සර්පයා මිතුරෙක්ද ආනන්දය
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කරවීම සදහා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ සහෝදරයෙකි.
ඔහු බොහෝ අවස්ථාවලදී අපටද උපදෙස් දුන්නේ රාජපක්ෂ පාදඩයන් විනාශ කළ මේ රට ගොඩ නැගීමට ඇති එකම අවස්ථාව ඇත්තේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තුළ බැවින් ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙසය.සැබැවින් ඔහු මෙන්ම අපද කොන්දේසි විරහිතව පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහාය.විශේෂයෙන් අප ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයා ගැන විශ්වාස කෙරුවෙමු.එහෙත් අපට දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගැන ඇත්තේ දැඩි කළකිරීමකි.අපගේ කළ කිරීම ජාතික ජන බලවේගයේ කෙරුමන් තඹ දොයිතුවකට මායිම් නොකරන බවද අපි දනිමු.එහෙත්ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කෙරුමන් ගැන අපට දුකක් කණගාටුවක් නැතත් මේ ආණ්ඩුව පිහිටුවීම සදහා දැඩි කැපවීමකින් කටයුතු කළ ජනතාව ගැන ඇති වන්නේ බරපතල වේදනාවකි.දැන් අපට අනුර කුමාර සහෝදරයා ගැන පවා සැකයක් මතුවෙමින් තිබේ.ඒ ඔහු වචන වලින් කැටයම් දමා බොරුවලින් තොරණක් ගසා ජනතාව මුලා කරන ලදැයි සිතෙන තරමේ සැකයකි.89 වර්ෂයේ මෙරට පැවැති භීෂණ සමයේදී සිය සහෝදරයා පැහැර ගෙන ගිය රාජ්‍ය මිල්ටෙරි හමුදා මිනීමරුවන් විසින් ඔහු වෙඩි තබා ඝාතනය කරද්දී තමන්ට ඒ වෙඩි හඬ ඇසුන බව අනුර සහෝදරයා ඇතැම් අවස්ථාවලදී දේශපාලන වේදිකාවල පැවැසුවේ අපගේ හදවත් දැඩි කම්පනයට පත් කරවන ශෝකී ස්වරයෙනි.එහෙත් අනුර සහෝදරයා ජනපති වීමෙන් පසුව බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු නිදහස් කරන ලෙසට නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත් වරයාට උපදෙස් දෙන ලදී.එහිදී අපද මාධ්‍යවේදී පෝද්දල ජයන්තද නීතිපතිවරයාගේ මේ අවලම් අශීලාචාර මැදිහත් වීම පිළිබඳව අනුර සහෝදරයා දැනුවත් කිරීමට බලවත් ප්‍රයත්නයක යෙදුනි.එහෙත් එහි අවසානයේදී අපට අනාවරණය වූයේ ජනපති අනුර සහෝදරයාගේ අනුමැතිය මත නීතිපතිවරයා ඒ අමානුෂික හා අනීතික මැදිහත් වීම කළ බවය.සිය සහෝදරයා රාජ්‍ය මිල්ටෙරි හමුදා අනීතිකව ඝාතනය කරන ලද බව ප්‍රකාශ කළ අනුර සහෝදරයා විශේෂ කාර්ය බලකායේ එම මිනිස් ඝාතකයා නිදහස් කිරීමට උපදෙස් දෙන ලද්දේ හෘද සාක්ෂියට එකඟවද නැද්ද යන්න තවමත් අපට පැහැදිලි නැත.මෑතකදී සිරස සටන වැඩ සටහනට සහභාගි වූ ජනපති අනුර කුමාර සහෝදරයා පැවැසුවේ තාජුඩීන් ඝාතනය හා සම්බන්ධ සාක්ෂි කරුවන් මේ වන විට මිය ගොස් ඇති බැවින් එම ඝාතනය හා සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඉතා අසීරු වී ඇති බවය.එහෙත් තාජුඩීන් ඝාතනය සම්බන්ධ වාහනය රිය අනතුරක් ලෙසට සාවද්‍ය තොරතුරක් වාර්තා කරන ලද පොලිස් නිළධාරියා වර්තමානයේ නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා බව ජනපති අනුර සහෝදරයා නොදැන සිටින්නට ඉඩ නැත.මේ නල්ල මලේ උපදේශකයාගේ පැටිකිරිය ඔහු නොදන්නේනම් පුදුම සහගතය.මේ වන විට ඔහු වජිර අබේවර්ධන හා සාගල රත්නායකගේ රෙකමදාරු මත දකුණු පලාතට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් පත් කිරීමට කටයුතු කරමින් සිටින බවටද අපට අනාවරණය වී තිබේ.මෙහි හොඳම විහිළු ස්වරූපය වන්නේ ජාතික ජන බලවේගයේ කෙරුමන් පොලිස් රාජකාරියට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක සිටින විට පොදු ජන පෙරමුනේ හා එජාප නායකයන් වෙනදා විදියටම පොලීසියේ රාජකාරියට මැදිහත් වෙමින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමය.කෙසේ වෙතත් අද දින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සිය මුහුණු පොත් ගිණුමේ ලියා තිබූ සඳහනක් අප විමතියට පත් කරවන්නක් විය.එහි සඳහන් වූයේ යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගන්නා විට මාංචු නොදමන ලෙසට නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවය.මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි වගකීමකින් හා විනයකින් මාධ්‍ය හසුරවන්නෙකි.ඒ නිසාම ඔහු ගේ වාර්තා කරණය අසත්‍ය නොවන බවට අපට දැඩි විශ්වාසයක් පවතී.යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගන්නා විට මාංචු නොදමන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාල කටයුතු කර තිබේ නම් ඉන් අනාවරණය වන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තක්කඩි කම මිස අන් යමක් නොවේ. පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ග්‍රහණයෙන් මිදී ඇතැයි අපට සිතන්නටද නොහැකිය.එසේ නම් ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් දැඩි කම්පනයට පත් කරවන ආකාරයෙන් සිදුවන මේ නොසන්ඩාල ක්‍රියාවලිය ගැන නැවත නැවතත් සිතන්නට අපට බල කර සිටී.අධිකරණ ඇමතිවරයා විසින් වැලිකඩ මනුෂ්‍ය ඝාතනය සිදු කළ සාහසික මිනිමරුවාට සම්මාන දී මාසයක් ගත වන්නට පෙර නීතිය හා සාමය ඇමතිවරයා සිය නින්දිත ස්වරූපය පෙන්වා දී තිබේ.මෙහිදී අපට ජනපති අනුර සහෝදරයා හට සිහිපත් කරන්නට ඇත්තේ ඔහු විසින් සිරස වැඩ සටහනකදී සිදු කළ ප්‍රකාශයකි."......ඇත්තටම අප කෙරෙහි මේ ජනතාවතැබූ මේ විශ්වාසය අප විසින් බිඳ දමනවා නම් අප මිනිසුන් විය නොහැකියි.." යන්න ඒ ප්‍රකාශයයි.ජනපති අනුර සහෝදරයා මේ ප්‍රකාශය කෙරුවේ සිය සුරත හදවත මත තබා ගෙනය.නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාල වැන්නන් ගේ මේ දෙබිඩි කෙරුවාව තුළ තවමත් ඒ ප්‍රකාශය තවදුරටත් වලංගුද යන්න අප ජනපති අනුර සහෝදරයාගෙන් අසන්නටද කැමතිය
Comments
Post a Comment