මාලිමාවේ කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරේ
අප ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා දැරූ වෙහෙස මහන්සිය දන්නේ අපේ ඇඟිලි තුඩුය.එදවස අපගේ වීරයන් වූයේ ජාතික ජන බලවේගයේ නායකයන්ය.ඔවුන් දේශපාලන වේදිකා තුළ ළවචනයෙන් නිර්මාණය කළ විනය ගරුක අදූෂිත මව් බිමක් පිළිබඳව අප සිහින මැව්වෙමු.රාජපක්ෂ වික්‍රමසිංහ හා සජිත් කල්ලි අපට වහ කදුරු විය.අප ඔවුන් ගේ කෙරුවාව ඉතා සාහසික ආකාරයෙන් විවේචනය කෙරුවෙමු. අපගේ විවේචනය තුළ ජාතික ජන බලවේගයට මඳ පමනින් හෝ ශක්තියක් ලැබුණ බවට අපට කිසිම සැකයක් නැත.බොහෝ අවස්ථා වලදී සජිත් ප්‍රේමදාස අප හා සම්බන්ධ වෙමින් අප ගෙන් ඉල්ලා සිටියේ දේශපාලනිකව සමගි ජන බලවේගය වෙත සහයෝගය දක්වන ලෙසය.එහෙත් අප මිත්රශීලීව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවෙමු.අප දිගින් දිගටම කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියෙමු.ඒ පෙනී සිටීම හුදෙක් පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කර ගැනීම පිණිස නොවේ.අපට අවශ්‍ය වුයේ මව්බිම නිවැරිදි දේශපාලන දිශානතියකට හැරෙනු දැක්මය.ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායකයන් ශක්තිය හා ධෛර්ය ඇතැයි අපි සිතුවෙමු.
ජාතික ජන බලවේගය බලයට පත් වී මේ වන විට දින 100 ඉක්මවා ගොසිනි.කන්න හාල් පොල් නැති බවට ජනතාව මැසිවිලි නගති.එහෙත් අපට ඇත්තේ බඩ ගින්න ගැන ප්‍රශ්ණයක් නොවේ.මේ වන විට ජාතික ජන බලවේගයේ නායකයන් පිළිබඳව ජනතාව තුළ ඇති වෙමින් තිබෙන්නේ දැඩි කළකිරීමකි.පිළිකුළකි .කණගාටුවකි.ඒ ඔවුන් ගේ උද්දච්ච දේශපාලනික ක්‍රියාකාරකම් නිසාය.අද දවස වන විට අන්තර්ජාලයේ බොහෝ ප්රකාශනයන් ජාතික ජන බලවෙිග ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව පෙනී යයි.මෙි ව්වේචනයන් ජාතික ජන බලවෙිගයේ නායකයන් තඹ දොයිතුවකට මායිම් කරන බවක් පෙනෙන්නට නැත.මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මෑතකදී ඉතා උද්දච්ච ආකාරයෙන් ප්‍රකාශ කෙරුවේ ආණ්ඩුව පිළිබඳව වන අන්තර්ජාල විවේචනයන් තමන් ගනන් නොගන්නා බවය.ජාතික ජන බලවේගය ආණ්ඩුවෙි අනෙකුත් නායකයන්ගේ හැසිරීම හා කියවීම නීතිඥ සුනිල් වටගල හා සමානය.කිසිදු වෙනසක් නැත.මේ සියලුම දෙනා දැන් ආණ්ඩුව කරන්නේ තමන් හරිය මතයේ සිටය.මහජනතාව ගේ දුක් ගැනවිලි වලට ඔවුන් කන් නොදෙති.අප වික්‍රමසිංහ ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ නින්දිත හැසිරීම ගැන දිගින් දිගටම විවෙිචනය කෙරුවෙමු.ඒ කාලයේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි තක්කඩි දූෂිතයන් අනාවරණය කෙරුවෙමු.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුව පිරිසිදු කරනු ඇතැයි අප මහත් බලාපොරොත්තු තබා ගෙන සිටියෙමු.එහෙත් දැන් පොලිස් දෙපාර්තමෙින්තුව තුළ වැඩ සිද්ධ වෙන්නේ වික්‍රමසිංහ ආණ්ඩුව කාලයටත් වඩා දූෂිත ආකාරයටය.අපට මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව පොලිස් දෙපාර්තමේන්තු වේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ගේ ස්ථාන මාරුවීම් සියල්ල සිද්ධ වන්නේ වික්‍රමසිංහ ආණ්ඩුවේ සිටි දේශපාලන ප්රබලයන්ගේ අවශ්‍යතාව අනුවය.