ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ඉඩමට යෝෂිත අත් අඩංගුවට ගනී

 


රත්මලාන සිරිමල් පෙදෙසේ මිලියන තිස් හතරක වටිනා නිවසක් මිලයට ගැනීමේ සිදධියක් සම්බන්ධයෙන්  යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්ත⁣මේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්  අනාවරණය කරන ලදී.ඔහු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ බව වාර්තා වේ.බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද
යෝෂිත රාජපක්ෂ අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරිය වන්නේ  යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තියයි.ඩේසි ආච්චිගේ මැණික් මල්ල වාගේ යැයි කියමනක් ජනවහරේ කතා බහ⁣ට ලක් වූයේ මේ සිද්ධියට සම්බන්ධ ඉඩම මිලයට ගන්නා ලද්දේ තම නිවසේ ආලින්දයේ කවරකු හෝ තබා ගිය මැණික් මල්ලක් අලෙවි කිරීමෙන් බවට ඩේසි ෆොරස්ට් සාක්ෂි දීමෙන් පසුවය.එම සාක්ෂිය විශ්වාස කළ විනිසුරුවරුන්ද  මෙරට අධිකරණ ක්⁣ෂේත්‍රයේ සිටි බව සිහිපත් කළ යුතුය

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා