ඕයි සහෝදරවරුනි අපටත් සවන් දීපල්ලා
අද පාර්ලිමේන්තු සභා රැස්වීමේදී නාමල් රාජපක්ෂගේ බිරිල්ල කාට කාටත් ඇසෙන්නට ඇතැයි අපි සිතමු.නාමල් රාජපක්ෂලාට මෙලෙස බුරන්නට ධෛර්ය දුන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව මිස වෙන කවුරුවත් නොවේ.ආණ්ඩුව බලයට පත් වූ දා සිට අපි ඇඟිලි කොරවෙන තුරු ලිව්වේ රාජපක්ෂලා ජජාබ ආණ්ඩුවට කෙල වන්නට සැළසුම් හදමින් බවය.එහෙත් ජාජබයේ කෙරුම්කාරයන් අපේ ලියවිලි පඩයකට ගණන් ගත්තේ නැත.රාජපක්ෂ හෙංචයින් ආණ්ඩුවට චලෙන්ජ් කරන්නට තරමට චණ්ඩි වී ඇත්තේ ජනපති අනුර සහෝදරයා ගේ වෙස්සන්තර අනුකම්පාව නිසාය.ගෙවී ගිය මාස දෙක තුළදී රාජපක්ෂ කල්ලිය මේ තරමට චණ්ඩි ටෝක් දෙනවා නම් තව අවුරුද්දක් ගෙවී ගිය විට ආන්ඩුවට බුදු සරණයි බව අපි දැන්ම ලියා තියමු.
මේ වන විටත් ජාතික බුද්ධි සේවාව බිඳ වැටී තිබේ.එහි නිළධාරීන් තොරතුරු සෙවීම සිදු කරන්නේ ඕනෑවට එපාවටය.
මේවා අහඹු සිදුවීම් නොවේ.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පත් වූ දා සිට සිදු කරන කුමන්ත්‍රණ වල ප්‍රතිඵල වේ .ජනපති අනුර සහෝදරයා විශේෂ කාර්ය බලකායේ මිනිස් ඝාතකයකු හා මහර බන්ධනාගාරයේ සිදු වූ මිනිස් ඝාතනයන්ට සම්බන්ධ මිනීමරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාට උපදෙස් දීමේ සිට අද දක්වාම යටි බිම්ගත අපරාධ රාජ්‍යයේ සාහසිකයන් සිටින්නේ ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීමේ ගේමකය.නීතිපති වරයා පමණක් නොව එම කාර්යාලයේ රාජපක්ෂ කල්ලියේ ඕනෑ එපාකම් මත හැසිරෙන තක්කඩියන් ගේ සැඟවුන අවශ්‍යතාව ජාජබ ආණ්ඩුව බිද වැට්ටවීමය.මේ තක්කඩියන්ගේ අවශ්‍යතාව ජනපති අනුර සහෝදරයා ඇතුළු ජාජබ ආණ්ඩුව තවමත් හරි හැටි තේරුම් ගෙන නැති බව අපේ විශ්වාසයයි.
අපට මුලදීම මේ කුමන්ත්‍රණ පිළිබඳව වාර්තා වී තිබුණි.එහෙත් ජාතික ජන බලවේගයේ නායකයන් ඒ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ ලෙනින් සහෝදරයා උදාහරණයට අරගෙනය.ඔවුන් එහිදී අපට සඳහන් කෙරුවේ සාර් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසුව ලෙනින් සහෝදරයා පිහිටුවන ලද ආණ්ඩුවට සම්බන්ධ කර ගත්තේ සාර් ගේ නිළධාරීන් බවය.ජාජබ යේ නායකයන් ඉන් අපට ඇඟවූයේ රාජපක්ෂ හා වික්‍රමසිංහ ගේ ජාවාරමිකාර දේශපාලන කෙරුවාවන්ට අත් උදව් සැපයූ රාජ්‍ය නිළධාරීන් පිළිබඳව තමන් විශ්වාසය තබන බව මිස අන් දෙයක් නොවේ.
ජාජබ ආණ්ඩුවට මේ වන විට සිව් දිසාවෙන් පහර දෙන්නන් ගේ අග මුල සොයා ගිය විට ඔවුන්ට ආයුද සපයන්නේ පරණ ආණ්ඩුවල හුරතලුන් වී සිටි ඉහල ඇවරියේ රාජ්‍ය නිළධාරී රොත්තය.
ප්‍රවාහන ඇමති බිමල් රත්නායක සහෝදරයා පසුගියදා දුම්රිය සේවාවේ හා වරාය තුළ සිටින එවැනි ජාවාරම්කාර නිළධාරීන් ගැන හෙළිකරන ලද්දේ කළකිරීමෙනි.හෙට අනිද්දා වන විට බිමල් සහෝදරයාගේ පසු තැවිල්ල ජාජබ ආණ්ඩුවේ අනෙකුත් ඇමතිවරුන්ටද
දැනෙන බව නම් නිසැකය.ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් හමාර වන්ටත් ඉඩ තිබේ.
අද දින පැවැති පාර්ලිමේන්තු සභා රැස්වීමේදී නීතිය හා සාමය අමාත්‍ය ආනන්ද විජේපාල චෝදනා කරන ලද්දේ තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ වරුන් සම්බන්ධ බවය.ඇමතිවරයා එසේ චෝදනා කරද්දී නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා බවට පත් කර ගෙන ඇත්තේ ඒ දිනවල රාජපක්ෂ වරුන් සිදු කළ සාහසික අපරාධ වසන් කිරීමට කටයුතු කළ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ රණවීරය.තාජුඩීන් ඝාතනය පිළිබඳව පැවැති පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහා මේ රණවීර ක්‍රියා කර ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පවා කරුණු වාර්තා කර ඇත.නීතිය හා සාමය ඇමති විජේපාල තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ වරුන්ට චෝදනා කරන්නේ කලිසමක් ඇඳ ගෙනදැයි අසන්නට සිතෙන්නේ ඔහුගේ උපදේශකයාගේ පැටිකිරිය ගැන
අපට රහසක් නොවන නිසාය.ඒ නිසාම නීතිය හා සාමය ඇමතිවරයා ගේ කෙරුවාව කොස්තාපල් පුඤ්ඤසෝමගේ කෙරුවාවට සමාන බව නම් කිව යුතුමය.
නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාල කොස්තාපල් පුඤ්ඤසෝමට අඳින විට රෙදි ගැලවී ඇත්තේ ජනපති අනුර කුමාර ප්රමුඛ ජාජබ ආන්ඩුවේය.එහෙමත් නැතිනම් මාලිමාවේ සිටින ඔර්ජිනල් ජේවීපී කාරයන්ගේය.වැඩ බලන පොලිස්පති වරයා පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් සිදු කරන්නේ අමාත්‍යංශයේ රණවීර උපදේශක මහත්තයාගේ උපදෙස් අනුවය.
රණවීර උපදේශක මහත්තයා ගේ උපදෙස් අනුව පොලිස් සේවාව මෙතෙක් තුළ සිදු කරන ස්ථාන මාරුවීම් පිළිබඳව විමර්ශනයක් කෙරුවේ නම් රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කන්ට පොලිස් සේවාවේ බල ආධිපත්‍යය තවදුරටත් තහවුරු වන ආකාරයට සිදු කරන ලද කුමන්ත්රණකාරී සැලැස්ම අනාවරණය කර ගත හැකිය.
කෙසේවෙතත් නීතිය හා සාමය ඇමති විජේපාල නියෝජ්‍ය ඇමති සුනිල් වටගල නොමග යවමින් හෝ දැනුවත්ව අමාත්‍යංශ උපදේශක රණවීර සිදු කර ඇති කුමන්ත්රණකාරී මැදිහත් වීමෙන් මේ වන විට දැඩි අසාධාරණයට ලක් වී සිටින්නේ ජාතික ජන බලවේගය බලයට පත් කීරීම සඳහා සහයෝගය දැක්වූ පොලිස් නිළධාරීන්ය.වර්තමානය වන විට ඒ පොලිස් නිළධාරීන් හට ජාතික ජන බලවේගය වහ කදුරු වී ඇති බව සඳහන් කළ යුතුය.තව කෙටි කාලයකදී පොලිස් සේවාව තුළ ජාජබ ආණ්ඩුවට සහයෝගය දක්වන පොලිස් බල්ලෙක්වත් සොයා ගන්නට නොහැකි වන බව නම් පැහැදිලිය.
මාක්ස්වාදයේ පොතේ ගුරු ගුරුකම් වර්තමානයේ ලංකාවේ දේශපාලන භූමියට අදාල කර ගත නොහැකි බව ජනපති අනුර කුමාර සහෝදරයා ඇතුළු ජාජබ ආණ්ඩුවේ කෙරුමන් වටහා ගත යුතුමය.ඒ සඳහා තවමත් ප්‍රමාද නැත.එහෙත් ජාජබ ආණ්ඩුවේ ඇමතිවරුන් දැන් උද්දච්ච ආකාරයෙන් හැසිරෙන බව මාලිමා හිතවතුන් නගන තවත් චෝදනාවකි.දුරකථන ඇමතුමකට පිළිතුරු නොදෙන තරමට ඔවුන් බොහෝ දෙනෙකු චන්ඩින් බවට රූපාන්තරය වී තිබේ.
අප තවමත් සිටින්නේ ජනපති අනුර කුමාර සහෝදරයා ගැන විශ්වාසය තබමිනි. ජාතික ජන බලවේගය ආණ්ඩුව
ගැන විශ්වාස කරමිනි.එහෙත් ජාජබ ආන්ඩුවේ බොහෝ කෙරුමන් අපට සළකන්නේ දෙකේ කොලයට දමාය.ආන්ඩුවේ හැම කෙරුමාම හිතා ගෙන ඉන්නේත් අපට වඩා වැඩ්ඩන් මේ දූපත තුළ නැති බව යැයි අපට සිතේ.ඒත් මෙහෙම ගියොත් ඒ චණ්ඩි කම් තව පෝය ගනනාවකින් කෙළවර වන්ටත් ඉඩ තිබෙි.
ඒ කෙළවරවීම පිළිබඳව අපට චියර්ස් කීමට නොහැක්කේ ජාතික ජන බලවේගය කෙසේ හෝ ආරක්ෂා කර ගත යුතුය යන අදහසේ අප තවමත් සිතා ගෙන සිටින බැවිනි
Comments
Post a Comment