ඇමති සුනිල් වටගලගේ ඇස් කන් නාසා කුරෝළු වෙලාද අප්පා

 


අද (14) දින රාත්‍රී සිරස සටන වැඩ සටහනට සහභාගි වී සිටියේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගලය.නියෝජ්‍ය ඇමති වටගල කයිවාරුව නම් අඩුවක් නැති බව එහිදී පැවසූ සෑම කාරණයකින්ම තහවුරු විය.

අඩුම වශයෙන් මේ උන්දෑ ආණ්ඩුවේ පසුබෑමක් ඇති බව පිළිගන්නට කිසිසේත්ම කැමති නැති බව එහිදී පෙනෙන්නට තිබුණි.

ඒ කෙසේවෙතත් නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් අපට  මුළු ආණ්ඩුව ගැනම  අහන්නට ප්‍රශ්ණ නැත.අප මේ ප්‍රශ්ණය අහන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සිට පොලීසිය හසුරවන මහින්ද රාජපක්ෂ ගේ ඔඩොක්කු කුක්කකු පිළිබඳවය.මොහු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි බරපතල අපරාධකාරයෙකි.රාජපක්ෂ පවුල සිය දේශපාලන බලය අවභාවිතා කරමින් සිදු කරන ලද සාහසික මනුෂ්‍ය ඝාතන වසන් කිරීමට සෘජුව මැදිහත් වූ දාමරිකයෙකි.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා ලෙස පත් කර ගෙන සිටින මේ දාමරිකයා මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදු කර ඇති මැදිහත් වීම් නිසා එහි සිඳුවී ඇති පරිපාලනමය අර්බුදය සුළු පටු නොවේ.⁣රාජපක්ෂ කුක්කන් හට තව දුරටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ බලආධිපත්‍ය තහවුරු වන ආකාරයට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු කරමින් තිබෙන්නේ මේ උපදේශකයාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගිය  ඩී.එල්.ආර්.රණවීර මේ උපදේශකයාය.මොහු මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සමග පොලිස් සේවාවේ නිරත වූ අයෙක් බව පැවසේ.ආනන්ද විජේපාල සිය අමාත්‍යංශයේ උපදේශකයා ලෙස මේ තක්කඩියා පත් කරගන්නේ ඒ පැරණි අඹ යාළු කම⁣ නිසාය.

නියෝජ්‍ය ඇමති වටගල මේ උපදේශකයා ගේ කැත පැටිකිරිය ගැන නොදන්නේ නම්
ඒ ගැන පුදුම විය යුතුද නැත.ඒ මන්ද යත්නියෝජ්‍ය ඇමති වටගල  ඇමති කමේ වැඩ බාර ගැනීමෙන් පසුව පාස්පෝට් කාර්යාල නිරීක්ෂණ චාරිකාවේදී ඔහු ගොනාට අන්දා පාස්පෝට් අසූවක් ලබා ගත් චීටින් කාරයෙකු ගැන වාර්තා වූ නිසාය.

වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා තාජුඩීන් ඝාතනය වසන් කිරීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ලැබූ සාහසිකයෙකි.දැන් අපට නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් අහන්නට තියෙන්නේ එකම ප්‍රශ්ණයකි.ඒ ⁣තාජුඩීන් ඝාතන පරීක්ෂණ වසන් කළ සාහසිකයෙක් ගෙන් ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගන්නා උපදෙස් මොනවාද යන්න පමණය.

ඇමති ආනන්ද විජේපාලට හා නියෝජ්‍ය ඇමති සුනිල් වටගලට ඇමති කම් ලැබු⁣ණේ දෙවියන් වහන්සේ ගේ ඕනෑ කම නිසා නොවේ.ඒ මෙරට පැවැති දූෂිත දේශපාලනය වෙනස් කිරීම සඳහා වූ ජනතාවගේ තුළ පැවැති දැඩි අවශ්‍යතාවය
නිසාය.එහෙත් ආනන්ද විජේපාල හා සුනිල් වටගල මේ වන විටත් ඔඩොක්කුවේ තියාගෙන නළවමින් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ සාහසිකයන්ය.ආනන්ද විජේපාලට මේ ගැන ගඳක් සුවඳක්  නොදැනෙන්නට බොහෝ ඉඩ කඩ තිබේ.එහෙත් ඔර්ජිනල් ජේවීපී කාරයෙක් වූ සුනිල් වටගලට මේ ගැන ලැජ්ජාවක් හිරිකිතයක් නැතිවීම ගැන පුදුම සහගතය.සැබැවින්ම මේ ප්‍රශ්ණය අධිකරණ ඇමති විසින් වැලිකඩ බන්ධනාගාරයේ මිනිස් ඝාතනයක් කළ මිනිස් ඝාතකයාට ඇගයීම් සම්මාන දීම හා සමානම සිද්ධියක් බවද සඳහන් කළ යුතුමය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්