ගාල්ල හිරගෙදර ආරවුල පිටුපස ඉන්නේ බන්ධනාගාර ලොක්කෙක්

 


ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලද රැඳවියන් හතර දෙනෙකු කරාපිටිය රෝහළ වෙත ඇතුළු කළ බව වාර්තා වේ.මේ ගැටුම ඇතිවී ඇත්තේ දැනට විදේශගතව සිටින පාතාල ක්‍රියාකාරිකයන් වන සොබනාහන්දි ජයලත් නොහොත්  කරන්දෙණිය සුද්දා ගේ ⁣ගෝලයන් හා අහුංගල්ල පැටී යන අයගේ ගෝලයන් අතර බව බන්ධනාගාර ආරංචි මාර්ග වලින් පැවසේ.සොබන්හන්දි ජයලත් ගේ ගෝලයකු හට අහුංගල්ලේ පැටී ගේ ගෝලයකු උල් ආයුදයකින් ඇණිමෙන් පසුව එම ගැටුම ඇරඹුන බවද පසුව ජයලත්ගේ පාර්ශවය ප්‍රධාන ජේලර්ගේ කාර්යාලයට කඩා වැදී එහි රඳවා ගෙන සිටි පැටී ගේ ගෝලයාට උල් ආයුද වලින් ඇණ පහරදී තිබේ.මේ කැරළිකාර කණ්ඩායම ප්‍රධාන ජේලර් වරයාගේ කාර්යාලීය උපකරණ වලටද හානි පමුණුවා තිබේ.


සොබනාහන්දි ජයලත් නොහොත් කරන්දෙණිය සුද්දා හා සොබනාහන්දි සනත් නොහොත් රාජු යන දෙදෙනා කරණ්දෙණියේ දොස්තර ජයසිංහ ඝාතනය කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරන ලද හමුදා සෙබළුන් දෙදෙනෙකි.පසු කාලයකදී මොවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමෙන් පසුව ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අතරම සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයන්ද  සිදු කරන ලදී.ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයකු වූ පොඩි ලැසී සමග මනුෂ්‍ය ඝාතනයන් සිදු කරන ලද මෙම අපරාධකරුවන් දෙදෙනා පසුව ඩුබායි රාජ්‍යය වෙත පලා ගියෝය.මේ වන විට ඩුබායි රාජ්‍යයේ ⁣වාසය කරන මොවුන් අම්බලන්ගොඩ රත්ගම බලපිටිය කේන්ද්‍රීය කර ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටී.අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාද බටපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාද මේ පාතාල ක්‍රියාකාරිකයන් හා සමීප සම්බන්ධ කම් පවත්වන බවට රාජ්‍ය බුද්ධි සේවාවට තොරතුරු ලැබී තිබේ.

පොඩි ලැසී හා කරන්දෙණියේ සුද්දා යන දෙදෙනා ගාල්ල  බන්ධාගාරයේ රඳවා සිටින දින වල එහි බන්ධනාගාර අධිකාරිවරීවරයා ලෙස කටයුතු කළ ජගත් වීරසිංහ ගේ අවශ්‍යතාව මත ප්‍රධාන ජේලර්වරයකු වන තුෂාර ජයරත්න ඝාතනය කරන ලදී.ප්‍රධාන ජේලර් තුෂාර ජයරත්න විසින් බන්ධනාගාර අධිකාරීවරයාගේ දූෂිත ක්‍රියා කළාපය⁣ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම එම ඝාතනයට හේතුව විය.එම ඝාතනය සම්බන්ධයෙන් පැවැති පොලිස් පරීක්ෂණ වලදී බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ එම අපරාධය⁣ට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණද එවකට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු වූ වජිර අබේවර්ධන ගේ මැදිහත් වීමෙන් ඔහු පොලිස් අත් අඩංගුවට ගැනීම වැලකිනි.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අන්ත දූෂිතයකු ලෙස සැළකෙන ජගත් වීරසිංහ මේ වන විටත් විශ්‍රාම යන වයස ඉක්මවා ගොස් ඇතත් මේ වන විටත් නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් තනතුරේ සේවයේ නිරතව සිටී.ජගත් වීරසිංහ හා එකම පන්තියේ අධ්‍යාපනය හැදෑරූවන් වර්තමානයේදී විශ්‍රාම ගොස් අවුරුදු තුන හතරක් ඉක්මවා ඇතත් ⁣ඔහුට තවමත් රාජ්‍ය සේවයේ රැදී සිටීමට හැකි වී ඇත්තේ ව්‍යාජ උප්පැන්නයක් නිසා බව වාර්තා වේ.එසේම ජගත් වීරසිංහ බන්ධනාගාර සේවයට ඒමට විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කරමින් සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට රාජ්‍ය සේවයෙන් නෙරපා හරින ලද අයෙකි.නැවත කූඨ ලේඛන ඉදිරිපත් කරමින් බන්ධනාගාර සේවය⁣ට එක්වූ ජගත් වීරසිංහ ස්ත්‍රී දූෂණ සිද්ධියකට බන්ධනාගාර සේවයෙන් ඉවත් කර සිටියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේදී සජින් වාස් ගුණවර්ධනගේ  මැදිහත් වීමෙන් නැවත සේවයට එක්වී ඇත්තේ උසස්වීම් පවා ලබා ගනිමිනි.

මේ වන විටත් සොබනාහන්දි ජයලත් නොහොත් කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් හට ගාල්ල බන්ධනාගාරය තුළ හොරොයින් ජාවාරම් කිරීමට අවශ්‍ය රැකවරණය ලබා දෙන්නේ නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වරයා වන ජගත් වීරසිංහ බවද පැවසේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්