යෝෂිතගේ මිනීමරු බල්ලාත් උසාවියට ඇවිත්
හිටපු ජනපති මිල්ටරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර සිටි විරෝධතාකරුවන්ට එරෙහිව 2022 මැයි මස 09 වන දින ප්‍රහාරය පිළිබඳව අපට නැවත සිහිපත් කිරීමට සිදු වී තිබේ.ඒ පසුගිය දින මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගන්නා ලද යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරිය දින අළුත්කඩේ අධිකරණයේ දොරටුව අසල දැක ගත හැකි වූ සිදුවීමක් නිසාය.එම අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ පිළිගැනීමට පැමිණ සිටිය වුන් අතර මැයි 09 ගාලු මුවදොර ප්‍රහාරයට පැමිණි අය අතර සිටි අරාබි වසන්ත නැමැති මැරයාද සිටියේය.මිරිහාන පිහිටි මිල්ටෙරි නන්දසේනගේ නිවස සමීපයේ පැවැති විරෝධතාව මර්ධනය සදහා සෙබළුන් ගෙන ආ බස් රථ ගිණි තැබීමට සම්බන්ධ වූයේද මේ මැරයාය.
මැයි 09 ගාලු මුවදොර ප්‍රහාරය අහඹු සිදුවීමක් ලෙස වාර්තා වුවද එය සිදුවූ දින සිටම අපගේ ස්ථාවරය වූයේ මේ ප්‍රහාරය කුමන්ත්‍රණකාරීව සැළසුම් සහගතව සිදු කළ ප්‍රහාරයක් බවය.මේ මෙලෙච්ඡ ප්‍රහාරයේ සැළසුම් කරුවා වූයේ එවකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන ලද යෝෂිත රාජපක්ෂ විය.
ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ යෝෂිත රාජපක්ෂ හා කණ්ඩායම එම ප්‍රහාරය සැළසුම් කරන ලද්දේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,හමුදා බුද්ධි අංශයේ නිළධාරීන් කිහිප දෙනෙකු හා පිට ප්‍රදේශවල ප්‍රාදේශීය සභාවන්හී පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැර පාාදඩකම් සඳහා ප්‍රසිද්ධ සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් සමගය.එහිදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර ආදී මැරයන්ට අරගල කරුවන්ට පහර දීම සදහා විශේෂ රාජකාරි පැවරුණි.ඒ යකඩ බට ලී පොලු ගෙන ඒම සදහාය.මත්ද්‍රව්‍ය සැපයීමද සංවිධානය කෙරිණි.
ඊට පසු දින අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන පාන්ෂිකයන් රැගෙන එන වාහන වල හා බස් රථවල අංක අරලිය ගහ මන්දිරයට ලබා ගනිමින් තිබුණි.ඒ තුළද ඉදිරි අදහසක් පැවතුණි.විරෝධතා කරුවන්ට පහර දීමෙන් පසුව ආපසු යන බස් රථවලට හා වාහන වලට පහර දීමටත් තෝරාගන්නා ලද මන්ත්‍රීවරුන්ගේ නිවාස කිහිපයක් ගිණි තැබීමටත් සැළසුම් කෙරිණි.එදින පැමිණෙන බස් රථවල අංක ලබා ගන්නා ලද්දේ එම ප්‍රහාරය දියත් කිරීම සදහාය.ගාලු මුවදොර ප්‍රහාරය ඇරඹීමත් සමගම පාක්ෂිකයන් පැමිණි බස් රථ වල අංක අන්තර්ජාලයට මුදා හැරුණේ පෙර කී සැලසුමටය.
ගාලු මුවදොර ප්‍රහාරයේදී නොසිතූ ආකාරයෙන් ප්‍රති ප්‍රහාර එල්ල වීමත් සමගම සැළසුම්රුවන් කැළඹීමට පත්ව සිටියහ.එහෙත් ඒ වන විටත් බස් රථවල පැමිණි පාක්ෂිකයන්ට පහර දීමට හා නිවාස ගිණි තැබීමට යෙදවූ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ස්ථානගත වී හමාරය.
එහෙත් සැළසුමට අනුව එම බුද්ධි අංශ සාමාජිකයන් අදාල කාර්යයන් සිදු කළ යුුතුව තිබූ නමුත් පොදු ජනතාව ගේ කැළඹීම තුළ ඔවුන්ට ඉතිරිව තිබුණේ තමන්ට පැවරූ කාර්යය සඳහා මහජනතාව පෙළඹවීම පමණය.සෑම සිදු වීමක් හැසිරවීම සදහා බුද්ධි අංශවල රහස් යාන්ත්‍රණය ක්‍රියාත්මකව තිබුණි.
ගාලු මුවදොර පුහාරය සඳහා ඉදිරි පෙළ වගකීම පැවරුණේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර ,අරාබි වසන්ත ආදී පොදු ජන පෙරමුණ තුළ මුද්‍රාගත මැරයන්ටය.
මේ ප්‍රහාරයන් සියල්ලේ ප්‍රධානියා වූයේ යෝෂිත රාජපක්ෂය.ගාලු මුව දොර ප්‍රහාරයෙන් පසුව පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් රැගෙන ආපසු යන බස් රථවලට පහරදීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේදී පාක්ෂිකයන්ට යම් අනතුරක් සිදු වන්නට හැකි අවදානම ගැන යෝෂිත රාජපක්ෂගෙන් එහි සිටි පොලිස් ඡ්‍යෙෂ්ඨයකු ප්‍රශ්ණ කරන ලදී.එහිදී ඔහුගේ පිළිතුරු වූයේ අනේ ඔය හිඟන්නො එකෙක් දෙන්නෙක්ගෙ අත පය කැඩුවාම මොකෝ යන්නය.රාජපක්ෂලා
ගේ තිරිසන් හෘද සාක්ෂිය එහෙමය.
දැන් අරාබි වසන්ත වැනි මෙලේඡයන් හැසිර වූ හාම්පුතා කවරෙක්ද යන්න සමාජයට හොඳ හැටි නිරාවරණය වී හමාරය.එහෙත් මේ කතාවේ හොඳම හරිය මේ සියල්ල නොවේ.මැයි 09 ගාලු මුව දොර ප්‍රහාරය සදහා සියල්ල සැළසුම් කරන ලද යෝෂිත රාජපක්ෂ එදින පාන්දර සිය බිරිඳ සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.ඒ තමුන් මේ ප්‍රහාරය ගැන හාංකාවිසියක් තරමේ නොදන්නා බව සමාජයට ඇඟවීමටය.රාජපක්ෂ පුත්‍රයන් සියලු මදාවිකම් කර මං සුදනා වෙන්නේ ඒ විදියටය.
මේ සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝෂිත රාජපක්ෂට උදව් උපකාර කළ හමුදා බුද්ධි අංශ ඡ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු දැන් මාලිමා කුසලනයේ හැඩයට රූපාන්තරණය වී තිබේ.ඔවුන් දැන් පාදයේ මාපැටගිල්ලේ සිට හිස් මුදුන දක්වා අනුර හිතේෂීන්ය.එහෙත් තවමත් ඔවුන්ගේ සිත තුළ ඇත්තේ යෝෂිත බබා ,නාමල් බබා හා චිචී බබා ආරක්ෂා කර ගන්නා වැඩ පිළිවෙළ බව අපි දනිමු.අනුරට හොඳ මූණ පෙන්වා ඒ වැඩේ ගොඩ දා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
Comments
Post a Comment