වික්ටර් අයිවන් දැයෙන් සමුගනී

 


මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දින ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.1971 කැරැල්ලේ නායකයකු ලෙස සමාජයට ප්‍රවේශ වූ වික්ටර් අයිවන්ට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂම මගින් සිර දඬුවම් නියම වුනා.පසුව බන්ධනාගාරයෙන් නිදහස් වූ වික්ටර් අයිවන් සම සමාජ පක්ෂයට සම්බන්ධ වී ගාල්ල අතුරු මැතිවරණයට එම පක්ෂයෙන් තරග කළ අතර පසුව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූවා.රාවය සංවාදශීලී සඟරාවේ හා පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළ ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තැබූ විප්ලවකාරී මුද්‍රාව ඉතා ප්‍රබලයි.⁣ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයේදී  මෙරට සිදුවූ මිනිස් ඝාතනයන් අතර ඉතා ප්‍රසිද්ධියට පත් වූ ඇඹිලපිටිය ශිෂ්‍යයන් පිරිසක් ඝාතනය කර වල දැමූ ස්ථානය සොයා ගැනීම සඳහා වික්ටර් අයිවන් පුරෝගාමී වුනා.එම සමූහ මිනිස් ඝාතනයේ වැරදිකරුවන් අධිකරණයට ගෙන ඒම සදහා රාවය පුවත්පතින් ඔහු දැක්වූ දායකත්වය ඉතා ප්‍රබලයි.


මෙරට දීර්ඝ කාලයක් ආණ්ඩු බලය හිමි කර ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය පාරාජයට පත් වීමට මෙම සිදුවීම හේතුවක් වුනා.ඉන් අනතුරුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ දේශපාලන උපදේශක ලෙස සම්බන්ධ වූ වික්ටර් අයිවන් පසු කාලයකදී ඇ⁣ය හා මත භේදයක් ඇති කර ගත්තා.පසුව ඔහු  චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ දේශපාලනික සහභාගිත්වය විවේචනය කරමින් චෞර රැජින නම් කෘතියක් පවා රචනා කෙරුවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ ජනපතිනිය ලෙස කටයුතු කරන අවදියේ ඇය විසින් සරත් එන් ද සිල්වා මෙරට අග විනිසුරු ධුරයට  පත් කිරීම පිළිබඳව රාවය කර්තෘ වරයා ලෙස වික්ටර් අයිවන් බරපතල ආකාරයෙන් විවේචනය කෙරුවා.1999 සැප්තැම්බර් 01 ඉරිදා දින පල කරන ලද රාවය පුවත්පතේ අග විනිසුරුවරයා ජනපතිණිය ඉදිරියේ වැඩ බාර ගැනීමේ ඡයාරූපය පල කරන ලද්දේ උඩු යටි කුරු කරමින්.මුල් පිටුවේ කලු පසුතලයක අධිකරණයේ මළගම යන ශීර්ෂයෙන් ලියන ලද ලිපියක් සමග එම ඡායාරූපය පල කර තිබුණා.එදා සිට අද දක්වා  මෙවැනි අවදානම් සහගත මාධ්‍ය භාවිතයක් මෙරට කිසිම පුවත්පතක් සිදු කර නැහැ.වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භාවිතය මෙරට තුළ තබා ඇති එම දැවැන්ත මුද්‍රාව අති විශිෂ්ටයි.

වික්ටර් අයිවන්ගේ දේශපාලන භාවිතය පිළිබඳව විවිධ විවේචනයන් පැවතුනද
ඔහු මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉටු  කරන ලද  දැවැන්ත කාර්ය භාරය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන් හැදෑරිය යුතු පරිච්ඡේදයක්  බව නම් සඳහන් කළ යුතුයි. 

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල නමින් හැඳින්වූ මේ දැවැන්තයා ගේ නික්ම යාම පිළිබඳව ලංකා දවස සංවේගය ප්‍රකාශ කර සිට්නවා.

සුබ රාත්‍රියක් අතුල අයියේ

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්