතු බවට බන්ධනාගාර මූලස්ථානයෙන් නියෝග කර තිබූ බවත් එහිදී ඇතැම් ජේලර්වරුන් එම මුදල බන්ධනාගාර ගතව සිටින හොරොයින් ජාවාරම්කරුවන්ගේ සහායෙන් සොයාගත් බවත් මාධ්‍ය වලින් අනාවරණය කෙරුනි.අනතුරුව කවුරුන් කවර ආකාරයේ චෝදනාවක් කෙරුවද තමා ඒ සංවත්සර උත්සවයට සහභාගි වන බවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ප්‍රකාශයක් පවා නිකුත් කරන ලදී.

මේ සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා වැලිකඩ සිදුවූ ලැයිස්තු ගත ඝාතන සම්බන්ධයෙන් ත්‍රිද්ගල මහාධිකරණය මගින් මරණ දඬුවම ලැබූ අයෙකි.පසුව මොහු අභියාචනාධිකරණය මගින් නිදහස් කෙරිණි.


වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරන ලද ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට  යහපාලන ආණ්ඩුවෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකයකු වූ නීතිඥ එස්.කේ.ලියන⁣ගේ
සමග කළ සාකච්ඡාවක් 2017 අගෝස්තු    20 -වන දින සත්හඬ පත්තරයේ පල කර තිබුණි.එම සාකච්ඡාවේ ඇතැම් කොටස් අපි මෙහි පල කරමු .ඒ ප්‍රවෘත්තියට හේතු වූ සිද්ධියේ දිග පලල හා බර තහවුරු කිරීමටය.

ප්‍රශ්ණය/ වැලිකඩ බන්ධනාගාරය තුළ සිඳු කළ ලැයිස්තුගත සමූහ ඝාත⁣නය සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභා හා කමිටු කිහිපයක් පත් කෙරුවා.ඒත් තවමත් වැඩේ එක තැන නේද

පිළිතුර / මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව විමර්ශන කමිටු තුනකින් පරීක්ෂා කරල තිබුණ.එක බන්ධනගාර කොමසාරිස් දෙක බන්ධනාගාර බාර අමාත්‍යවරයා හා තුන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.නමුත් වින්දිතයන් හා පොදු ප්‍රජාව ඒ පර්යේෂණ ගැන සෑහීමකට පත් වෙලා තිබුණෙ නෑ.ඒ නිසා මේ ආණ්ඩුව පත් වුනාට පස්සෙ මේ ගැන පර්යේෂණයක් කරන්න අපි තුන්දෙනා පත් කෙරුවා.
හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම්,මම,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක ඒ කමිටුව නියෝජනය කෙරුවා.

ප්‍රශ්ණය/ඔබ තෝරාගැනීම ගැන විශේෂ හේතුවක් තියෙන්නෙ ඇති

පිළිතුර/ඔව් සිවිල් සමාජය වෙනුවෙන් මම තෝරාගත්තා.ඒ වගේම දැනට ලංකාවේ වැඩිම විමර්ශන සංඛ්‍යාවක් හා විනය පරීක්ෂණ සංඛ්‍යාවක් පවත්වන ලද තැනැත්තා වීමත් ප්‍රධාන හේතුවක්.

ප්‍රශ්ණය/ඔබ ඇතුළු කමිටුව මේ පර්යෛ්ෂණ කරපු ආකාරය ගැන කෙටියෙන් පැහැදිලි කෙරුවොත් 

පිළිතුර/අප මේ සිද්ධිය වූ තැන පරීක්ෂා කෙරුවා.බන්ධනාගාරය තුළ.ඊට පස්සෙ අපට කැඳවා ගත හැකිව තිබුණ සාක්ෂි දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තා.ඒවාට  රජයේ රස පරීක්ෂක, පොලිස් සොකෝ අංශය ඇතුළු විශේෂඥ සහායත් ලබා ගත්තා.අප විශ්වාස කරනවා අනෙක් කමිටු වලට වඩා විශ්වාසදායක හා ප්‍රබල සාක්ෂි අප⁣ට  ලැබුණ කියල.මේ සියල්ලේ සම්පූර්ණ වාර්තාවක්  සකස් කෙරුවා.ඒ වාර්තාව
2015 ජුනි 09 වන දින අගමැතිතුමාටත් අධිකරණ ඇමතිතුමාටත් එම අමාත්‍යංශයේ ලේකම් තුමියටත් බාර දුන්නා.

ප්‍රශ්ණය /මේක කැරැල්ලක් කියලනේ තිබිබෙ.ඔබේ කමිටුව මේක අපරාධයක් විදියට නිර්දේශ කලාද .මොනවද අවසාන නිර්දේශ.

පිළිතුර/අප දැක්කා මේක බරපතල මනුෂ්‍ය ඝාතනයක් කියල.අපි කමිටුව ඒකමතිකව තීරණය කෙරුවා.මෙතැන සැළසුම් සහගතව තෝරාගත් කණ්ඩායමක් ඝාතනය කරල තියෙනවා.
ඒක විවිධ අයගේ අවශ්‍යතා වෙන්න පුළුවන්.ඒක නිසා අපි කිිිිව්ව මේ ගැන අපරාධ පරීක්ෂණ පවත්වල මේකට සම්බන්ධ අයට එරෙහාව පියවර ගන්න කියල.ඊළඟ කාරණය මෙතැනදි රාජකාරිය පැහැර හැරි අයටත් එරෙහිව  පරීක්ෂණයක් කරන්න කියල.

ප්‍රශ්ණය/සිරකාරයො වෙඩි තිබ්බා කියන්න තුවක්කු දැම්ම කියන කතා

පිළිතුර/අපට සාක්ෂි දීල තිබුණ ඒ ගැන සියල්ල මර්දනය කරා කියල පහුවෙනිද උදේ පහයි ගානට බන්ධනාගාර නිළධාරීන්ට එන්න කියල තිබුණ.ඒ ආපු ජේලර්වරුන් බිම වැටිල තිබුණ මල සිරුරු වල පින්තූර අරගෙන තිබ්බා.මේ වෙලාවෙ ඒ පින්තූර ගන්නකොට මල සිරුරු ළඟ ආයුද තිබිල නෑ.නමුත් පිටස්තර පරීක්ෂණවලට එනකොට හතරදෙනෙක් ළඟ ආයුද තිබිල තියෙනවා
සිරකරුවන් ගත්තු ආයුද හමුදාව                   බන්ධනාගාරෙට බාර දෙන කොට බන්ධනාගාර කොමසාරිස් කොඩිප්පිලියි එමිල් රංජන් කියන බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධානියා ඇවිත් කියල තියෙනවා තුවක්කු හතරක් දෙන්න කියලා.නමුත් අංක සටහන් කරන නිසා ඒක ප්‍රමාද කරල තියෙනවා.ඒ වෙලාවෙ කොඩිප්පිලි තදින් කියලා බලෙන් තුවක්කු හතරක් අරගෙන ගිහින්.පසුව කිසියම් අවස්ථාවක මිය ගිය අය ළගට ඒවා දාලා තියෙනවා.ඒකෙන් පැහැදිලි වෙනවා මේ ඝාතනවල ඇත්ත යට ගහන්න මේ සිද්ධිය ගැන වැරදි චිත්‍රයක් මවන්න සැළසුම් සහගතව උත්සාහ කරල තිබෙන බව.

උපුටනය අවසන්

ඒ,දින වල වැලිකඩ බන්ධනාගාරය සිදුවූ ලැයිස්තු ගත මනුෂ්‍ය ඝාතනයට එරෙහිව හඬ නැගූවන් අතර වර්තමාන ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද සිටියහ.
මෙම මනුෂ්‍ය ඝාතන වලට සමිබන්ධ බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක රංගජීව හා බන්ධනාගාර සහකාර කොමසාරිස් එමිල් රංජන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නඩු පැවරුණ අතර එම නඩු විභාග⁣යෙන් අනතුරුව පොප රංඟජීව නිදහස් කළ අතර සබොක එමිල් රංජන්ට මරණ දඬුවම පැමිණ විය.අධිකරණ ඇමතිවරයා සේවා ඇගයීමක් කර සමරු පලකයක් ප්‍රධානය කරන්නේ මේ එමිල් රංජන්ට නම් මිනීමරුවාටය.

බන්ධනාගාර කොමසාරිස්වරයා මේ වන විට ක්‍රියාත්මක වන්නේ සර්ව සාධාරණ රාජ්‍ය නිළධාරියකු විදියටය.⁣රාජපක්ෂ වරුන්ගේ සට්ටැඹියකු වූ මොහු මේ වන විටත් අධිකරණ ඇමතිවරයාට නාස් ලණුව දමා හමාරය..ඒ නාස් ලනුව මගින්   අධිකරණ ඇමතිවරයා හසුරවන බන්ධනාගාර කොමසාරිස් විසින් කුඩ්ඩන්ගේ මුදලින්  පැවැත්වූ සාදය කෙළවර කෙරුවේද සාහසික මිනීමරු මෙරිල් රංජන් ඉහළට ඔසවා තබමිනි.
කිසිම හිරිකිතයක් නැතුව මෙරිල් රංජන් වීරයෙක් ලෙස බෞතීස්ම කළ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ගේ කෙරුවාව ජාජබ ආණ්ඩුවේ පුනුරුදයේ රෙදි ගලවා තිබෙි.මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල සිය මුහුණු පොතේ සඳහන් කර තියෙන්නේද ඒ සඳහනය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්