එහිදී වජිර අබේවර්ධන සාගල රත්නායක ටිරාන් අලස් වැනි දේශපාලඥයන් පොලීසියේ ස්ථාන මාරුවීම් සදහා නිතර මැදිහත් වන බව අපට තොරතුරු ලැබී තිබේ.ඒ මැදිහත් වීම් සඳහා සාධාරණය ඉෂ්ඨ කරනු ලබන්නේ පොලිස් අමාත්‍යංශයේ උදේශකයෙක් ලෙස කටයුතු කරන විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති රණවීර බව නොරහසකි.සාගල රත්නායක ගේ අවශ්‍යතාව පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයසුන්දර මරදාන පොලිස් ස්ථානාධිපති වරයා ලෙසද ප්‍රධාන පොලිස් පරීක්ෂක රේනුක ගමගේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර සැළසුමි කර තිබේ.පොලිස් පරීක්ෂක නාලක ජයසුන්දර වාහන මංකොල්ලයක් සදහා බන්ධනාගාර ගත වූ අන්ත දූෂිතයකි.භාරත ලක්ෂ්මන් ඝාතනයට සම්බන්ධ දෙමටගොඩ චමින්ද ගෙන් ලක්ෂ තිහක් ලබා ගනිමින් ඔහු එම අපරාධ නඩුවේ විත්තිකරුවකු නොකිරීමට ගත් උත්සාහයක් අනාවරණය වීමෙන් පසුව නාලක ගමගේ විදේශ ගතව සිට නැවත ආපසු පැමිණ පොලීසියට සම්බන්ධ වූ අපරාධකරුවෙකිඑසේම වජිර අබේවර්ධනගේ ඉල්ලීම පරිදි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරයා ලෙස පත් කිරීමටද අපේක්ෂිතය.ජාතික ජන බලවේගයේ නායකයන් පොලීසියේ රාජකාරියට මැදිහත් නොවීමේ නපුංසක තීන්දුව නිසා රනිල් වික්‍රමසිංහ ගේ ගෝල බාලයන්ට කල්ල මරේ ලොතරැයියක් ඇදී තිබේ.අප දිගින් දිගටම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ රණවීරගේ තක්කඩි කෙරුවාව ගැන ලියා තිබේ.එහෙත් ඒවා ගැන ජාතික ජන බලවේගයේ නායකයන්ගේ ඇස් ඇරී නැත.89 භීෂණ සමයේ ජවිපෙ සහෝදරවරුන් සාහසික ආකාරයෙන් ඝාතනය කළ අළුගෝසුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර ගැන ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාටවත් පිළිකුලක් කණගාටුවක් හෝ හිරිකිතයක් නැති වීම ගැන අපට ඇති වන්නේ අමු ලැජ්ජාවකි.දේශපාලන රැස්වීම් වල නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා යැයි කවි ගායනා කළ ටිල්වින් සිල්වා උන්දෑට දැන් හොඳටම නින්ද ගිහිල්ලාය.මේ වාහෙලාට ඡන්දය දුන් අපි පව්කාරයන්ය.පසුගිය ජනාධිපති වරණයෙන් පසුව සිරස සාකාච්ඡාවකට සහභාගිවූ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා පපුවට අත ගසා පැවසුවේ ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු කඩ කරන්නේ නම් මිනිසුන් විය හැකි නොවන බවය.මේවා ඉතා අලංකාර වචන පමණක් බව දැන් අපි වටහා ගනිමින් සිටිමු.ජනපති අනුර කුමාර දිසානායක හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ කෙරුවාව බලන විට අපට දැන් වැටහී ඇත්තේ මේ සියළුම දෙනා මිනිසුන් නොවන අමු තක්කඩියන් පිරිසක් බවය.මේ තක්කඩියන් රැළට කිසිම ලැජ්ජාවක්ද නැත.මේ තක්කඩි රැළ තිරිසන් සතුන් ලෙස වාර්ගීකරණය කර හඳුන්වා දෙන්නට පවා බැරි තරමේය.ඒ තිරිසන් සතුන්ද මොහුන්ට වඩා වැදගත් නම්බුකාර බැවිනි.එසේත් නැත හොත් මේ තක්කඩි රැළ දන්නේ කයිවාරු ගහන්නට පමණි.එය වඩාත් තහවුරු වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිතයන් ජනපති අනුර කුමාර හා ඔහුගේ ඇමති මණ්ඩලය ගොනාට අන්දා ගෙන සිටින නිසාය.මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල වැනි දෙබිඩ්ඩකු හා සුනිල් වටගල වැනි නපුංසකයකු ගැන නමි අපට ලියන්නට නම් වචන නැත්තේය.
Comments
Post a Comment